Monday, July 1, 2019


******ලස්සන නවසීලන්තය -3********
අපි සිංගප්පුරුවේ දී නොමිලේ දෙන සිංගප්පුරු සංචාරයෙන් සිත් පුරවාගෙන සිංගප්පුරු ගුවන් යානයට ගොඩ උනේ උතුරු නවසිලන්තයේ ඕක්ලන්ඩ් බලා යාමටයි .අපි ගමන් ගන්නා ගුවන්පථය වැටි තිබුනේ සියට අසුවක් පමණ මහා සාගරය මතින් .ඔස්ට්‍රේලියාවට උඩින් යත්දී පමණක් ඒ මහාද්වීපය දැක්කා .සයුර මතින් ගිය ගමන කිසි රසයක් නැහැ .නසිලන්තය ආසන්න වෙත්ම ගුවන්යානය ක්‍රමයෙන් පහලට පැමිණීමත් අපි අපේක්ෂාවෙන් සිටි දිවයිනට ලඟා වීමත් නිසා අපිට ආසන්නයේ පෙනෙන්ටපටන් ගත් නවසීලන්තය "චිත්‍ර කොලයක දක්ෂ චිත්‍ර ශිල්පියෙක් අඳින ලද ලස්සන චිත්‍රයක්" වගේ කියලා මට හිතුනා.හරි පිළිවෙලක් ඇතිව ඉදිකර නගරයේ පාරවල් ලස්සනට කළු පාටට පෙනෙනවා .ක්රමානිකුල ව සටහන්කළ පාරවල් වල ඇති සුදු ඉරි ඒ චිත්‍රය වඩා විචිත්රවත් කලා .අපි දැන් ඉන්නේ ඕක්ලන්ඩ්ගුවන් තොටුපලෙයි .ගුවන්තොටුපල ද හරි පිරිසිදුයි .අවශ්‍ය පරික්ෂාකිරීම් කිරීමේදී එකවර පැමිණි ගුවන්යානා කිහිපයක් නිසා වැඩිවන අපේ පෝලිං වැටවල් වහා වෙනස් කර ඉංග්‍රීසි z අකුරු කීපයක් ඔවුන් හැදුවා .වහාම තව අතිරේක කවුන්ටර යක් දැම්මා .වැඩි අපහසුතාවකින් තොරව අපි ඉදිරියට ආවා .ඔව්න් වැඩිපුරම බලන්නේ පිටරට වලින් ඒ රටට ගෙනෙන අහාර ද්‍රව්‍ය (මස් ජාති ,ශාක කොටස් ,වැනි)ලෙඩරෝග විෂබීජ තිබියහැකි දේවල් ගැනයි .ඒවා ගෙනයාම තහනම් . එහි සිටි සුදු නෝනා මහත්මියක් මගෙන් ඇහැව්වා ,
"මොනවත් ඔබේ බෑගයේ ආහාර ද්‍රව්‍ය තියෙනවාද කරුණාකර කියන්න ."
"තියෙනවා නෝනා, තේකුඩු පැකට් හයක් සහ මාමයිට් බෝතලයක්"මම කිව්වා .
"ඔහ් සිලෝන් ටී! .රසවත් පානයක් -හොඳයි ඔබ දෙපලට යන්න පුළුවන් ."එතුමියට ස්තුතිකර අපි එලියට අවා .ලොකු අක්කාගේ මහත්තයා සිය මෝටර් රථයෙන් එහි පැමිණ සිටියා .අප දෙදෙනාව සාදරයෙන් පිළිගෙන බඩුමලු මෝටර් රියේ පටවාගෙන නන්දනී අක්කාගේ ගෙදර ට එනවා. .පාරවල් සහ පරිසරයේ පිරිසිදු කම ඉතාම ඉහළයි. අපේ කාර් එක වේගයෙන් ඉදිරියට යනවා .'ඔච්චර ලේසියෙන් බෑග් පරික්ශා නොකර කෙනෙක් නිදහස් කරන්නේ ඉතාම කලාතුරකින්'අයියා කිව්වා.අපි නිවසට ආවා .
ලස්සන ඉතා පිලිවෙලකට සැදූ තට්ටු දෙකේ නිවසේ සිට ලොකු අක්කා මැනිකෙවයි මාවයි පිළිගත්තේ පුන්චිඋන් දෙන්නෙක් පිලිගන්නවා වගෙයි .අහාර පානයෙන් සප්පායම්වී සෑහෙන විවේකයකින් පසුව මා ඉදිරියේ ඇති මේසය මත අර්ධ කඩදාසි (half sheets ) 30ක් පමණ අඩංගු ගොනුවක් නන්දනී අක්කා තැබුවා .
"ඔය තියෙන්නේ ඉදිරි සතිතුනේ අපේ ගමන් සැලැස්ම .ඔය තියෙන්නේ ඒ ඒ දිනවල අපි නතරවන නවාතැන් පොළවල් .ඒ හැම එකකටම සල්ලි බැඳලා තියෙන්නේ .සමහරවිට එක තැනකට රුපියල් ලක්ෂයක් විතර .ඒ නිසා අපි හරියට වෙලාවට ගමන පිටත් වෙන්න ඕනි ,"අපේ මේ සංචාරය ගැන අක්කයි අයියයි සැලසුම් කරලා තියෙන්නේ මාස ගන්නක සිට!.
"මල්ලිටයි නංගිටයි මේ දෙන්නේ රංජිත් අයියාගෙනුයි මගේ (නන්දනී අක්කාගෙ )නු යි දෙන තෑග්ගක් (gift එකක් )..හේතුව ඔයාලා විවාහවෙලා අවරුදු 17කට පස්සේ අම්මා මියයනතෙක්ම අම්මව බලාගත්තා .ඔයාලට හදලා දුන්න ගෙදර ට වෙලානිදහසේ නොයිද අම්ම සමග හිටියේ ඔයාලගේ හොඳම කාලය .ඒ නිසා තමයි අපිට හිත නිදහසේ පිටරටවල රස්සාවල් කරන්න ලැබුනේ ." මමත් මැණිකෙත් කිසිදා බලාපොරොත්තු නොවූ ඒ වචනටික කියත්දී අපි දෙන්න ඔවුන්ගේ දෙපා වැන්දේ ඉබේටම වගේ . 'දිට්ට දැම්ම වේදනීය පුණ්‍ය කර්මයක් ' මට හිතුනා .....
(
ඉතිරිය මීළඟ ලිපියෙන් ....)
******උපාලි සෙනෙවිරත්න ****ගාල්ලේ සිට ****2019-05-09*******

No comments:

Post a Comment