Thursday, January 3, 2019


**************සරසවිය  බුද්ධිමතුන් ගේ   තෝතැන්නක් ද ?*******
පසුගියදා  පේරාදෙණිය  සරසවියේ  සිසුන් පිරිසක් පහරදී රටක් වටිනා අහිංසක වෛද්‍ය වරයෙක්  රෝගීකල පුවතක් ගැන පලවිය .ඔහු කල එකම  වරද වන්නේ  සරසවිය මැදින් වැටි ඇති  මහාමාර්ග  දෙපාර්තමේන්තුවට  අයත් පාරේ  තම වාහනය  නතරකර  දුරකථන ඇමතුමක් ගැනීමය . මේ විශ්වවිද්‍යාල  සිසුන්ගේ  හැසිරීම් රටාවේ  එක පැතිකඩකි .මේගැන  මා 2016 දී ලියු ලිපියක්  මේ සමග  නැවත පල කරමි .කියවන්න .සිතන්න .
පේරාදෙණියට  ගියෙමි .-1
1987  වර්ෂය  ආරම්භයත්  සමග අපිට  ලැබුන ලියුමට  අනුව පේරාදෙණිය  වෛද්‍ය පිඨයටවාර්තා  කළෙමු .රටේ  නන්දෙසින්  පැමිණසිටි  නාදුනන  මිතුරන්  අතරේ මුසුවී සිටි අපි නවකවදයට  මුහුණ දුන්නෙමු .එයට  වසර තුනකට  පෙර  තරඟ විභාගයකින්  ගුරු පත්වීම්  ලබා  මහනුවර කිංග්ස්වුඩ්  විදුහලේ පුර්වසේවා  ගුරුපුහුනුවට  අපසමග  සහභාගිවූ උදිත  අපේ  ජේෂ්ඨ  කණඩායමේ  සිටින  බව  කාරියවසම්  මට පෙන්විය .අපිව හඳුනාගත්  පසුව  උදිත  අපිට හොඳින්  උපකාරකළේය . සහකාර වෛද්‍ය  පාඨමාලාවට  මා තේරී ඇතිබව  දැනගත්  මගේ නුවරඑලිය   ගාමිණි පාසැල් මෑණියන්ගේ උදාර දරුවන්වූ  වෛද්‍ය ශිෂ්‍යය  නවාස් ජිෆ්රි තම මල්ලි වූ නිලාම්  ව ඒවා තිබුනේ  හචිසන් ගේ ක්ලිනිකල් මෙතර්ඩ්ස්පොත ද සමගය  .වෛද්‍ය  විද්‍යාලයේ  අවසන් වසරේ සිටි  මා මිත්ත්‍ර කමල් මාව ඔහුගේ  අරුනාචලම්  ශාලාවේ සිය  කාමරයට   කැඳවාගෙන  යනලදී .  එහිම  යට තට්ටුවේ සිටි  මහින්ද ප්‍රේමරත්න ව  කැඳවා ඔ හු ට  මාව  පෙන්වන ලදී .එම ශාලාවේ සිසුන් සහ ඔහුගේ බැචා ලා   මහින්ද හඳුවන ලද්දේ ලෝකයාකියාය .ඔහු එදා මා දැක  උපරිමයෙන්  ම සතුටු විය .කෙසේ වෙතත් අපේ  පාසැලේ සිටි එම මිතුරන් ගෙන් ලද උපකාර මගේ හිතට ගෙනදුන්නේ ලොකු ගර්වයකි .එතැන් සිට පටන්ගන්නා අපේ උසස් අධ්‍යාපනයේ රස රස තැන් පොතකට  ලියන්න බැරිතරම්  වුනත්  එහි වැදගත්  තැන් පමණක් සටහන්  කරමි .
    දිනක් දවල් කෑම පැයේදී අරුනාචාලම්   ශාලාවේ මිදුලේ  සල්ලාපයේ  වෙදෙමින් මමත්, ලෝකයාත්, ඔහුගේ බැචාලා වූ ,සුරයා සහ  ජෝජා ද සමග සිටියෙමු . ජංගම දුරකථන  නොතිබුන ඒ යුගයේ ව්ශ්ව විද්‍යාල ශාලා සියල්ල සම්බන්ධ කල  අභ්‍යන්තර දුරකථන  පද්ධතියක් විය .සම්පුර්ණයෙන්  නිදහස් ඒ  දුර කතන  වලින් ඔවුන්  පණිවුඩ හුවමාරු කරගන්නා  ලදී .මා මේ කියන දවසේ ද මේ දුරකථනය  ඔස්සේ හදිසි පණිවිඩයක්  ආවේය.ඉන්  පැවසුවේ  ඔන්න  රාමනාදන් ශාලාව හරියේ ඇක්සිඩන්ට්  එකක් වෙලාලු .ආරංචිය  කනවැකුණු වහාම  අපි සිටිය ශාලාවේ කොල්ලන් අතට හසුවූ කොහුමිටවල්  ,පොලු ,ඉදල්මිටවල් ,අතට ගෙන  රාමනාදන් ශාලාව දෙසට දුවන්නට  විය .ඒ සමගම ජයතිලක ශාලාවේ  කොල්ලන්ද  මාරපොලු හෝ කඩාගෙන  සටන් බිම් සොයා   දුවන්නටවිය .මට   ඒ පිළබඳ ගැටළු කිහිපයක් ඇතිවිය . ඒවා  මම මගේ  මිතුරන් වුවද  දැන් ජෙෂ්ඨය න් ගෙන්  මෙසේ විමසුවෙමි .[පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ  විශාල භුමි භාගය තුලින් වැටි ඇති මහාමාර්ග කිහිපයක්ම  ඇත .ගලහා හන්දියේසිට ගලහා දෙසට යන පාර කිලෝමීටර් ගනනාවක්ම යන්නේ  විශ්වවිද්ද්යාලයේ භුමිය  හරහාය .ඒනිසා මේ අනතුර අනිවාර්යවෙන්ම  සිදුවී ඇත්තේ  මහාමාර්ගයක ය .එබැවින් ;]
 මචං දැන් ඔය  පොලු කඩාගෙන දුවන අය  කොහොමද ඔය  ප්‍රස්නේ විසදන්න යන්නේ ? ඇයි පොලු ගෙනියන්නේ ? ඔවුන්  ගහනවානම්  කාටද ගහන්නේ ?’ ඒ ප්‍රශ්නය යි .ජෝජාට නම්  මළ පැන්නේය .මේ  උඹ තාම ෆ්රෙශෙක්( අලුත් එකෙක් ). කියා නොරුස්සනා  ගතියෙන් ශාලාවට ගියේය .මහින්ද සහ සුරයා මෙසේ පැවසිය .
මචං ,අපි තාම  කවදාවත්  වලිවලට  ගිහිං නැහැ .පොඩ්ඩක්  හිටපං. අපි ඔය යන එකෙක් ගෙන්ම  අහමු.
ඔවුන්  කඩිමුඩියේ  දුවනවුන්  මොහොතහකට හෝ නතරකගැනීමට දැරූ උත්සාහය  අසාර්ථක විය .බොහෝ උත්සහයකින්  පසු පොළු දැරුවකුගෙන් ලෝකයා  පොඩ්ඩක් කථා කරන්න පුලුවන් දැයි  ඇසුවිට  වෙලා නැහැ මචංකියාගෙනම  ඔහුද  දුවගෙන ගියේය .අවසානයේ පොලු ධාරී මිතුරෙක් කෙසේ හෝ  කතාවට අල්ලාගතිමු . අපි ඇසුවේ දැන් පොලු අරන්යන  නුඹලා එතැනට ගිහින් කරන්නේ  මොනවද කියා ය .ඔහු දුන් පිළිතුර මෙසේය .
රිය අනතුරින් තුවාළ ලබා සිටිනවුන්  ඇත්නම්  අනිවාර්යයෙන්ම හමුවන පලවන වාහනයෙන්ම   රෝහලට යවනවා .ඒ වාහනේ කාගේද ? වාහනේ කාගේද ?එහි ඇති වටිනා කාපට්  වල ලේ-ගෑවෙයි ද කියන ප්‍රශ්න  අපිට නැහැ .ලෙඩ්ඩු යවනවා .
*ලොකු තුවාල  නැති සාමාන්‍ය අනතුරක්නම් , එහි එක පාර්ශ්වයක  පොලිසියට  සම්බන්ධ  කෙනෙක්නම්  ඔහු නිවැරදි කරුවෙක්  වුවත්  ඔහුට ගහනවා . 
* එක පාර්ශ්වයක  විශ්වවිද්‍යාල හෝ පාසැල්  ශිෂ්‍යයෙක්  ඉනවානම් අනිත් පාර්ශ්වය අනිවාර්යයෙන්ම  ගුටි කනවා .
*පාපැදියක  කාර් එකක්  නම්  හැප්පුනේ ,අනිවාර්යයෙන්ම  කාර් හිමිකරු ගුටි කනවා .ඔහු ලැයිස්තුවක්  කිවේය .හොඳයි ඔයා යනකොට ඔය සිද්ධියේ විස්තරයක්  දන්නේ නැත්නම්   ඔයා මොකද කරන්නේ ? මම විමසීමි .
මම  යනකොට  අපේ එවුන් ගහ ගහ  හිටිය එකාට  මමත් ගහනවා !කියාගෙනම ඔහුද   පොල්ලත් අමෝරාගෙන  අනතුර සොයා දිවගියේය .බුධිමතුන්  හැම දෙයකදිම  බුද්ධිමත් වන්නේ නැත .එමෙන්ම නුගතා  ද බුද්ධිමත්ව  වැඩකරන  අවස්ථා ද ඇත .බුධිමතුන් ව  වගාකරන  පැල  තවාන් බඳු විශ්වවිද්ද්යාල වලද  ක‍ටු පඳුරු ද  හැදී වැඩේ .

උපාලි සෙනෙවිරත්න******     ගාල්ලේ සිට  *****2016 -09 -28 “””””””””




**********හිත කියවීම *********
ගුණපාල ගැමියෙක් .ඔහු නිතර පන්සලට යන එනවා .ගමේ පන්සල  තියෙන්නේ  කැලෑව  අසළ කඳු ගැටයක් උඩ .දුෂ්කර ගමක් වූ එහි වැඩවාසය කරන ස්වාමින්වහන්සේ  නිතරම වඩින්නේ පාගමනින් .
ගුණපාල  වැඩපොලේදී නිතරකියන දෙයක් තමයි “අපේ හාමුදුරුවන්ට  ඕනි කෙනෙක් ගේ හිතේ තියෙනදේ  හරියටම කියන්න පුළුවන්” කියල .වැඩපොළේ  ලොක්කා නිතරම කියන්නේ “මොන පිස්සුද බං -ඔය උඹේම  කටිං අල්ලාගෙන කියන්නේ” කියලා .
හරි -අපි දවසක ගිහිල්ලාම බලමුකෝ දෙන්න කතාවුනා .හැබැයි ලොක්කා හිතාගත්තා  එයාගේ හිතේ තියෙන දේ හරියටම  හාමුදුරුවෝ කිව්වත් එක වැරදියි කියලා  ගුනපාලව  සවුත්තු කරන්න . ඕන මේ දෙන්න දවසක් ලැහැස්තිවෙලා කන්ද නැග ගෙන ගියා හාමුදුරුවෝ  හම්බවෙන්න. කරුමෙට  හාමුදුරුවෝ  ගමනක් ගිහිං .දානේ වෙලාවට පෙර කොහොමහරි ආපහු වඩියි නේ එතකන් ඉමු කියලා දෙන්න කතාවුනා .ඔය අතරේ ලොක්කා දැක්කා හාමුදුරුවන්ට  නාන්න තියෙන සිමෙන්තියෙන් බැඳඇති වතුර උතුරා යන ටැංකිය . “ගුණයෝ අපි නාමුද ?” ලොක්කා ඇහැව්වා .
“කමක් නැත්ද මහත්තයා ?අනික කෝ ඇඳුම් ?”කමක් නැහැ බං ;කොහොමත් අපතේ යන වතුරනේ .අපි දෙන්නම පිරිමිනේ ඇදුම් නැතුව ඔන්න ඔහේ නාමු !කියලා .ඔන්න  දැන් දෙන්නා  ඇඳුම් ගලවලා දාලා නනා ඉන්නකොට හාමුදුරුවෝ  වඩිනවා දැක්ක . ගුණපාල  පටස් ගාලා වතුර ටැංකිය  පස්සට වෙලා විළි වහගත්තා .ලොක්කා  ඒ ලඟම තිබූන පරණ බේසමකින්  ඉස්සරහ වහගෙන  ටැංකියට පස්ස හේත්තු කරගත්තා .හාමුදුරුවෝ ළඟටම ඇවිත් නතර වුනා .දෙන්නා දිහා හොදට බැලුවා .ගුනපාලව ඉතිං අඳුරනවානේ.
“මේ ගුණපාල උපාසක මහත්තයාගේ  යාලුවෙක් වෙන්ට ඇති .” ?හාමුදුරුවෝ ගුණපාල ගෙන් ඇහැව්වා
‘එහෙමයි’
“මොකද මාව හම්බුවෙන්න  ආවේ හිතේ තියෙන දේ  දැනගන්ට වෙන්ටැති”
එහෙමයි පුළුවන්නං කියන්ට  හාමුදුරුවනේ” මේපාර වැඩක් දෙන්නම  හිතාගෙන ලොක්කා  කිව්වා .
“මහත්තයා ඔය බේසමෙන් විළි වහගෙන හිටියට   හිතාගෙන ඉන්නේ   බේසමේ  පතුලක් තියෙනවා  කියලනේ ? ඕකේ පතුලක් නැහැ මහත්තයා.”එතකොටයි  ලොක්කා දැනගත්තේ  මිනිහගේ විළි වැහිලා නැති බව .කොහොම හරි ගුණපාල දිනුවා .
****උපාලි සෙනෙවිරත්න ****ගාල්ලේ සිට ****2018-09-13
 







Tuesday, January 1, 2019


*****කණ අස්සන *****
මට පහුගියදා  ජර්මනියේ ඉන්න  ගාමිනියේ ආදී සිසුවෙක් වූ සිරිමාන්න මල්ලි  ස්කයිප් ඒකෙන් හමුවුන වෙලාවේ ජොලියට වගේ  පොඩි කථාවක් කිව්වා .
   යුරෝපයේ එක්තරා රටක දුෂ්කර ප්‍රදේශයක එක  පල්ලියක් තිබුනා .එය පිහිටා තිබුනේ  රටවල් දෙකක් අතර මායිම් ගම්මානයක.ඒ පල්ලියේ සිටි  ගාන්ඨාරේ ගසන්නා විශ්‍රාම ගියා . පල්ලියේ පියතුමා  ඔහු වෙනුවට අලුතින් කෙනෙක්ව  බඳවා ගත්තා.මිනිහා හොඳයි, කඩිසරයි, අවංකයි . වෙලාවට වැඩ ත් කරා .මෙහෙම සති දෙකක් වැඩකලා .ඒ රටේ වැටුප් ගෙවන්නේ සති දෙකෙන් දෙකට .පියතුමා  ඔහුගේ නියමිත වේතනය  අඩුවක් නැතිවම  ඔහු අත තබා පඩි ලැයිස්තුව අත්සන් කරන්න දුන්නා .බැලින්නං මිනිහා අකුරු දන්නේ නැහැ .මේ යෝදයා  ගහන්නේ කණ අස්සන .පියතුමා  ඔහුට කරුණු පැහැදිලි කළා .
“මේක බොහොම වැදගත් ,උගත් ,මිනිස්සු එන තැනක් .ඔබ බොහොම හොඳ සේවකයෙක් .නමුත් නුගතෙක්.මට හරි කනගාටුයි .ඔබව රැකියාවෙන් ඉවත් කරනවා .මෙතන වාර තුනක පඩි තියෙනවා . වෙන රැකියාවක් හොයාගෙන  බිරිඳ සමග හොඳින් ජිවත් වෙන්න .”
හිස බිමට නවාගෙන ඔහු පල්ලියෙන් ඉවත්වුණා .ඔහුගේ දිරිමත් බිරිඳ කිව්වා ‘දුක්වෙන්න එපා ,අපි අල්ලපුරටෙන්  සිගරට් හොරෙන් ගෙනත් විකුණමු .එහෙ සිගරට් ලාබයි ලු .සීමාවෙ කම්බි වැටෙන් හොරෙන් එහා මෙහා රිංගන එක ඔයා කරන්න’.බිරිඳ ඔහුව දිරිමත් කළා .දැන් බිස්නස් එක නැගලා යනවා .ඔවුන්ට යම් තැන්පත් මුදලකුත් තියෙනවා .ටික දිනකදී ඒ රටේ සිගරට් ඒජන්ත මළා .ඔහු ගේ සාර්ථකත්වය නිසාම  ඔහුට ඒ රටේ සිගරට් ඒජන්ත කමත් මේ රටේ ව්‍යාපාර  කරන්න  ලැයිසන් ඒකත් ලැබුනා .ඔහු දැන් කෝටිපතියෙක් .අර මුලින්ම ගාන්ඨාරේ ගහපු පල්ලිය ආසන්නයේම ඔහු ළදර පාසලක හදලා ගමේ ජනතාවට පරිත්‍යාග  කරපු දවසේ ඒ ලියකියවිලි වලට කණඅස්සන තබනු බලාසිටි මාධ්‍ය වේදියෙක් ඇහැව්වා අස්සන ගහන්න බැරි ඔබතුමා ගේ දියුණුව  මට පුදුමයි .ඔබතුමාට හරියට ලියන්න කියන්න පුළුවන් වූනා නම් අද කොහේ ඉඳියිද ?කියා .එවිට ඔහු කිව්වේ ;
“ඒ කියන්නේ  මට  අස්සන ගහන්න පුළුවන් වෙයි කියන එක නේ ? -එහනම් මම තාම පල්ලියේ ගාන්ඨාරේ ගහනවා .”
*****උපාලි සෙනෙවිරත්න ***ගාල්ලේ සිට ***2018-10-15 **




බැරගම  රෝහලට ආ දත් දොස්තර
බැරගම  ග්‍රාමීය  රෝහලට  මට  එන්න වුනේ  ත්‍රිකුණාමල ය  සිටයි .මා ආවිගස මට වැඩ භාර  දුන්( අපෙ RMO)  DR වසන්ත කුමාර  ‘පලතුඩුව’ ට  ගියා . එවකට  ආයතනභාර වෛද්‍ය  ජීවා  පීරිස් (MO) ද ලබන සතියේ තව ඩොක්ටර්’ කෙනෙක් එනවා  කියා මට ම  ඇගේ වැඩ කොටස    භාරදී වහාම මාතලේ  බලා නව  සේවාස්ථානය  සොයා  ගියා.
සේවයට  නවකයෙක්  වූ මා මුළු රෝහලම  භාරගෙන  දිවා  රාත්ත්‍රී  දෙකේම  වැඩ  කරනවා . මෙහෙම  තනියම  මම රෝහල  අව්රුද්දක්ම  ඇද්දා .රෝහලේ  හිටිය  උපස්ථායකයෝ  සේරම  මට වඩා වැඩිමහල් .සාමාන්‍ය  කම්කරුවෝ  කිහිපදෙනෙ ක් විතරක් හිටියා  මට වඩා බාල .වැඩිමහල්  සේවකයෝ  හොඳට  තෙම්පරාදු  වුන අය .එක  සේවකයෙක් හිටියා  හැමදාම  පරක්කුවෙලා එන්නේ .අහපුවහම  කියන්නේ  “අනේ සර්  අදත් පාරේ අලි ඇවිත්  හිටියා” කියලා .හවස  යනකොටත්  මිනිහා ටිකක්  කලින් යනවා  ‘මේ අලි ප්‍රශ්නේ’ නිසා .මම මගේ නෝනත් එක්ක  අඩි’ 100 ය පාරේ  යද්දී  එයාගේ  ගෙදරට  ගොඩවුණු වෙලාවෙත්  අපි දැක්කා  ගේ වටේ අලිබෙටි  තියෙන හැටි .ගේ වටම   අලි නටලා තිබුනහැටි .ඒ නිසා  මම මිනිහට පොඩි ‘චාන්ස්’ එකක් දුන්නා  ටිකක් පරක්කුවෙන්න . අනිත් හැමෝටම පැය බාගෙකට වඩා  පරක්කුවෙන්න දුන්නේ නැහැ .( හැබැයි අලුත්  MO කෙනෙක්  ආවා DR ෂෙල්ටන්  ජයසූරිය .එයත් ලේසියෙන්  තම්බන්න  පුළුවන්  පුතයෙක්  නෙමෙයි .එයා  ඇවිත් සතියක් යනකං මේ  ‘ලොකු පාලිත’ නම් සේවකයා  ඉහත  වරප්‍රසාදය  භුක්ති වින්දා .දවසක්  හවස  DR ජයසුරිය  මාත්  එක්ක කතාකරකර  ඉන්නකොට මේ සේවකයා පොඩ්ඩක් කලින් යන්න හිතාගෙන පොත අත්සන් කරන්න ආවා .ජයසුරිය ඔහුට  කථා කරා .
“ඇයි  පාලිත  අදත් අලි එයිද ?”
‘ඔව් සර් .මේ ටිකේම අලි  හවසට පාරේ .’ 
“දැන්  අව්රුද්දක්ම  පාලිතට  උපාලි  මහත්තයා ඔය වාසිය  දුන්නා නේ ? මං  අහන්නේ පාලිත ගෙදරින් පිටවුනහම  ඉස්පිරිතාලෙට  නෑවිත් වෙන කොහේ හරි ගිහිල්ලද  මෙහෙ එන්නේ ?”
‘නැහැ  සර්’
“එතකොට පාලිත ගේ  ඩියුටි රෝස්ටරේ  අලිදන්නවාද ? නැත්නම් අලි පාරට  එන  කාලසටහන  පාලිත  දන්නවාද ?”
‘අනේ  එහෙම එකක්  නැහැ සර් .ඇයි සර් එහෙම කියන්නේ ?’ පාලිත   ඇහැව්වා .DR ජයසුරිය  කටහඬ  ගැඹුරුකර  කියනවා ,
“ඔයා   උපාලි මහත්තයාව  ඇන්දුවට මාව අන්දන්න බැහැ . මම තමුසේ ගැන හොඳට ‘නෝට්’ එකේ හිටියේ .තමුසේ  උදේ වැඩට එනකොටයි  හවස  යනකොටයි  අලි ටික  පාරේ .නයිට්  ඩියුටි දවසට  වැඩට එන්නේ රැ 8 .00 ට . පහුවදා  පාන්දර  5.30    හොරෙන් පනිනවා .එදාට අලි  පාරට එන්නේ නැහැ .මුන් නම් මහ පුදුම අලිජාතියක් නේ ?අදින් මත්තේ  අලින්ගෙන් නෝ චාන්ස්  පුතා .” ජයසුරිය  අවධාරණය  කරා .)
 මම තනියම  රෝහල පාලනය කරන  කාලේ හිටියා ‘දාස’ කියලා  සේවකයෙක් .නිතර ඔහුගේ බිරිඳට  ඔහු කරදර අපහාස  කරනවා .ඇයත්  අපේ රෝහලේම  සේවිකාවක් .ඇහැට කනට පෙනෙන ඇය ට  රෝහලේදී කිසි තරවට්ටුවක්  කරන්න මම ඔහුට ඉඩ දුන්නේ නැහැ .දාස  රාජකාරියෙන් පසුව  ටැප් වෙන්නම  බොනවා .දාස ගෙදර ගියහම ගෙදර බඩු පොඩිකරනවා,බිරිඳට  වද දෙනවා ,මම කවදාවත් ඔවුන්ගේ පුද්ගලික  ප්‍රශ්න විසදන්නවත්  ඇහුම්කන් දෙන්නවත්  ගියේ නැහැ .මොකද  ‘දාස’ ගේ කටේ හැටි දන්නා නිසා .දවසක්  නයිට් ඩියුටි ඉවරවෙලා  දාස ගියා උදෙන්ම ‘කිතුළක’ට රාබොන්න .එදා මා  OPD  එකේ වැඩ .ගමේ හිටියා අබේ  කියලා මොළේ අවුල්  කෙනෙක් .මිනිහා පෝලිම කඩාගෙන ඇවිත් කටේ  කෙළටික ‘සුරුස්’ ‘සුරුස්’ග ගා  අදිමින් කිව්වා ,
‘සර් මගේ  මේ ඇදිලා තියෙන ඉස්සරහා  දත  කැක්කුමයි  ඉවසන්න බැහැ .අනේ ගලවලා දෙන්නකෝ’ කියලා .
මම ඔහුට ඒ සඳහා  අම්බලතොට රෝහලේ දන්ත ශායනයට  යාමට උපදෙස් දුන්නා .පිස්සෙක් වූ අබේ එතැන හැමෝම හිනස්සමින්  ආණ්ඩුවට බනින්නගත්තා  දතක්  වත්  ගලවගන්න බැරි දොස්තරලා තමයි අපිට එවන්නේ  කියලා .එහෙම  කියකිය අබේ යන්නගියා .ගේට්ටුවෙන් එලියට  යන අබේට  කිතුලට ගිහින් සප්පායම් වී ආපසු එන දාස හමු වුනා .ඔවුන් දෙදෙනා කථා කරකර යනවත්  දැක්කා .පසුව ආරංචි වුනා  දාස අබේ ගේ දත ගලවා ඇති බව .මම යනකොට ඔක්කොම හිනාවෙනවා බඩවල් අල්ලාගෙන .මං යනකොට  ඔක්කොමලා  නිශ්ශබ්ද වුනා .දතක් තියෙනවා කාණුවේ .බැලුවම  දත  කැඩිලා  නැහැ . කව්රුත් සාක්ෂි  දෙන්නේ නැහැ ,නමුත් මට ඇහුනා ‘මැලේරියා රුධිර  පටල නිලධාරී’ කියනවා  මිඩ් වයිෆ් 
‘නෝනා  මිනිහා  මරු ස්ටෙරෛයිල්(sterile)  කන්ඩිෂන් එකෙන් නේ වැඩේ කරේ .අබේ  එතෙන්ට  එක්ක එනකොට  සෝමා  කුණු තුවාලයක්  සුද්දකර කර  සිටියේ .දාස සොමගේ  ෆොසෙප් එක ඉල්ලගෙන , අබේව  තුවාල සුද්දකරන  ඇඳේ හාන්සි කරලා,  දාස නැග්ගනේ   අබයගේ බඩ  උඩට .අර කුණු ෆොසෙප් එක  හෝදන්නේවත් නැතුව  අබේගේ  කටට දාලා දත අල්ලන වත් එක්කම අබේය  කැගසාගෙන  දාසයත් පෙරලගෙන  නැගිටලා සරමත් උස්සගෙන දිව්වා .දත  දාසගේ ෆොසේප් එකේ ’
මට හීන් දාඩිය දැම්මා .මුන් කව්රුවත්  සාක්කි දෙන්නේ නැහැ .මම අබේයා ගෙන්නලා අදාළ  ප්‍රතිකාර කරලා,  RDHS (DR පාලිත  මහීපාල  සර්) ට ‘දාස  බොනවායයි විතරක්  කියලා RDHS එකටම  මාරු කරා . මිනිහගේ  බිරිඳ  තවම   අපේ රෝහලේ  වැඩ .දවසක් එක සේවිකාවක්  කලබලෙන්  ඇවිත් කිව්වා
‘අන්න දාස අයියා බීගෙන  ඇවිල්ලා( ------ )අක්කව (ඔහුගේ  බිරිඳව ) මරන්න හොයනවා කියලා .මම ගිහින්  ඔහුගේ  බිරිඳ    හංගලා මිනිහා ශේප් කරන්න  හදන කොට මිනිහ කිව්වා ,
‘සර් දන්නවාද  මගේ ගැනීට ආයෙත් ළමයෙක් හම්බවෙන්න  යනවලු !ඒ ළමයා මගේ නෙවෙයි .මට ඕකි  මරන්න ඕනි’
‘ඕවා ගෙදරදී විසඳගන්න’ මම  කියනගමන් ඔහුගේ  ඉරියව්  ගැන මා සිටියේ  දැඩි  අවධානයෙන් .මම  ‘පොඩි පාළිත’ නම් සේවකයාට  ලඟට එනලෙස ඉගි කර  මම දාසට ලංවී  ඔහු  පිටුපසට කරගෙන  සිටි අත ඉදිරියට ගන්න  බැරිවෙන්න හිරකර  අල්ලාගෙන  පාලිතට අතේ තියෙන්නේ  මොනවාදැයි  බලන්න කිව්වා .
“මල් පිහියක් සර්” පාලිත  කෑගහල ඒක උදුරගත්තා .මම  ඔහුට පහර දෙකක් ගහලා  ඒ වෙලාවේ අහම්බෙන්  ආව POLICE  ජීප් එකට  භාරදුන්න .පසුව  පොලිසි යට ගොස් ඔහුගේ  රැකියාවට  කරදරයක්  නොවන සේ රිපෝට් එකක්  ගහලා එන්න යනකොට (ඔහුගේ  බිරිඳත්  එතනහිටියා )මිනිහා  කුඩුවේ ඉඳලා කෑගහල OIC මහත්තයා ට කියනවා,
“සර් ඔය  යන දොස්තර තමයි අපේ ගමට  ආව හොඳම  දොස්තර .ඒ වගේම  එපාමකරපු මිනිහත්  එයා .මගේ  රස්සාව නැතිකරලා  මාව හිරේ ඇරියොත්  මගේ ගැනියි හම්බවෙන්න  ඉන්න දරුවයි එයාටම බාරගන්න  කියන්න .මොකද  එයත්  ඕකට වගකියන්නම ඕනි .”දාස ඒ  අන්තිමට කිව්වටික  මට කොහොමවත් තේරුනේ නැහැ .මම තේරුම්ගන්න  උත්සහ කරෙත් නැහැ .ටික දවසකින් මම ගාල්ලට  මාරුවෙලා ආවා .
වසර එකහමාරකට  පසුව  මා නිකං බැරගම රෝහලට ගිය වෙලාවේ ඔන්න දාස නැවත  මුණගැහුනා .ඔහු  නැවත ඒ රෝහලටම ඇවිල්ලා  හිටියා .අර පරණ ස්ටාෆ් එකේ සෑහෙන පිරිසක් ඒ වෙනකොටත් එහි හිටියා .මේ සියලු දෙනා ඉදිරියේ  දාස  (ඔහු මට වඩා අවරුදු  10 ක් වත් වැඩිමහල් ඇති .)මට දනගහලා වැන්දා.එයා මට බලකර හිටියා එයාගේ ගෙදරට එන්න කියලා .අනික් අය මා එහි යනවට  විරුද්ධ  වුවත් මං  එහෙ ගියා .ඒ යනකොට  පෙරදින  රාත්‍රී සේවය නිමකොට  නිවසේ සිටි ඔහුගේ බිරිඳ ගෙදර වැඩකරකර හිටියා .ඇයත්  මට වැඳලා  වැඩිවෙන්න කිව්වා .
‘කෝ දරුවා ?’ දාස හයියෙන් ඇහැව්වා .හැබෑටම  ලස්සන  රෝසපාට කොලු පැටියෙක් වඩාගෙන බිරිඳ  එළියට ආවා .
“මෙන්න  මං කිව්ව අර සර් නිසා ලැබුන දරුපටියා .”ඔහු කිව්වා .මේ දරුවා මගෙනම්  මට දෙන්න .මං හදාගන්නම් දරුවා තුරුල්කරගෙන මම කිව්වා .මං කවදත් දරුවන්ට  ආදරේ නිසා දාස සහ බිරිඳ දෙන්නම බයවුනා මම බබා  අරගනියි කියලා .
‘පිස්සුද සර්  දැන්නම් කීයටවත් දෙන්නේ නැහැ .’ දරුවා තුරුල්කරගෙන  ගෙටගිය දාස  එලියට ආවේ තේ එකක් මට හදාගෙන .   ඔහු ඒ තේ එකෙන් පිරිසියට  ටිකක් දාගෙන    ඔහුම බිව්වා . කෝප්පේ ටික මට .(ඔහු එහෙම කරේ  පරණ තරහට  ඔහු වස විසක්  තේ එකට නොදැමූ බව  පෙන්නන්න  බව මට තේරුනා .) මාත්  තේ එක බිලා ඔහුත් සමග නැවත රෝහල  පැත්තට යද්දී ඔහු හෙලිකලා මගේ සහ ඒ දරුවාගේ  සම්බන්ධය .
“සර් ඔය  දරුවා  තරම්  මමවත්  මගේ  ගැනිවත් පාට නැහැ නේ ? අසවල් ඉස්කෝලේ මහත්තයා  සර්ට මතකද ? අන්න සර් ළමයාගේ පියා .පාටත් ටිකක් ඒ වගේ යි මටත් හිතුනත්  මම මොකුත්ම කිව්වේ නැහැ .ඔහු දිගටම විස්තරේ කියාගෙන යනවා . ඉස්සර  වඳ සැත්කම  කෙරුවහම  රුපිය ල් 500ක්  දෙන කාලේ  මම ඒ සැත්කම කරගෙන ඒ සල්ලිවලින්  බිව්වා.ඒ දවස්වල  මම බිව්වේ ‘ඕල්ඩ්  ඇරැක්’.  එක  ගෑණි දන්නේ නැහැ”  
“ඒ මහත්තයා, මගේ ගෑණිඑක්ක ඉස්කෝලේ යන කාලෙත්  යාලුවේලා  හිටියා . නමුත් මම ඒ සම්බන්දෙ  අතහරවලා  මේකිව බැන්දා.ඒත් මම ගෙදර ඉන්නකං මුන්ට  හම්බවෙන්න බැරිවුනා .ඔය දත් කේස් එකෙන්  මාව සර්  මාරුකිරීම  තමයි මුන් දෙන්නට චාන්ස්  එකට හිට්ටේ .ඒකයි මං කියන්නේ ඔය දරුවා  ලැබෙන්න  සරුත් වගකියන්න  ඕනි කියලා .”
මගේ හිතේ  තිබුන  ගැටලුව නිරාකරණය  වුනා !
*****උපාලි සෙනෙවිරත්න  ගාල්ලේ සිට---(2016 -07 -20 )********