රොබට්නොක්ස් “එදා හෙළදිව” පොතේ සිංහලයන්ගේ කම්මැලිකම, බොරු කීම වැනි අවගුණ ගැන කියන අතරම අපේ හොඳද කියා ඇත .ඔහු කියන්නේ සිංහලයින් ඉතා පිරිසිදු ව සිටි ජාතියක් බවයි .දවසකට සැරයක්වත් නාන නිතර මුහුණ හෝදන ජාතියක් බවයි .බටහිර ජාතිකයන් ශරීර කෘත්තියෙන් පසු ජලයෙන් නොසෝදන බැවින් ඔවුන් “ඇට්ටිම්බන්” ලෙස අපහාසයෙන් හැඳින්වූ බවයි .
අපේ ස්නානය ලෝක ප්රකට වී ඇති අයුරු කොහොමද ?ඒත් අද අපි නාන අයුරු බුද්ධිමත් ව කරන්නෙම්ද ?දිය ඇල්ලක් දැක හෝ දියපහරක් දැක අපි සතුටු වෙමු .එය මනසට සහනයකි .අපි ඒ අවස්ථාවෙන් සැනසෙන්නේ නැත .දිය ඇල්ලෙන් නෑමට බලන්නෙමු .එත් බොහෝ ඇලි වැටෙන තැන විශාල මාරාන්තික වලවල් ඇත .ඉතිං නාන්න බැරිම නම් ගල්කුළු කඳු බඩගාගෙන ඇල්ල ආසන්නයටම හෝ යන්නෙමු ! රාවණා ඇල්ලේ සිමෙන්ති පුවරුවක් සවිකර ඇත .එතනින් ඉහලට නොයනලෙස අවවාදයක් කර ඇති එහි කොනක මේ වනවිට එම ස්ථානයෙන් වැටි මියගිය ගණන සටහන්කර ඇත .එම ගණන සඳහන් කොටුව වරින්වර මකාඇත්තේ ගණන අඩුකිරීමට නොවෙයිනේ ?
එත් එය පසුකර මිනිසුන් රොතු පිටිං ඉහලට බඩගාන්නේ තම ‘වීරකම’ පෙන්නීමට ද නැතිනම් ‘ගොන් කම’ පෙන්නීමට දැයි නොදනිමි .ගල් මතුපිට බැඳුනු ‘දියසෙවෙල්’ වියළි ඇතිවිට ඇසට නොපෙනෙන අතර ලිස්සිමක් ද සිදු නොවේ . නමුත් අහම්බෙන් ජල මට්ටම ඉහල ගියොත් හෝ ඔබේ දෙපා වල ජලය තැරවීමකින් හෝ දෙපාවලට දහඩිය දැමීමකින් හෝ දියසෙවෙල් වල ඇති ලිස්සන ගතිය වහා සක්ක්රිය වී මොහොතින් ඔබ ගලෙන් පහලට ලිස්සාගෙන විත් අනතුරකට ලක්විය හැක .කොතරම් අව්ව ඇති වෙලාවක වුවත් ඇල්ල ට ඉහල ප්රදේශයකට ඇදහැළුණු වැස්සක් නිසා එකවර දිය ඇල්ලේ ජල මට්ටම ඉහල යා හැක . වහා වැඩිවන ජල මට්ටම සමග ඔබට නැවත පහලට බැසීම හෝ ආරක්ෂිත ස්ථානයකට යාම අපහසු වනු ඇත . එහි සිටින මෝඩයින්ගේ ගණන විශාලවන්නට විශාල වනන්නට අනතුරුදායක බව ද වැඩිවේ .
බොහෝ දෙනෙක් මුහුදේ නෑමට යති. එයද අනතුරුදායක දෙයකි .මුහුද දෙස බලාගෙන සිට සැනසෙන්නට හැකිනම කොපමණ හොඳ ද ?මුහුදේ ආරක්ෂිත ව නෑ හැකි තැන් ඇත .මුහුද ඇත්තේ අපිට නෑමට නොවේ .මාළුන්ට ජිවත් වීමට සහ පරිසර සමතුලිත තාවයටය . ඔබ පිහිනීමට දක්ෂයෙක් විය හැක .නොදන්නා දිය පහරවලට බැසීමෙන් හෝ දියඇලි අස්සට රිංගීමෙන් හෝ මුහුදේ පිහිනනට යාමෙන් හෝ මිය ගිය අයගෙන් බොහෝ පිරිසක් තමු දකෂයින් යයි සිතාසිටි අයයි .
******උපාලි සෙනෙවිරත්න*****ගාල්ලේ සිට ***2018-10-07 ****
