Friday, October 5, 2018

කණ අස්සන


මට පහුගියදා  ජර්මනියේ ඉන්න  ගාමිනියේ ආදී සිසුවෙක් වූ සිරිමාන්න මල්ලි  ස්කයිප් ඒකෙන් හමුවුන වෙලාවේ ජොලියට වගේ  පොඩි කථාවක් කිව්වා .
   යුරෝපයේ එක්තරා රටක දුෂ්කර ප්රදේශයක එක  පල්ලියක් තිබුනා .එය පිහිටා තිබුනේ  රටවල් දෙකක් අතර මායිම් ගම්මානයක. පල්ලියේ සිටි  ගාන්ඨාරේ ගසන්නා විශ්රාම ගියා . පල්ලියේ පියතුමා  ඔහු වෙනුවට අලුතින් කෙනෙක්ව  බඳවා ගත්තා.මිනිහා හොඳයි, කඩිසරයි, අවංකයි . වෙලාවට වැඩ ත් කරා .මෙහෙම සති දෙකක් වැඩකලා . රටේ වැටුප් ගෙවන්නේ සති දෙකෙන් දෙකට .පියතුමා  ඔහුගේ නියමිත වේතනය  අඩුවක් නැතිවම  ඔහු අත තබා පඩි ලැයිස්තුව අත්සන් කරන්න දුන්නා .බැලින්නං මිනිහා අකුරු දන්නේ නැහැ .මේ යෝදයා  ගහන්නේ කණ අස්සන .පියතුමා  ඔහුට කරුණු පැහැදිලි කළා .
මේක බොහොම වැදගත් ,උගත් ,මිනිස්සු එන තැනක් .ඔබ බොහොම හොඳ සේවකයෙක් .නමුත් නුගතෙක්.මට හරි කනගාටුයි .ඔබව රැකියාවෙන් ඉවත් කරනවා .මෙතන වාර තුනක පඩි තියෙනවා . වෙන රැකියාවක් හොයාගෙන  බිරිඳ සමග හොඳින් ජිවත් වෙන්න .
හිස බිමට නවාගෙන ඔහු පල්ලියෙන් ඉවත්වුණා .ඔහුගේ දිරිමත් බිරිඳ කිව්වා දුක්වෙන්න එපා ,අපි අල්ලපුරටෙන්  සිගරට් හොරෙන් ගෙනත් විකුණමු .එහෙ සිගරට් ලාබයි ලු .සීමාවෙ කම්බි වැටෙන් හොරෙන් එහා මෙහා රිංගන එක ඔයා කරන්න’.බිරිඳ ඔහුව දිරිමත් කළා .දැන් බිස්නස් එක නැගලා යනවා .ඔවුන්ට යම් තැන්පත් මුදලකුත් තියෙනවා .ටික දිනකදී රටේ සිගරට් ඒජන්ත මළා .ඔහු ගේ සාර්ථකත්වය නිසාම  ඔහුට රටේ සිගරට් ඒජන්ත කමත් මේ රටේ ව්යාපාර  කරන්න  ලැයිසන් ඒකත් ලැබුනා .ඔහු දැන් කෝටිපතියෙක් .අර මුලින්ම ගාන්ඨාරේ ගහපු පල්ලිය ආසන්නයේම ඔහු ළදර පාසලක හදලා ගමේ ජනතාවට පරිත්යාග  කරපු දවසේ ලියකියවිලි වලට කණඅස්සන තබනු බලාසිටි මාධ් වේදියෙක් ඇහැව්වා අස්සන ගහන්න බැරි ඔබතුමා ගේ දියුණුව  මට පුදුමයි .ඔබතුමාට හරියට ලියන්න කියන්න පුළුවන් වූනා නම් අද කොහේ ඉඳියිද ?කියා .එවිට ඔහු කිව්වේ ; “ කියන්නේ  මට  අස්සන ගහන්න පුළුවන් වෙයි කියන එක නේ ? -එහනම් මම තාම පල්ලියේ ගාන්ඨාරේ ගහනවා .
*****උපාලි සෙනෙවිරත්න ***ගාල්ලේ සිට ***2018-10-15 ** 

No comments:

Post a Comment