Monday, July 1, 2019


*********ලසස්න  නවසීලන්තය ---12*******
අපේ මීළඟ ස්ථානය දකුණු නවසීලන්තයේ බටහිර වෙරළේ Milford  Sound  ය. ක්වීන්ස් ටවුන් වලසිට 288 km
දුරින් පිහිටි එම ස්ථානයට යාමට පහසුකම්  සලසා ගැනීමට නම් මිල්ෆෝඩ් සවුන්ඩ් වල සිට 118 km  ළඟ පිහිටි Te Anau  "ටි අනුව් " නගරයට  යායුතු වෙනවා . මිල්ෆෝඩ් සවුන්ඩ් බලා යන සංචාරකයන් ට දෙන උපදෙස් මාලාවේ මෙසේ සඳහන් වෙනවා ."දුරින් 118 km  වුවත් මේ  ගමනාන්තය දක්වා ගමන් මග අනතුරු දායක එකක් .ඔබ ඒ සඳහා ඇති පළපුරුදු කුඩා බස් රථ  හෝ කෝච් රථ භාවිතා කරන්නේ නම් හොඳයි.ඔබේ ගමනාන්තය දක්වා තේ විවේකයක් ගැනීමට තබා  ඉන්දන පිටවුම් හලක් වත් හමුවන්නේ නැහැ .එබැවින් ඔබේ ම වාහනයේ යන්නේනම් එහි ටයර් හොඳ තත්වයේ තිබේ දැයි බලන්න .එන්ජිම සහ ඉන්දන ගැන සැළකිලිමත්  වන්න..කිලෝ මිටර් 118  යන ඔබට ඒ දුරම නැවත ඒමට ද ඇත !."  අපි ටි ඇනිව් වලට ගියෙමු .එහි දී ලොකුඅක්කා කිවෙව් මෙවැනි දෙයකි .
"හෙට මෙහෙ ඉඳලා මෙල්ෆෝඩ් යන්නේ ඔය දෙන්න විතරයි .එකට හොඳ "කෝච් 'එකක් එනවා .ඔයාලත් එක්ක විවිද රටවලින් ආ 20 දෙනෙක්  පමණ යනවා .අයියා ටයි මටයි හෙට මෙහෙ ඉඳන් කරන්න තියෙනවා ලොකු වැඩක් ."
හෙට ඔවුන් ගේ ලොකු වැඩ ය  මම දනිමි.අපි මීළඟට යායුතුව සිටියේ දකුණු නවසීලන්තයේ දකුනු කොනේ ම වූ "ඉන්වර් කාර්ගිල් "[INVERCARGILL ] නගරයටය .නමුත් අවාසනාවට මින් දින දෙකකට හෝ තුනකට පෙර එම ප්‍රදේශයේ ඇති වූ  ප්‍රභල භූමිකම්පාව ත් ඒ නිසා හටගත් සුනාමියත් නිසා එහි පාරවල් විනාශ වී ඇති අයුරුත් .සංචාරකයන් සමග වාහනයක් තරමක් දුරට ගසාගෙන ගොස් අහි අයුරු ප්‍රවුර්ති වලට  පෙන්විය .මෙනිසා අපේ ගමන් මග වෙනස් කරගත යුතුවිය නමුත් “ඉන්වර් කාගිල්” හෝටලයේ පරිපාලනය කියනුයේ  සුනාමිය ඇතිවී දින හතරක් ගතවී ඇති නිසාත් ,හෝටලය දක්වා පාර නැවත හදා ඇතිනිසාත් එම හෝටලයේ "බුකිං "දැන් අවලංගු කල නොහැකි බවයි.(ඔවුන් ට  පාරවල් යථා තත්වයට ගන්න ගතවු න කාල දින 4කි)  නමුත් අයියා තර්ක කලේ අපි එන්නේ ඔබේ හෝටලය බැලීමට නොවන බවත් ,අවට පරිසරය බැලීමට නොහැකි නිසා  බුකිං  අවලංගු කරන ලෙසත් ය .හෝටල් කළමනාකාරිත්වය  ඒ අදහස බැහැරකිරීමෙන් අක්කලාට සිදුවූ පාඩුව රුපියල් පනස් දහසක් (Rs 50,0000 ක්)පමණ විය .මේ අනුව ඉදිරි කාලය වෙනුවෙන් ගමන් මග අලුතින් සකස් කිරීමටත් ඒ නව  හෝටල් සඳහා මුදල් බැඳිම ටත් අක්කාට සහ අයිය ට හෙටදින වෙහෙසීමට සිදුවනු ඇත .(අපේ සංචාරය අපිට ලස්සනට පෙනුනට තිර පිටුපස නන්දනී අක්කාගේත් රංජිත්  අයියාගේත් භූමිකාව කෙලෙස දැයි සිතාගැනීම ඔබ ට භාර කරමි.)
නවසීලන්තයේ බටහිර වෙරළේ මේ තරම් ඇති විශේෂත්වය කුමක් ද ?ඇත්තෙන්ම මා සිතා සිටියේ සෑම රටකම  ලංකාව වගේ  පහත්  වෙරළ  තිරයක් සහ රට මැද ට වෙන්න කඳු පිහිටන බවකි.නමුත් නවසිලතයට කිසිවෙක් බටහිර වෙරල දෙසින් ඇතුළුවීමට උත්සහ කලේනම් එය සිහිනයක් පමණක්ම වනුඇත .එහි බටහිර මුහුද සීමාවන්නේ අඩි දහස් ගණනක් උස කඳු පද්දතිය කටය.ඒ පැත්තේ වෙරලක් නැත .අඩු ගන්නේ  හාවෙකුට උඳුපියලිය ටිකක් උලාකෑමට  තරම් වත් පස් පිඩක් ඇති වෙරළක්  එහි නැත.  මුහුදෙන් ගසන රළ  පද්දති කෙලින්ම පිළිගන්නේ මහ කඳු වල ගල් බිත්තියි . බටහිර වෙරළ රටට සමිබන්ද කරවන්නේ  කෙසේදැයි මුල්කාලයේදීද ඔවුන් කල්පනා කලෝය .1889 ජනවාරී 7 දා කඳු නගින්නන් මෙන්ම මිනින්දෝරුවන් දෙදෙනෙක් වූ William  Homer  සමග ජෝර්ජ් බාබර්  George babar  බටහිර මුහුද රටට සම්බන්ද කරගන්නා අයුරු යෝජනා කලෝය.(තමාගේ නමේ අක්ෂරවින්‍යාසය  පවා හිස රදයක් කරගත් අපිට සුද්දා ගෙන් ලබාගතහැකි තව වැදගත් දෙයක් නම් ,සුද්දා නම  යොදාගන්නේ ඔහුව හඳුණා ගැනීමටම  පමණි.එහි බර සාර අර්ථයක් හෝ විශේෂිත කුලයක් නැත  සමහර ක්‍රිකට් කණ්ඩායම්වල ටේලර් ලා බෝල ගසති .[ආතර් .සී .]ක්ලාක් විද්‍යා වේදී යෙකි .මෙහිකඳු  නගින මිනුම්දෝරුවා  බාබර් ය.) ඔවුන් ගේ යෝජනාව  වන්නේ උස කඳු අතර  සැන්දෑලය  sandle  වැනි කොටස භාවිතා කර උමගක් සදා බටහිර වෙරල රටහා යාකල හැකි බවයි .  මෙම යෝජනාව කාලයේ  වැලි තළාවෙන්  වැසි තිබුනද 1935දී නැවත J  .COCKBURM  විසින් මෙම අදහස ක්‍රියාවට නගන්න පටන් ගනී. .මෙය අප රටේ බුලතා වැවක් හැදුව වැනි විශ්මිත ක්‍රියාවකි .මේ මහතා ඒ රටේ රාජ්‍ය වැඩ දෙපාර්තමේන්තුව (P W D) මගින්දුන් මිනිසුන් 4ක් (ඔහුත් සමග 5ස දෙනෙක් ) එක්වී ගල්කන්ද හැරීමට පටන්ගනී .මේ දුෂ්කර පරිසරයට තදින් හිම පතිත වන අතර වසරේ මාස 8කම ප්‍රමාණවත් සුර්ය රශ්මියක් නොලැබේ .එම අතිවිශාල කාර්යය 1935දී ඇරඹෙන අතර ඔවුන්ට එම කාර්ය කිරීමට ලබුඑ උපකරණ 3ක්පමනි.යවුල (PICKS ) විල්බරෝව සහ වතුර පොම්පයක්  පමණි .වරින් වර අයිස් කඳු කඩාවැටීම  නිසා කම්කරුවන් දෙදෙනෙක් මියයාම නිසාත්  දෙවන ලෝකයුද්ධය හෙතුවනුත් ඔවුන්ට බාධා ඇතිවෙනවා .මුලසිටම මිනිසුන් 5දෙනෙක් මෙහි උනන්දුවෙන් වැඩ කරන අතර අංසක 10ක බෑ වුමට හදාගෙන යන මෙහි ඝනවූ  අයිස් ශීග්‍රයෙන් ජලය බවට හැරෙන නිසාත්  පිටින් ද වතුර ඇතුලට දොරේ ගලනවා .එහිදී ජල මෝටරය  භාවිතාකරමින් පැයට ජලය  ලීටර් 40,000ක්  බැගින් එලියට පොම්පකරන්නත් සිදුවෙනවා .අනේකවිද  මේ  දුෂ්කරක්රියාවක් කර සැදු මේ උමග දිගින් කිලෝමීටර් එකයි මීටර් දෙසීයක් (1.2 km )වෙනවා . අදටත් ඒහි පොළොවට අතුරා ඇත්ත ග්‍රරවල් හෙවත් කළුගල්.1953දී  විවුර්ත කරන උමග වසර 100කට පෙර 1838 දී උපන් මේ අදහස ඉදිරිපත්කල විලියම් හෝමර්  සිහිවීම සඳහා  හෝමර් ටනල් ලෙස නම්වෙනවා .
නොවැම්බර්-09- 2018 උදෑසනම අපි දෙදෙනා රැගෙන යාමට අලුත් ලස්සන රතුපාට මෝටර් කොච් රියක් පැමිණියේය .එහි සිටි සියලු දෙනා16 දෙනෙක් පමණ විය.තරුණ ලස්සන සුදු ජාතික කාන්තාව වාහනයේ අයිතිකාරිය මෙන්ම රියදුරු  ද විය .ඇය ගමනේ විස්තර  කියනා තර ඕනෑම ප්‍රශ්නයක් ඕනෑම වෙලාවකට  අසන්න  අවසර ද දුන්නාය.  ඉයර් පොනය්ක්  සහ කට අාසන්නයට කල ස්පීකරයක් හිසේ පැළඳගත් ඇය  මෝටර් කොච්  එක ධාවනය කිරීමට පෙර කිව්වේ ' මම ඔබට නොමිළේ සබ්මැරින්  දර්ශනයක් ද දෙනවා !'   කියාය. මගේ  සතුට ඉහවහා ගියේ සජිවී සබ්මැරින්  දර්ශනයක ආශ්චර්ය ලබාගනු රිසියෙනි .කෝකටත් එළිය  පෙනෙන ජනේලයක් ළඟ අසුන් ගතයුතුය .උර බෑග යේ තිබුන කැමරාවද  ඉනපටියේ එල්ල ගතිමි .මගේ සබ්මැරින් සිහින අතරේ  රම්බොඩ පාස් වැනි ගිරි දුර්ග සහ  හිමකඳුඅතරින් තරුණ සුන්දර කාන්තාව දක්ෂ ලෙස අපේ වාහනය ධාවනය කරවන්නීය .මා ඉහත විස්තර කල "හෝමර් " උමගයේ නැගෙනහිර කට අසල ඇති වාහන නැවතුමට පැමිණ සිටියෙමු.එතැනදී එන වාහන පිළිගන්න අමුත්තෙක් සිටී .ඒ තරමක උකුස්සෙකි. ඌ  වාහන අසලටම පැමිණෙයි .අපෙන් දෙන ආහාරයක් අපි අසලටම විත් ලබාගනී .කන්නට දෙයක් නැතිනම් වාහනයේ පැති කන්නාඩියට කොටමින් හෝ රබර් බීඩින් පටි හපමින් සිටියි . ඒක වරකට ඒක පැත්තකට පමනක් වාහන යාහැකි  හෝමර්  උමග  නවසීලන්තයේ බටහිර ඉමේ පිහිටි කඳු වැටිය තුලින් බටහිර දෙසට ගමන් කොට මුහුද  පැත්තේ ඇති ඉතා සීමිත අක්කර දෙතුන්දහසක වෙරළට විවුර්ත වෙයි . බටහිර බෑවුම මට දැනුනේ නුවරඑළියේ රම්බොඩ පාස් හෝ ගිනිගත්හේන හැටන් මාර්ගය වැනි හැඟීමකි .අපි "මිල්ෆොර්ඩ් සෞන්ඩ්" මුහුද අද්දරට  පැමිණ සිටියෙමු.එය වරායක් යෑයි කිව නොහැක .අපි දැන් යන්නේ මුහුදු ගමනකටය .ඒ කුඩා නැවට /යෝට් එකට නගින්නට සාදා ඇති 'ජැටිය ' ද මුහුදේ  පාවෙන බෝට්ටු එක්කර එයමත සැදූ  අංගනයකි .එහිදී "සබ්මැරින් බලන්න යන අය  එන්න ."කෙනෙක් කිවේය .මැණිකේ කෝ සබ්මැරින් එකක්  නැහැ නේ ?"මම කීවෙමි.මැනිකේද මම ද මෙයට පෙර සබ්මරිනයකට ගොඩවී ඇත්තෙමි .ඒ අමෙරිකාවේ චිකාගෝ කව්තුකාගාරයේ දී හිට්ලර් විසින් සාදන ලද 505 නම් ලොවට නිරාවරණය කල පළමු සබ්මරිනයයි.(මගේ ඇමෙරිකාවට ගියෙමි ලිපිවල එහි විස්තර අඩංගුවිය )  එහි නම් ජනෙල නොතිබුණි .  කෙසේ හෝ වේවා  ඔවුන් ඒ පාවෙන ජැටියේ ම ආවරනයකරන ලද කාමරයක් වැනි තැන ක දොරක් ඇර  අපිව අතුල්කරත්දී "මේකද දන්නැහැ මුන්ගේ සබ්මැරීනය ?" මැණිකේ කීවාය '

මේ අසරණ මෝඩයාට  අනුකම්පා කරත්වා ! සත්‍ය එයම විය .එහි ඇත්තේ විදුරු වලින් නිමවනලද එලිය පෙනෙන විශාල චිමිනියක් වැනි කාමරයකි .එහි විදුරුබිත්තිය ආසන්නයෙන් සර්පිලාකාරව සැ දු පඩිපෙලක් දිගේ අපි පහලට බසින්නෙමු.අපි බසින ගැඹුර මීටර් වලින් ලකුණුකර තිබිණ .ඒ ඒ ස්තරවල හැසිරෙන මාළුවන් , කකුළුවන්,දියයට ඇති ගල්කුළු ,ඒවායේ බැඳුනු පෙඳ පාසි  අවසානයේ මුහුදේ අඩුවෙන් හිරුඑළිය    ලැබෙන පරිසර පද්ධති ද අවසානයේ අඩි 50ක් පමණ යටදී  පිහිටිගලද  බලාගත හැක .අපේ මීළඟ මුහුදු සවාරියට අදාළ  බෝට්ටුව  එනතෙක්  අපි ජැටියට  වී සිටියෙමු .sub යනු  යට ය ,මැරීන්  යනු මුහුදයි .මුහුදෙන්යට ඇති සියල්ල සබ් මැරීන් නම්වේ ,නැවත කියමි මෝඩයාට අනුකම්පා කල මැනව ......

*********උපාලි සෙනෙවිරත්න****** ගාල්ලේ සිට . 2019-06-08********  

ඒ් ලස්සන චාරිකාව ඊලග ළිපියෙන්.........
******උපාලි සෙනෙවිරත්න  ගාල්ලේ සිට*******2019-06-08

No comments:

Post a Comment