Sunday, October 7, 2018

දිය නාමු


රොබට්නොක්ස්  එදා හෙළදිව”  පොතේ සිංහලයන්ගේ  කම්මැලිකම, බොරු කීම වැනි අවගුණ ගැන කියන අතරම අපේ හොඳද  කියා ඇත .ඔහු කියන්නේ සිංහලයින්  ඉතා පිරිසිදු   සිටි ජාතියක් බවයි .දවසකට සැරයක්වත් නාන  නිතර මුහුණ හෝදන ජාතියක් බවයි .බටහිර ජාතිකයන් ශරීර කෘත්තියෙන්  පසු ජලයෙන් නොසෝදන  බැවින් ඔවුන් ඇට්ටිම්බන්ලෙස අපහාසයෙන් හැඳින්වූ බවයි .
අපේ ස්නානය  ලෝක ප්රකට වී ඇති අයුරු කොහොමද ?ඒත් අද අපි නාන අයුරු බුද්ධිමත් කරන්නෙම්ද ?දිය ඇල්ලක් දැක හෝ දියපහරක් දැක  අපි සතුටු වෙමු .එය  මනසට සහනයකි .අපි අවස්ථාවෙන්  සැනසෙන්නේ නැත .දිය ඇල්ලෙන් නෑමට බලන්නෙමු .එත් බොහෝ ඇලි වැටෙන තැන විශාල මාරාන්තික වලවල් ඇත .ඉතිං නාන්න බැරිම නම්  ගල්කුළු කඳු  බඩගාගෙන ඇල්ල ආසන්නයටම  හෝ යන්නෙමු ! රාවණා  ඇල්ලේ සිමෙන්ති පුවරුවක් සවිකර ඇත .එතනින් ඉහලට නොයනලෙස  අවවාදයක් කර ඇති එහි කොනක මේ වනවිට එම ස්ථානයෙන් වැටි මියගිය ගණන සටහන්කර ඇත .එම ගණන සඳහන් කොටුව වරින්වර මකාඇත්තේ ගණන අඩුකිරීමට නොවෙයිනේ එත්  එය පසුකර මිනිසුන් රොතු පිටිං ඉහලට බඩගාන්නේ  තම වීරකමපෙන්නීමට නැතිනම් ගොන් කමපෙන්නීමට දැයි නොදනිමි .ගල් මතුපිට බැඳුනු දියසෙවෙල්වියළි ඇතිවිට ඇසට නොපෙනෙන  අතර ලිස්සිමක් සිදු නොවේනමුත් අහම්බෙන් ජල මට්ටම ඉහල ගියොත් හෝ ඔබේ දෙපා වල ජලය තැරවීමකින් හෝ දෙපාවලට  දහඩිය දැමීමකින් හෝ දියසෙවෙල් වල ඇති ලිස්සන ගතිය වහා සක්ක්රිය වී මොහොතින් ඔබ ගලෙන් පහලට ලිස්සාගෙන විත් අනතුරකට ලක්විය හැක .කොතරම් අව්ව  ඇති වෙලාවක වුවත්  ඇල්ල ඉහල ප්රදේශයකට ඇදහැළුණු වැස්සක් නිසා එකවර දිය ඇල්ලේ ජල මට්ටම ඉහල යා හැක . වහා වැඩිවන ජල මට්ටම සමග ඔබට නැවත  පහලට බැසීම හෝ ආරක්ෂිත ස්ථානයකට යාම අපහසු වනු ඇත . එහි සිටින මෝඩයින්ගේ ගණන විශාලවන්නට   විශාල වනන්නට  අනතුරුදායක බව   වැඩිවේ .
     බොහෝ දෙනෙක් මුහුදේ නෑමට යති. එයද අනතුරුදායක දෙයකි .මුහුද දෙස බලාගෙන සිට සැනසෙන්නට  හැකිනම  කොපමණ හොඳ ?මුහුදේ ආරක්ෂිත නෑ හැකි තැන් ඇත .මුහුද  ඇත්තේ  අපිට නෑමට නොවේ .මාළුන්ට ජිවත් වීමට සහ පරිසර සමතුලිත තාවයටයඔබ පිහිනීමට දක්ෂයෙක්  විය හැක .නොදන්නා දිය පහරවලට බැසීමෙන් හෝ  දියඇලි  අස්සට රිංගීමෙන් හෝ   මුහුදේ පිහිනනට යාමෙන් හෝ මිය ගිය අයගෙන් බොහෝ පිරිසක් තමු දකෂයින්  යයි  සිතාසිටි අයයි .
******උපාලි  සෙනෙවිරත්න*****ගාල්ලේ සිට ***2018-10-07 ****

Friday, October 5, 2018

රටේ ආර්ථිකය ???

පසුගිය සැප්තැම්බර්  29 දින ගාල්ලේ පැවැත්වූ පුනරුධය  රැස්වීම සහභාගිවූ ගනන 50ක් පමණ විය . එහි පැවතී අදහස් වාද විවාද වලින් මගේ අවධානය යොමු වෙන්නේ වික්ටර් අයිවන් මහතාගේ කතාවය .එතුමා වසර පමනසිට අවධාරණය කරන්නට උත්සහකරන  මේ සරලදේ  උගතුන් හෝ දේශපාලකයින් කිසිකෙනෙක් තේරුම් නොගන්නේ ඇයිදැයි නොදනිමි .අද අපේරටේ දුෂිත  දෙෂපාලකයන්  සහ  දුෂිත නිලධාරින් ඇතැම්  විට මාධ්   දේශගුණික විපර්යාශ    නිසා අද  බොහෝ ව්යාපාර කෘෂිකර්මය  ආදිය  දියුණු නොවන ඉදිරියට  නොයන  තත්ත්වයකට  පත්වීම නිසා අපේ රටේ බැංකුපද්ධතිය  ගල්වන තත්වයක් ඇතිවුව හොත්  කුමක් වියහැකිද යන්න කෙටි සඳහනයි .
       මේ වනවිට ඇතැම් පුද්ගලික බැංකු අක්ක්රිය විම මේ වනවිට සිදුවී ඇත . සාමාන් යෙන් දැනට පවතින රාජ්  බැංකු වුවද තම න් සතු මුදල් සහ දේපළ  යම් ලාබ ලබන ව්යාපාර වල ආයෝජනය කල යුතුය .ඉන් ලබන ලාභය බැංකුව නඩත්තු කිරිමටත් අපේ තැන්පත් වලට පොළී දිම ආදියට  යොදා ගනි .නමුත් දැන් ඇතිවෙමින් පවතින තත්ත්වය අනුව බැංකු වලට මෙලෙස මුදල් සාර්ථක ආයෝජනය කිරීමට නොහැකි වුවහොත් ,ණය දුන් අයගෙන් මුදල් අයකර ගැනීමටබැරි තත්වයක් ඇති වුවහොත් කුමක් වියහැකිද ? රජයට පඩිගෙවීම් හෝ විශ්රාම වැටුප් ලබාදීම   බැරි විය හැක .වෙනකක් තබා ඔබ බැංකුවේ  කර ඇති තැන්පතු  පවා ලබාගැනීමට ඔබට නොහැකි විය හැක .එබැවින්  මීළඟ ආණ්ඩුව  හෝ ජනාධිපති  කව්දැයි සොයන්න පොරකනවාට වඩා සියලුදෙනා එක්වී  රට ගොඩගන්නා වැඩසටහනකට පාලකයන් තල්ලුකිරීමට ජනතාව පෙළ ගැසිය යුතුය .
********උපාලි  සෙනෙවිරත්න ****ගාල්ලේ සිට ***2018-10—05 *****