******ලස්සන
නවසීලන්තය -11******
අපි 'ඩන්එඩන්' සිට 'ක්වීන්ස් ටවුන්'
යන්න පිටත්වුනා
.මැණිකේ ඇහුවා අද අපි කොච්චර දුර යන්න ඕනිද කියලා .මගේ MAP එකේ තියෙනවිදිහට මම කිව්වා
"පැය 3යි මිනිත්තු 47 යි" .කියලා .
කොහොමද දුර කියපු හැටි....අපි පුන්ච්කාලේ අපේ
ගමේ ඉස්කෝලෙට ආව උපාදි ගුරු තුමියක් රියදුරුගෙන්
"අන්කල් කොච්චර
වෙලා යනවද ?"කියලා
ඇහුවාම ඔහුට යකා වැහුනා ."මේවා යකඩ ගොඩවල්නේ
නෝනා ;මම කොහොමද
දන්නේ කීයට යන්න වෙයිද කියලා ." කියමින් ඇය
ගේ ඇඟට ගොඩවුනා .හේතුව ඒ කාලේ ගමනක
තිබුන අවනිශ්චිත බව . අපේ පාරවල් වගේම වාහනද තිබුනේ ඉතා අබලන් තත්වයක .
දැන්නම් අපේ රටත් සාපෙක්ෂව හොඳයි .හැබැයි වෙසක් කාලෙට මහපාරේ අනිත් යට අවහිරකරමින්
ගමක් ගමක් ගානේ පෙන්වන වෙසක් සහ පොසොන්
පෙරහැරක් හෝ දැන් දැන් ලෝකෙට පෙනෙන්න
පාරවල් වස්සවාගෙන කරන කටින පින්කම් පෙරහැරක්
හමුවුනොත් ගමන ඉවරෙටම ඉවරය .
අපි
ක්වින්ස්ටවුන් ගමන යන්නෙමු .අතර මග ලස්සන පළතුරු
කඩයක් හමුවිය .කොහොමත් අලුත්
පළතුරු කෑමට කැමති රන්ජිත් අයියා මොටර්
රියකඩේ මිදුලට ගෙන නතරකළේය . එහි හොඳ
පලතුරු තිබුන අතර රහ ට සෑදු යෝගට් ද තිබිණ
.අක්කත් අයියත් යෝගට් එකක් කත්දී මම ත් මැණිකේත් ඒ කඩේ ටම අයත්වූ ඉතාම ලස්සන උද්‍යාන යට ගියෙමු . එහි තිබු
කලාත්මක ගැහැනු පිලිරුවක් අසල මැණිකේටත් ඒ අයුරින්ම වාඩිවන ලෙස කියා මම චායා රුපයක් ගත්තෙමි ."ඔයාගෙත්
එකක් ගමු." ඒ යෝජනාව මැණිකේ ගෙනි.
"හරි මම ඉන්නම්
අරයා වගේ .ඔයා පොටෝ එක ගන්න ."මම අසලවූ වෙනත් පිරිමි පිළිමයක් පෙන්වීමි .එහි තිබුනේ ග්‍රීක සාහිත්‍ය
යේ එන 'ලෝකය ඔසවාගෙන
සිටින' නිරුවත් වහල්
වීරයාගේ ප්‍රතිමාවයි . ඇය
තරමක්ලජ්ජාවෙන් මට පාරක් ගැසුවේය
.අලුත් පලතුරු ලබාගත් අපි ක්වීන්ස්ටවුන්
බලා රථය ධාවනය කර වීමු..
2018 -11-07 දින අපි
ක්වින්ස්ටවුන් වෙත අාවෙමු .මේ නගරයේ ඉතිහාසය 1860 දක්වා දිවෙනවා .එයට පෙර මව්රි වංශිකයෝ මෙහි
පදිංචි වී සිට්යා .බ්‍රිතාන්‍ය දේශාටක (Explorers ) 'විලියම් ගිල්බට් රීස් ' සහ 'නිකොලස් වොන්
තන්සෙල්මම්' යනදෙදෙනා මෙහි පැමිණ පදිංචි වෙනවා .රීස් විසින් එහි ගොවිපලක් ද ආරම්භ කරනවා .මේ අතරේ 1862 දී පමණ ඔවුන් Arrow
River නම් ඇලේ
කහපාට යම් ද්‍රව්‍යයක් දැක ඒවා පරික්ෂා කිරිමේදී ඒවා රත්‍රං කැබලි බව දකි
.අවට හොඳින් පිරික්සිමේදී එහි රත්තරන් නිදි යක් හමු වෙනවා . අනතුරුව ඔවුන් දෙදෙනා
ගොවිපල අතහැර රත්තරන් හැරිම ආරම්භ කරනවා .ඒ සඳහා අවශ්‍ය කම්කරු ශ්‍රමය
වහලුන් ලෙස ගෙනා මිනිසුන් ගෙන් ලබාගන්නවා ,ඒ මිනිසුන් අයිරිස් ජාතිකයන් ලෙසයි මුලාශ්‍ර වල තියෙන්නේ . .නමුත් අපි නැරබීමට ගිය Arrow Town හිදී දුටු විස්තර වලට
අනුව මට හිතුනේ ඔවුන් චීන ජාතිකයන් බවයි !
රන්ජිත් අයියා
සහ නන්දනී අක්ක සමහර අවස්තාවලදී අපිව යම්යම් දේ වල් බලන්න
යවන්නේ බලෙන් වගේ .ගමන් විඩාවත්
අක්කලා වෙන මහන්සියත් දැකලා සමහරවිට අපි මොටෙල් එකේ නතරවෙන්න හදනවා . ඒ වගේ වේලාවලදී අපිට අයියලා තදින්කියනවා මල්ලි මේක බලන්න යන්න ම ඕනි කියලා
.ඇත්තටම ගිහින් බැලුවම ඒ ක නොදක්කනම් ගමනේනේනුත් වැඩක් නැහැ වගේ .ලොකු අක්කාත්
මැණිකෙත් මමත් සවස හයට පමණ ක්වීන්ස් ටවුන්
වැව වටේ ඇවිදින්න ගියා .මේ දිනවල රාත්‍රී 7.30 ටත් අපේ රටේ සවස 4.00ට තියෙන ආලෝකය තියෙනවා
. හැබැයි කළුවර වෙන එකත් හිටි ගමන් ඉතා
වේගයෙන් වෙනවා .අපි ටිකක් දුර වැව
අයිනෙන්ම ගොස් ඉන් ඔබ්බේ ඇති වාහන යන පාරට
ගොඩවී රාත්‍රී කෑමට අවශ්‍ය පාන් ගත්තා .
දැන් නැවත වැව අයිනට බහින්න ගියාම අපේ
පිවිසුම් මාර්ගය හොයාගන්න බැරිවුණා .වැව වටේ සංවර්ධන වැඩ කෙරෙන නිසා බොහෝ තැන් කටු කම්බි ගසා වහල
.ශිග්‍රයෙන් කලුවරත් වුනා .මමනං ගානට භය
වෙලා .ගැහැණු දෙන්නෙක් සමග නොදන්නා රටක් රෑ
රාත්‍රී යේ ...ලොකු අක්කාටනම් ගානක්වත් නැහැ ,අපේ දුරකථන ඇමතුමට
අනුව එතනට කාරෙකෙන් ආ අයියා අපිව මොටෙල්
එකට එක්ක ගියා .
පසු දින අපි
ගියේ ඉහත
සඳහන් කල 'රත්රන්ආකාර' වල වැඩකළ වහලුන් වැනි මිනිසුන් රදවා සිටි ගම
බලන්න .එය Arrow Town නම් වෙනවා .තරමක
තද වැසි සහිත දිනයක්වූ එදින මැණිකෙයි මමයි ඒ නිවාස බලා හරියට දුක් වුනා .ඒ
අතින් අපේ නුවරඑළියේ කම්කරු ලයින් කාමර
දාහෙන් සම්පතක් කියලා හිතුනා. අඩි 4-5කටවඩා උස නොවූ
කපරාදුවක් වත් නැති නිකම් ගල් සහ මැටියෙන්
තැනු බිත්ති සහිත ඒ නිවාස තහඩු කෑලි
කීපයකින් හෙවිලිකර තිබුනා , ගෙය තුල උණුසුම් කිරීම සඳහා පෝරණුවක් අැති
අතර ඉන්දන ලෙස ගල්අගුරැ සීමිත ප්‍රමානයක් සපයා තිබෙනවා. හිම මිදෙන
ශීත රටක හරියට දොරක් ජනේලයක් නැති මේ
කාමරයක ඔවුන් ගේ ජීවිතය කොතරම් කටුක වන්නට ඇත්ද ? මම මැණිකේට
කිව්වා ඔයාට පුලුවන්නම් එදා චීන වහල් කාන්තාවක් ශීතලේ ගැහෙමින් රන් පතලක
වැඩකරලා මේ පැලට එන හැටි පෙන්වන්න කියලා
.එයා හරියටම ඒක කරලා පෙන්වද්දී මම ඒ අපුරු
සිතුවම මගේ කැමරා කාචයේ තැන්පත් කරගත්තා
.බලන්න ඇය දක්ෂ ද කියා .
මේ නිවාස
බැලීමට එදා ඉස්කෝල ළමයි පිරිසක් ද පැමිණ සිටියා.ඒ ඩන්ඊඩන්වල ඉස්කෝලෙකින් අටවසරේ
සිටි ඒ සුදු කොල්ලන්ට තිබුනේ අමුතු විසෙයක් .එතන සිටි විසේ වැඩිම කොල්ලා අර පාරේ
එකතුවී තිබුන වැහි වතුර වලකට බැහැගෙන හතර අතට වතුර විසිවෙන සේ පයින් ගහනවා .ඒ සර්
ලත් උන්ට ඕනහැටියට නටන්න ඉඩ දීලා ඉන්නවා .එකපාරක් ඔහු වතුරට දුන්න පා පහරින්
ඔවුන්ගේ ගුරුතුමාත් මාත් හොඳහැටි නැහැවී
ගියා .ළමුන් වෙනුවෙන් සර් මගෙන් සමාව ඉල්ලුවා .මම කිව්වා "කනගාටුවෙන්න එපා ,මාත් ගුරුවරයෙක් හැටියට ඉඳලා තියෙනවා
."කියලා එවිට ඔහු ඇසුවා අයි ඔබ දැන් ගුරුවරයෙක් නෙවෙයිද ?කියලා .මම කිව්ව ඔව් මම පසුව වෛද්‍ය විද්‍යාලයට ඇතුල්වී වෛද්‍යවරයෙක්
ලෙස විශ්‍රාම ගත් බව .පසුව අපි වෙනත් ස්ථානයක පැල්පතක් නරබද්දී අර පොඩිඑකා පැමිණ ."sorry sir " කියලා ගියා .මම ඔහුගේ ඔලුව අතගෑවා .ඒ දුෂ්කර
නිවාස භුමියේ දර්ශන පෙළ නරබන්න ...
උපාලි
සෙනෙවිරත්න ******ගාල්ලේ සිට *****2019-06-05
06
No comments:
Post a Comment