Friday, April 17, 2020

*****ශරීරයේ පිහිටි අපේ නගර වල නම් ***
*කොන්ඩදෙනිය
*නල්ලතන්නිය
*ඇස්  වාට්ටුව
*කන්කසන්තුරේ
*කටාන
*නිකවැරටිය 
*බෙල්ලන්විල
*අත්හිටියාව
*තණමල්විල
*බඩල්ගම
*දෙපානම
*පිටිපන
*දනිස්කොඩි ය (දනුස්කොදිය )
*කලවාන
*මයිලපිටිය
*පුඬ ළුඔය
*ඇටම්බගහවිල
*පෛයාගල /මඩකළපුව

Saturday, April 11, 2020

**** **මං නොදන්න කොරෝනා ********


**** **මං  නොදන්න කොරෝනා ********

දයාරත්න සීයා  පුටුවට වෙලා සරුවට වැඩුන  හේන  දිහා බලාගෙන ඉන්නවා .මුණුබුරා අඹ අත්තේ කකුල් දෙපැත්තට දාගෙන බැලන්ස් එකට වාඩි වෙලා අඹ ගෙඩියක් කනවා .
"සීයා  දන්නවද කොරෝනා ගැන "
"මොකෝ මම නොදන්නේ ?උඹලගේ ලොකු මාමා ටත් තිබ්බනේ ?  මං  නොදන්න කොරෝනා ..."
"අපේ ලොකුමාමා  ? බුදු අම්මෝ ...ඇති ලොකු මාමා මැරෙන්නේ නැතිව  බේරුනා "
"දෙතුන් පාරක් මැරෙන්න ගියා ,උගේ වෙලාව හොඳ කමට  බේරුනා..කොරෝනා බර නෑ නේ ?ඉතිං  පාවෙලා වගේ උඩින් යන්නේ .."සියා කිව්වේ දකුණු අතේ ඇඟිළි  එකට හිරකරගෙන අත  පොළවට  සමාන්තරව ඉදිරියට සෙමින් දිගුකරමින් .
"සීයට  පිස්සු, කොරෝනාහොඳටම බරයි ."
"කව්ද කියන්නේ ?"
"දොස්තරලා"කොල්ල හඬ උස්කර කිව්ව .
සීයා  එවිට තරමක් පහත් හඬින් කියනවා"හැබැයි කොල්ලෝ ඒකාළේ  දොස්තරලට තමයි වැඩිහරියක් කොරෝනා තිබ්බේ ..හැබැයි මම සහසුද්දෙම්ම දන්නවා කොරෝන බර අඩුබව .කොරොල්ලා තමයි  බර වැඩි .ඒ හින්දනේ කොරෝනා නැගලා ගියේ .දෙකම ජපානෙන්  නේ ආවේ ."
"හැබැයි සීයෙ මේපාර ආවේ චීනෙන් ."
" .කොහොමත් චීන බඩු  නම් බාලයි"  සීයා  හෙමින් කිව්වා .
"සීයට  පයිත්තියන්  .චීනෙන් ආපු  කොරෝනට මුළු ලෝකෙම හෙල්ලිලා ...."
 "එහෙනං පැට්‍රොල් හොඳට කරනවා ඇතිනේ කොල්ලෝ ."
කොල්ලා අඹ ඇත්තෙන් බැස්සා නෙවයි පැන්නා ."සියා කතාකරන්නේ කාර් එකක් ගැනද ?සීයේ  මං  කියන්නේ භයානක ලෙඩක් ගැන "කොල්ලා කටහඬ තාලෙකට ඇදලා කිව්වා .
"අනේ කොල්ලෝ මන් කිව්වේ  මේ ටොයෝට කාර් එක ගැන .මුන්ට ලෙඩ කට නමක් දාගන්න බැරි හැටි .එකත් කොපියක් .."සිය තමුන්ටම කියාගත්තා .

******උපාලි සෙනෙවිරත්න ******ගාල්ලේ සිට ****2020-04-11