Sunday, September 30, 2018

ගෝනකැලේ ට පාසැලක් ලැබුණ හැටි






(ගෝනකැලේ පාසලේ ඉතිහාසය ගැන මගෙන් එවක පාසැල් සිසුන් වූ මිතුරන් වරින් වර  විමසා සිටියෝය .නමුත් ඔවුන් විවිධ ශේෂ්ත්රවල සිටින අය බැවින් (අපේ මෙම මුල් පාසැලට අදාළ නොවන මිතුරන්ට මේ ලිපිය කරදරයක් වියහැකි වුවත් )මගේ පොදු මුහුණු පොතේම   පලකිරීමටමා කල්පනා කලෙමි .)


ගෝනකැලේ  පාසැලක් හැදෙන්න ඉස්සර පසුතලය ගැන කියත්දී  මට  අපේ අම්මා  ගැන කියන්න වෙනවා .හේතුව  අපි ඉපදෙන්න පෙර ත් ගමේ පුත්ගලික ඉස්කෝලයක් තිබිලා තියෙනවා .  ගෝනකැලේ සංවර්ධන සමිතියෙන්  පවත්වාගෙන ගිය එකක් .එහි උගන්වලා  තියෙන්නේ A.G. D. කමලාවතී (අපේ  අම්මා ) සහ ලීනා  පෙරේරා ,(SILKA චායාරුප ශාලාවේ  සුමනසිංහ  පෙරේරා මහත්මා ගේ  වැඩිමල්  සොයුරිය )දෙදෙනායි .එහි ඉගෙනගත්  අය  තමයි  අද ගෝනකැලේ  ඉන්න වැඩිහිටි පරම්පරාව .ජමාල් ටේලර් මහතා ,ගෝනකැලේ  උක්කුබණ්ඩා  මහතා ,පුංචිබණ්ඩා මහතා .සැමි  සුමනා  ආදීන්ගේ  අම්මා වරල්ගල  වෙදමහතාගේ දරුවන් ,අදත් ඉන්නවා .එය තමයි  ගෝනකැලේ  පළවන  පාසැල වුනේ .එය පවත්වාගෙන ගොස් තිබුනේ  අපේ කඩකාමරයක.පාසැල පවත්වාගෙන ගිය සමිතියේ  අනුශාෂක  ලෙස කටයුතු  කර ඇත්තේ  හයිෆොරස්ට්  රෝහලේ හිටපු වෛද්යවරයා  වූ දොස්තර  ගෝමස්’ මහතායි .සමිතියේ ක්රියාකාරීන් වී ඇත්තේ සුමනසිංහ පෙරේරා මහත්මා සැල්වින්සිල්වා මහත්මා ආදී වැඩිහිටියන්  තමයි . එදා  පාසලේ ළමුන්   1948දී  අපි ලද  නිදහස වෙනුවෙන් 1948 හෝ 1949  දී ගෝනකැලේ  වත්තේ දැනට කාමන්කුත්තු’ නටන එම පරිසරයේදී  ඉතා හොඳ මට්ටමේ සරඹ සංදර්ශන යක් පවත්වා ඇති අතර  පිලිබඳ එවකට සිටි වතු අධිකාරි වරයා  සමිතියට ප්රසංශා  කර තිබුණි .
මුල්කාලයේ  ගෝනකැලේ සහ ගෝනපිටිය ආදී ප්රදේශවල අපේ සිංහල ජනයාගේ බොහෝ දෙනෙකුගේ භාෂා  දැනුම තිබී ඇත්තේ ඉතා අඩු මට්ටමක් බව අසා ඇත්තෙමි .මෙම සමිතිය කල මග පෙන්වීම මත ගෝනකැලේ පාසැලක් පිහිටවීමේ අවශ්යතාව  ඇතිවී ඇත්තේ ඉහත නම් සඳහන් ප්රදේශවාසීන්ට පමණක් නොව .බින්ගන්තලාවේ පීටර් මහත්මා ,බුලුමුල්ලේ මහත්මා ,ගොනපිටියේ පුංචි බන්ඩා (වසන්ත සර් ගේ පියා )මහත්මා  ආදීන්  විය .ඔවුන්ට මගපෙන්වමින්  මතුරට සිට පැමිණි හීන්කෙන්ද  සර්ප්රදේශ වාසීන්ගේ  සහයෙන් දැන් පාසලේ ප්රධාන ගොඩනැගිල්ල ඇති භුමියේ වරිච්චි බිත්ති සහ ගොම මැටි පිරියම් කල පොළවක් ඇති පොල් අතු හෙවිලිකළ පාසැල ගොඩනගන ලදී .එය රජයට පවරාදෙමින් හීන්කෙන්ද  සර් ගුරුපත්විම ලබන අතර හිටිහාමු ටීචර්  පත්වීම් ලබන්නිය .එතුමියගේ මව හය්ෆොරස්ට් වත්තේ රෝහලේ midwife වරිය වුවාය .(එතුමිය  මතුරට සිටින්නීය ?).මේ පාසලේ ප්රථම මුල්ගුරුවරයා ලෙස පත්වන්නේ ධර්මදාස” මුල්ගුරුතුමාය .ට්වීට් සරමකින් සහ කහපාට  හුරු කමිසයකින් සැරසී සිටින එතුමා මනා පවුර්ශයකින් හෙබි පුත්ගල්යෙකි .අපේ පාසලේ පළවන (අංක 1 )ශිෂ්යයා  වර්තමාන  විදුහල්පති තුමාගේ    ඥාති සොයුරු  චිත්රසේන මහතා බව මගේ මතකයයි . මේ කාලය වනවිට ගෝනකැලේ බේකරිය හිමි පි .ජි .ආරියදාස මුදලාලි ගමේ සාර්ථකම ව්යාපාරිකයා විය . .පාසලේ ගොඩනැගිලි හැදීමේදී  කණු ගෙනඒමට තුමාගේ වාහන ආදිය ලබාදී නොමසුරුව උපකාර කර ඇත .එවකට රජයෙන් සෑම පාසැල් සිසුවෙකුටම  බනිස් එකක් සහ කිරි වීදුරුවක් දෙනලද අතර අප පාසැලට බනිස් සැපයීමේ  කොන්ත්රාත් තුව  කරන ලද්දේ  මහතාගේ බේකරියෙනි.කිරිපිටි  සැපයීම රජයෙන් කරන ලද අතර කිරි දියකරඋණුකර දීම පාසලේ ලොකු ළමයින් විසින් කරන ලදී .
එවකට පාසැල සතු ලොකුම  හයිය වුයේ ගුරුදෙගුරු සමිතියයි .(එහි ලේකම් වරයා  වුයේ සුමනසිංහ  පෙරේරා මහතා වූ අතර විදුහල්පති තුමා සභාපති විය .)එය ඉතා සක්ක්රිය එකක් විය .ධර්මදාස ලොකු මහත්තයා ස්ථාන මාරුවක් ලබා යන අතර  වෙනුවට කැටයාපතන (මහකුඹුරේ ගෙදර)  රත්නායක  සර් පත්වීම  ලබා පැමිණෙයි .එතුමාගේ ළමුන්   ඉගෙනුම ලබන්නේ  අප පාසලේමය .එතුමාගේ නොනාමහත්මිය  ඉතාම කාරුණික ගුරුතුමියකි එම යුගයේ අපොස (සා ;පෙ.) සමත්වූ  සෝමරත්න අයියා සහ (සුබ්රමනියම් වැනි නමක් ඇති )අයියා කෙනෙක්  සතුට වෙනුවෙන්  අපි සැමට  පෙරුම්කායම් මිශ්රකර සුකිරි බෙදු බව මතකය . යුගයේ ගෝනකැලේ පාසලෙන් අධ්යාපනය ලැබීමට ගුඩ්වුඩ් ජනපදයෙ සිටපැමිණි බබුන් අප්පුහාමි නම් අයියා කෙනෙක් දුර දිවීමෙන් දිස්ත්රික් ශුරතාව ලබාගත් බව මතකය .
      අනතුරුව   බණ්ඩා” සර්  විද්දුහල්පති ධුරයට  පැමිණෙයි .(අපේ පාසලේ මුලික අධ්යාපනය ලබන එතුමාගේ පුතා වූ සේනක බණ්ඩාරනායක  මහත්මා දැනට  මහාචාර්ය වරයෙක් වන අතර පසුගිය සමයේ අපේ රටේ  පුරාවිද්යා  කොමසාරිස්” වරයාලෙස  කටයුතු කිරීම අපි අගය කලයුතුය . )  මගේ ලොකු අයියා වූ පසුකාලයක එම විදුහලේ විදුහල්පති වරයෙක් වූ J.M.P. සෙනෙවිරත්න අයියා පලවන වරට 5හේ  ශිෂ්යත්වය  සමත්වී පොරමඩුල්ල මැදිවිදුහලට යන්නේ  මෙතුමන්ගේ  සමයේ  . 1963 දී වියයුතුය .අනතුරුව විදුහල්පති ධුරයට  R.M. කරුණාසේකර  රත්නායක මහතා පත්වන අතර .එතෙක් තිබුණු පොල් අතුමඩුව  වෙනුවට අලුත් ස්ථිර ගොඩනැගිල්ල ලැබෙන්නේ  ඔය කාලයේදීය . වනවිට ප්රදෙශයේ  සාර්ථක ව්යාපාරිකයෙක් වූ ආරියදාස මුදලාලි මහතා එහි කොන්ත්රාත්තුව භාර ගන්නා අතර එතුමා එය මහත් වගකීමකින් ඉදිකරනු ලබයි .මේ කාලයේ  එවකට  ගෝනපිටිය වත්තේ සිටි වතු අධිකාරි වරයාට පාසැල් මෙතැන තබාගැනීම  හිසරදයක්වන්නේය .ඔහු පාසැල නැවත ඉදිකිරීමට ගෝනකැලේ වතු ලැයිම් කාමර වලටත් ඔබ්බේන්   බටහිර කොණේ ඇති පතන් බිමක් වැනි ගල් කන්ද යෝජනා කරයි .මෙයට ගුරුදෙගුරු සමිතිය දැඩිව  විරුද්ධ වීමෙන්  අදහස ඉටුනොවී දැනට පාසැල තියෙන තැනම පාසැල ඉදිවීමට පටන්ගනී 

ගෝනකැලේ  පාසැලේ ස්ථිර ගොඩනැගිල්ල  දැන් පවතින ස්ථානයේ  ඉදිකිරීම් පටන්ගන්නා  විටද වර්තමාන පිවිසුම තිබෙන ස්ථානය  ගෝනකැලේ  වත්තට  අයත් කුඩා තේ වගාවක්  තිබුණි .දැනට වැසිකිළි පද්දතිය ඇතිතැන සිටම ගෝනකැලේ කොටසට අයත්  ගෝනපිටිය වත්තටහිමි සරු තේ වගාවම විය .කවදා හෝ දිනක මේ පාසැල වැඩි දියුණු වීම සමග  ඔය දැන් අපේ පාසැලට  අයත් අක්කර දෙකක පමණ  භුමිය ඔවුන්ට අහිමිවීම  වතු පාලකයන්ට දැනේනට ඇත .එමෙන්ම වතු කම්කරුවන්ගේ  දරුවන් උගතුන්විම   ඔවුන්ට ප්රශ්නයක් වන්නට ඇත .මේ නිසා  හටගත්  එදා ප්රබල වූ වතුපාලකයන්  ගේ විරෝධය  එදා පැවතී ශක්තිමත් ගුරුදෙගුරුසමිතිය ඉදිරි පරාජය විය  .
එදා අපේ ප්රදේශ වාසීන්ගේ පැවතී සිංහල භාෂාවේ  තරම මතුරට පදිංචි L.B.සර් කිවේ මෙසේය .ඉතා අපිරිසුදු ලෙස පාසැලට එන ළමයෙකුගේ නහය පිහදාගන්න ලෙස L.B.සර් කිවෙලු .එය  ළමයාට  වැටහී නැත .ඇය සිංහල ළමයෙක් උවද එය තේරුම් ගන්න හැකිවී නැත .ඇය අසළින් සිටි තරමක් සිංහල හැකි ළමයෙක්  සර්ට ළමයාට සිංහල බැරි බව පවසා ඇත්තේ ; “මාතියා  ඒකිට සිංගල නැතුන්කියාය .එසේ කී  එම සිසුවිය පෙර සිසුවියට බෝල හොටු පිහ ගංකීවිට  නාසය පිරිසිදු කරගත් බවයි . තවත් විටක මහල්ලාගේ ස්ත්රී වචනය  කුමක් දැයි ඇසුවිට  පිළිතුරු දී ඇත්තේ කෙලවී “ කියාය .තරමක් තරහ ගිය ගුරුතුමා පසුව දැනගෙන ඇත්තේ එය දෙමලෙන් මැහැල්ල යන්නට භාවිතාකල  වචනය බවයි ..වෙනකක් තබා ප්රේමතිලක ජයසිරි .සරත්සර් මාද සමග  ගෝනපිටිය ක්රීඩාංගනයේ ක්රිකට් ක්රිඩා කරමින් සිට  අසල ඇති සිංහල වතු නිවසකින් පොල් සම්බෝලයක් හදාගැනිමට ගියවිටක   නිවසේ සිටි අයියා  නංගි     හිරමනේ ගේන්ට” යයි කිවේය . ඔහුගේ මුහුණ බලාගෙන් සිටියේ කිසිවක් නොවැටහුණ ලෙසයි .තරහගිය අයියා ගිහිං තේන්ගාතිරුවී’  ඇන්නවරයයි කි විට ඇය හිරමනය ගෙනාවා  මතකය . මෑත ඉතිහාසයයි . එත් අද අපේ වටපිටාව කොතරම් දියුණුද ?.මම මෙයට මාස 2කට  පෙර ගෝනපිටියේ කම්කරු නිවසක සිටි එවක අහිංසක පාසැල් මිතුරෙක් හමුවීමට ගියෙමි.ඔහු දැන් මෙහි නැතැයි අසල් වැසියෝ කීවෝය .නමුත් මා යනවිට ඔහු  නිවසේ  සිටියේය .ඔහු මට කිවේ මෙවන්දෙයකි .ඇත්ත සර් මං ආබව කව්රුත් දන්නේ නැහැ .මම ඔස්ට්රේලියාවෙ  මෙල්බන් ඉඳලා ඊයේ රෑ ආවේ .අර මගේ ගෝනකැලේ ඉස්කෝලේ ගිය දුව  උපාධියක් කරලා පශ්චාත් උපාධියට එහෙ ගියා .එයා දැන් මෙල්බන්වල”McDonals”එකේ චිෆ් එකවුන්ටන් ,”කියා  . එදා මේදා  තුර අපේ පාසලෙන්  සිදුවූ සේවය කුමක් දැයි විමසන්නෙකුට  පිළිතුර මෙහි ඇතැයි සිතමි
දැන් නැවත පාසල වෙත හැරෙමි .මෙම වර්ථමාන ගොඩනැගිලි  හදන තෙක්  අපේ තාවකාලික  කුඩා පාසැල් රජදහන දැන් බාර්  එක පිහිටා ඇති (එවක හිමි කරු වූ ගුණපාල මහතාගේ ) භුමියේ ස්ථාපිත කරන ලදී. අතරතුර  අපේ ඔය ස්ථිර ගොඩනැගිල්ල සැදීමේ කොන්තරාත්තුව  P.G.ආරියදාස  මුදලාලි මහත්මා භාර ගන්නා ලද අතර ඔහු එම කටයුත්ත වගකීමකින් යුතුව කල බව ප්රකාශ කල යුතුය .එම ගුරුදෙගුරු සමිතියත්  කරුණාසේකර රත්නයක සර් ගේ අධික්ෂනයත්  නොඅඩුව ලැබුණ නිසා අදද එම ගොඩනැගිල්ල මෙහි විරාජමානව ඇත.මෙම අභිනව ගොඩනැගිල්ල  විවුර්ත වන්නේ  1969 වසරේ එවකට අධ්යාපන ඇමති I.M.R.A.ඊරියගොල්ල මැතිතුමාගේ අතිනි .එතුමා  මැරිගොල්ඩ් හන්දියේ සිට පාසැල දක්වා කැඳවාගෙන     මනරම් පෙරහැර  විචිත්රවත් කලේ රන්සිනා  ඇතුළු” නැටුම් කණ්ඩායමයි .මේකාලයේ සිදුවන තවත් දෙයක් වන්නේ කුරුනෑගල  වැසියෙක් වූ කරුණාසේකර සර් ගෝනකැලේ ගමට සම්බන්ධ වීමයි ,අපේම පාසලේ ආචාරිනියක වූ සුසිලාවති ටීචර් (ධම්මිකා ටීචර්ගේ පුන්චිඅම්මා මෙන්ම සුමණසිංහ පෙරේරා මහතා ගේ සොයුරිය )සමග එතුමා විවාහ වෙයි .මේ සර් ගෙන් පසුව විදුහල්පති ධුරය ලබා ගන්නේ මිනුවන් ගමුව ,බෝපානේ සිට පැමිණි  H.W.ධර්මවර්ධන බණ්ඩා  සර්  . මේ වනවිට පාසලේ  පංති  ගණන 08 දක්වා බැස තිබුණි . යම් තරමකට පිරිහී තිබු පාසැල නැවත නගාසිටිවිමක් මෙතුමාගේ කාලයේ සිදුවිය ,කිසිදාක වයලීනය දැක නැති අපි එතුමාගේ මියුරු වයලිනයට අනුව ගීත ගායනා කළෙමු .[ හඬ සමග මුසුවී  සුවද පද්ත්ම ඔලු ආදී” ගීත  අපේ සිත්තුල තවමත් රැව්දෙන්නා  සේ දැනේ.]   උකුතුලේ සිට  මුතු බණ්ඩා  සර්  ධර්මවර්ධන සර් සමග එක්වී පාසැල පවත්වාගෙන යන අතර  අපි පළමුවරට  (ප්රාථමික  ඩේස්ක්  එක්කර සැදු)වේදිකාවක  අකුලන දීගහරින තිර රෙදි අතරින් ලස්සන විවිධප්රසංග යක් ඉදිරිපත් කළෙමු .එම වේදිකාව ආලෝකමත් කලේ  පැට්රොල් මැක්ස්’ ආලෝකයෙනි .
ධර්මවර්ධන සර් ගේ ස්ථාන මාරුව  සමග ගෝනකැලේ  පාසැලට පායා තිබු හිරු බැසගියාසේ විය .පැවතී ගුරු හිගය සමග පාසලේ සිසුන් ගණන ඉතාම අඩුවිය . පාසලේ ගුරුවරුන්ගේ ගන්න   01  අඩුවියපාසලේ හිටි එකම ගුරුවරිය ,ඉංග්රීසි ගුරු තුමියවූ ප්රියාදරී පින්නදුව මෙනවිය .ඇය   යහපත් මානසික තත්වයකින් නොසිටි බව පෙනුනි .අනතුරුව  අඳුරු යුගය  දීර්ඝ  කරමින්  දේශපාලන පලිගැනීම කට ලක්වූ  විදුහල්පති  k.b .. දසනායක මහතා ගේද කැටයාපතනේ මුදියන්සේ සර් ගේ කාලය ගෙවීයන්නේ  .හුදෙකලා වූ  ගුරුමහතුන් කුමක් කරන්නද ?
(ප්රියංග සර් ;මෙහි සඳහන් කරුණු පොතකට ගන්නවානම් කරුණාකර පැරණි ලොග් පොත් සහ රෙජිස්ටර් සමග සම්පාත කරගන්න .) 


1970 දී සිදුවන දේශපාලන වෙනස  දැඩිලෙස අපේ විද්යාලයට  බලපෑවේය .එවකට මතුරට සිට ගෝනකැලේ  ප්රවාහන  පහසුකම් නොතිබීම නිසා හඟුරන්කෙත  ආසනයේ කොනක තිබුණු ගෝනකැලේ  පාසැල  දේශපාලන පලිගැනීම් වලට හසුවන ගුරුවරුන් බහාලන බඳුනක් බවට පත්  විය .රාගල සිට  පැමිණි දසනායක සර් තනිව  පාසැල පවත්වාගෙන ගිය 1971 සමය පාසලේ වූ දුර්භාග්   සමය විය .එතුමා  පාසැලට එන්නට වෙන්නේ උදේ 9   නැවත 12  පමණ පිටවී යයි .එවක් දේශපාලකයින් පළිගත්තේ ගුරුවරයාගෙන්ද  නැතිනම් අසරන අපෙන්ද යන්න මා දැනුද  කල්පනා කරමි .මුදියන්සේ සර් දෙවන වතාවට  පාසැලට පැමිණියේ විදුහල්පති ලෙසය . අනතුරුව විදුහල්පති ධුරයට වනිගසේකර මහතා  පැමිණෙයි .මේ වනවිටත් පාසැලේ ආරම්භක ගුරුදෙගුරු සමිතියේ  සිටම ලේකම්වරයා වූ P.P.සුමනසිංහ  මහතා  තව දුරටත් එම ලේකම් ධුරය දරයි .(එතුමා සෑමවිටම පාසැලට විශාල සවියක් වූ බව සිහිපත් කරන්නේ ගව්රවයෙනි .)සමගි පෙරමුණු ආණ්ඩුව (1970-1975 )සුමනසිංහ  මහත්මාට  තිබු කිට්ටු සම්බන්ධකම් නිසා   එයින් අපි ප්රතිලාභ  ලැබුවෙමු . එතෙක් විදුහලේ ප්රධාන ගොඩනැගිල්ලේ  කාමරයක කොටුවිසිටි ගුරැ තුමන්ලා  එයටම බද්ධ කල ගුරුනිවාස ලැබෙන්නේ මේ කාලයේදී .එය විවුර්ත  කිරීම හඟුරන්කෙත පාර්ලිමේන්තු මන්ත්රී P.B.උනන්තැන්න  මහතා  ගේ අතින් සිදුවිය .ගෝනකැලේ  පාසැලට යාබද අක්කර දෙකකට වඩා  විශාලභුමිය  පාසැලට පවරා ගැනීම ගැසට් කරවා ගැනීම අප ලද විශාල ජයක්ග්රහණයක් ලෙස සිතමි .මා මුල් ලිපියෙන් කි පරිදී  එවකට වතු අධිකාරීන් ඔවුන්ගේ පැත්තෙන් දුටු අනතුර  යථාර්තයක් විය . (මුල් පාසැල පිහිටුවෙමේ දී දුනුකෙබැද්දේ සිට පැමිණි ලොකුබන්ඩා මහත්තයා විශාල කැපකිරීමක් කළේය. කරුණ  අමතකවීම පිළබඳ සමාව අයදිමි.) මේ සංක්රාන්ති සමයේ  දී පාසැල යම් මට්ටමකට  කඩාවැටී තිබුණි .
අනතුරුව සිදුවන රටේ වෙනස්කම් සමග අපේ විදුහලට තරුණ ක්රියාශීලි  විදුහල්පතිකෙනෙක් ලැබෙයි . අබේකෝන් සර්  .J.M.P.සෙනෙවිරත්න (මගේ වැඩිමල්  සොයුරු ) මහතා  ගුරු පත්වීමක් ලැබ මේ  පාසලටම එන්නේ ඔය  අතරය .නැවත පාසලේ පංති ගනන 10  වසරදක්වා  වැඩිකර ගැනීමත් පාසැල  යලි ගොඩනැගීමේ සුවිශාල කාර්යය සිදුකරන්නේ අබේකෝන් සර් ගේ සමයේදී වීම ගව්රවයෙන් සිහිපත් කරමි .පාසැල් සිසුන්ගේ  සංඛ්යාව  ශීග්රයෙන් ඉහළ යන අතර යම් ප්රමාණයකට ප්රමාණවත් ගුරුවරුන්  සංඛ්යාවක්  ලැබෙයි ..පො . .සාමාන් පෙළ ළමුන් හොඳ ප්රතිපල පෙන්වන අතර පාසලේ මට්ටම හැම අතින්ම  ඉහල නැංවීම සිදුවේ .(වසන්ත  රත්නායක සර්  අමාත් නිමල් පියතිස්ස වැනි දරුවන් පිරිසක් අපේ පාසැල් මාතාවට ලැබෙන්නේ මෙහි ප්රතිපලයක් ලෙසිනි ).අබේකෝන් සර්ගෙන් පසුව අපේ පාසැල  පත්ව එන්නේ E.W.M.කුළසිංහ බණ්ඩා සර්  .එතුමාගේ  දයාබර බිරිඳ වූ පළිහදෑරු ටීචර් යන දෙදෙනාම  උපාධිධාරීන් වූ අතර  වඩාත් උනන්දුවෙන් පාසලේ උන්නතිය වෙනුවෙන් වැඩ රාශියක් නිමකිරීමට මේ කාලයේදී හැකිවේ .හොඳ ගුරු මණ්ඩලයක් ලබා ගැනීමත් ලැබෙන  ගුරුවරයාගෙන් හොඳින් වැඩ කරවාගැනීමට කුළසිංහ සර් දක්වන හැකියාවත් නිසා පාසලේ ශිෂ් සංඛ්යාව වාර්තාගත ලෙස ඉහළ යයි .මෙය අප පාසැලේ ස්වර්ණමය යුගය විය හැක . කැටයාපතන සහ මන්දාරම්නුවර නාය යාමෙන්  ඇතිවූ හදිසි තත්ත්වය නිසා අපේම සහෝදර ජන කොටසක් අවතැන්වූ   මොහොතේ ඔවුන්ට නවාතැන් දීමට  අපේ පාසැල ලබාදීමට මෙතුමා දෙවරක් නොසිතුවේය .ගෝනකැලේ වතු අධිකාරි තුමා  වහාම ක්රියාත්මක වී අපේ පාසැල පවත්වාගෙන යාමට  ගෝනකැලේ CLUB සමාජශාලා  ගොඩනැගිල්ල  ලබාදීම අපේ ඉතිහාස කතාවට  එකතු කල  යුතු යැයි සිතමි. අනුව අපේ පාසැලට මන්දාරම්නුවරින්  සිසුන් රාශියක්  එකතුවෙයි  .අද නුවරඑළිය  ගාමිණි ජාතික පාසලේ විදුහල්පති පුස්සලමංකඩ මතතා අපි පාසලේ සිසුවෙක් වන්නේ මේ අනුවය .
      (ඉස්සර  අපි මෙම  පාසැලට  ගිය  1968 පමණ  කාලයේ ක්රිකට් ගැන අපි හරියට දන්නේ නැත .පන්දුවට ප්රබල පහරක් එල්ල කලවිට  එය ආසන්න තේ කැලයටවැටුනේ නම් එය අපේ වාසනාවකි .එය හයේ පහරකට වඩා  වාසිගෙන දෙයි .අනෙක් අය බෝලය හොයන තෙක් අපි ලකුණු සොයා දුවන්නෙමු .එය සමහරවිට එහි ලකුණු 20 පමණ විය හැක  .!)අපේ ගමේ ළමුන්ට ක්රිකට් යනු කුමක්දැයි හඳුන්වා දෙන්නේ අසංග හපුගස්කුඹුර සර් සහ සරත්  අබේසුන්දර සර් ලා බව මෙහිදී මතක්  කරමි.මේ කාලයේ ක්රීඩා  අතින්   බාහිර ක්රියා කාරකම්වලින්ද පාසැල ඉදිරියට එයි.කුළසිංහ සර් ගේ  සමයේ ප්රධාන  සේවාවක් වන්නේ පාසලට විදුලිය ලබාගැනීමයි .මෙහිදී එතුමා  අවට පරිසරයෙන් එල්ලවන බාධාවන් ජයගැනීමට පාසැල් සංවර්ධන සමිතිය විශාල හයියක් වේ .එමෙන්ම  සොයුරු සෙනෙවිරත්න සර්  කුලසිංහ  සර්  විශාල හයියක් වූ බව කුලසිංහ සර් මා සමග පැවසිය .. මෙතුවක් පාසැල් සන්වර්ධන සමිතියේ  ලේකම් ධුරය දැරූ P.P.සුමනසිංහ මහත්මා විවේක ගන්න අතර හයිෆොරස්ට්වත්තේ ශේස්ත් නිලධාරියෙක් වූ දිසානායක  මහතා ලේකම් ලෙස පත්වේ .මේ යුගයේදී හයිෆොරස්ට් වත්තේ  සිටි ශේෂ්ත් නිලධාරින් වන   ජයසිංහ ,දිසානායක ,සෝමරත්නයන යන  මහත්වරුන්   නො 2 කොටසේ ඒකනායක මහතා   පාසලේ උන්නතියට ලබාදුන්  සහය වැදගත් එකකි  දින දින වැඩිවන පාසැල් සිසුන් සංඛ්යාව  ඉඩකඩ මදිවන බැවින් නව ගොඩනැගිල්ලක අවශ්යතාව මතුවේ .රොහාන් අබේගුණසේකර  ගරු මන්ත්රීතුමාගේ අනුග්රහයෙන්  40x20  ප්රමාණයේ ගොඩනැගිල්ලක් ලබාගැනීමට අපට හැකිවෙයි .එය ඉදිකරන්නේ එතෙක් (විදුලි සංදේශ හුවමාරුවේ  වැඩකළ )R.M.අප්පුහාමි මහතා වගා කල කොටසේය .එම ගොඩනැගිල්ල විවුර්ත කිරීමට  වෙළඳ රාජ්  අමාත් රොහාන් අබේගුණසේකර  මහතා පැමිණෙයි . දින එතුමා පෙරටු කරගෙන  පැමිණෙන  ආචාර පෙළපාලිය පාසැල් ඉතිහාසයේ පලවන වරට  අපේ ළමුන්ගේ පෙරදිග තුර්යවාදක කණ්ඩායමක් පෙරමුණ  කරගෙන   ප්රදේශවාසීන්ට අලුත් අත්දැකීමක් විය  සංගීත  භාන්ඩ  මතුරට මහාවිද්යාලයෙන්  ලැබින  .පුහුණුවීම් කරන්නේ තරුණ ගුරුවරියක වූ අමරසිංහ මෙනවිය සමග පද්මශිලි ගුරු තුමියයි  .ඒවනවිට පාසැලට ගුරු පත්වීමක් ලබා පැමිණසිටි මෙම  ලේඛකයා   සරත් අබේසුන්දර සර් දඅචාර පෙළපාලිය පුහුනුකිරීමට කැපවීමෙන් මෙහිදී වැඩ කලෝය .මාතර කඹුරුපිටියේ සිට පැමිණසිටි නියෝජ් විදුහල්පති ලෙස කටයුතු  කල  (ප්රාථමික ගුරු උපදේශක වරයෙක් ලෙසදැනට  විශ්රාම ගෙන සිටින ) ‘S.විජෙසිං  පතිරණ  මහතා සහ පළිහදරු ගුරුමාතාව  උත්සව කටයුතු  සංවිධානයේ ලොකු බරක් කරට ගෙන සිටීම විදුහල්පති කුළසිංහ මහතාට ලොකු අස්වැසිල්ලක් විය .
වැඩිවන ගුරුවරුන්ට නවාතැන් පහසුකම් සඳහා  ගුරුනිවසක් ලබාගැනීමට  සෙනවිරත්න සර් සමග කුළසිංහ සර් කලේ එසේ මෙසේ සටනක් නොවේ .කිහිපවිටක්ම  අපිට වෙන්වූ මුදල් වෙනත් පාසැල් ඩැහැ ගත්තේය.මෙහිදී එවකට දේශපාලන භුමියේ සිටි පොළොන්වල’ මහත්මා දුන් සහය අගේකලයුතුය .ප්රධාන ශාලාවේ වේදිකාවක් සැදිමෙන් සෙනෙවිරත්න සර්ගේ එක සිහිනයක් සැබෑවන අතර විදුලි සංදේශ නවීකරණ කටයුතු භාරව පැමිණි කරිස්ටාර් “(?)සමාගම පාසැලට සිමෙන්තියෙන් වතුර ටැංකියක්  බැඳ දුන්නේය .එවකට ගෝනකැලේ කොටසේ වතු අධ්කාරින් ලෙස කටයුතු කල ප්රේමදාස මහත්මාත් තව කිහිපදෙනෙක්ම පාසලට නන් අයුරින් උපකාර කළේය .රටේ අඳුරු යුගයක් ඇතිකරමින් ජනත්විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශය ක්රියාත්මකවන්නේ මේ අවදියේය .අල්ලපුවැටේ ඇති විදුලි සංදේශ හුවමාරු වැඩපොළට බෝම්බයක් ගැසීමත් වරින්වර බාර් එක  තුන්ඩු කෑල්ලක් දී වැස්සවිමත් ගමේ ඉලන්දාරින්ගේ  ආශ්වාදයට හේතුවී ඇති  අයුරු පෙනුනි .හඟුරන්කෙත  පාර්ලිමේන්තු මන්ත්රී රොහාන් අබේගුණසේකර මහත්මා සමග කළඉතා පුද්ගලික  සාකච්චා වක දී  මේ ගමේ තරුණයින්  නිකං ඉන්නට නොදී යමකට යොමුකල යුතුබව  කුළසිංහ සර්  සහ සෙනෙවිරත්න සර්ට උපදෙස් ලැබුණි .මගේ පොඩි අයියාවන වන  ගාමිණි සෙනෙවිරත්න මහතා ඔහුගේ පුද්ගලික සම්බන්දකම්  භාවිතා කර ජාතික තරුණසේවා සභාවශාකාවක් ගමේ පිහිටවාගන්නේ  මේ අනුව  .මේවනවිටත්  අපේ පාසලේ තරුණ ගුරුවරු දෙදෙනෙක් අල්ලාගෙන ගොස්  පුනරුත්ථාපන කඳවුර    සිටි බව බොහෝදෙනෙ ක්  අදටත් නොදනිති .(ඇත්තටම මින් එකගුරුවරයෙක්  පත්වීම් ලිපිය ලබාගෙන පාසැලට පත්වීම ගැනීමට එත්දී පාසලේ මිදුලේ හමුදා ජීප් රථය තිබුණි .ඔහුගේ නම විමසු  හමුදා නිලධාරින්  එහෙනං සර් ගිහිං අස්සන් කරලා පොඩ්ඩකට එන්නැයි පැවසිය . පොතේ අත්සන් තබා එළියට  ගුරුවරයා  එහෙනං යං සර් කියා ජීප් රියට නංවා ගෙන ජීප් රිය පිටත් විය .ඔවුන් රැඳවු කඳවුරේ  දී  ඔහු දැක ඇත්තේ  අප විද්යාලයේ තවත් ගුරුවරයෙක් සහ ප්රදේශයේ වෛද් වරයෙක්ද එහි සිටි බවයි .නොබෝ දිනකින් ඔවු නිදහස් වී පැමිණි බැවින්  කථා කාලයේ වැලි තලාවෙන් වැසිගියේ අපේ අචාර්ය මණ්ඩලයටද හොරෙනි .)
මෙවන් පසුබිමක තරුණසේවා සභාව පිහිටුවාගෙන සෑම ගමේ තරුනයෙක්ම තරුණියක්ම  සම්බන්ධ කරගෙන  කුළසිංහ සර් ඔවුන්ට  ලොකු වැඩක් පැවරිය . මෙතෙක් ආදයම්ලද තේවත්ත කපා පිට්ටන්නියක් සාදා දෙනලෙසය . (ගමේ තරුණයන් දෙදෙනෙකුට  විරුද්ධව  හමුදාවට පෙත්සම් ගිහිං තිබුනත් ඔවුන් කෙටි කලක් සැඟවී සිට  සුපුරුදු පරිදි පිට්ටනිය කැපීමට සහභාගී විය ). බුල්ඩෝසරයක්  ඇසින්දැක  නැති අපි උදැල්ල .මුල්ලුව සහ විල්බැරෝව භාවිතා කර පාසලට ලස්සන් පිට්ටනියක්  ලබාදිමු .මා සිතන්නේ අපේ මුල්ගුරුතුමාත්  ගාමිණි සෙනෙවිරත්න මහතාත් තිරය පසුපස සිට කල මේ දෙයින් අපේ තරුණ ජිවිත රැකුණ  බවයි .(මේවා එළිපිට වුනා නම් ඔවුනට ජිවිත තර්ජන  ඇතිවීමට  ඉඩ තිබුණි ,) මා  වනවිට ගුරු වුර්තියෙන් සමුගෙන පේරාදෙණිය වෛද් විද්යාලයේ ඉගෙන ගනිමින්  සිටි යෙමි .වෛද් විද්යාලය වසා  තිබු බැවින්  මට පුර්ණ කාලිනව මේ වැඩ වලට සම්බන්ධ වීමට  හැකිවිය .ඉන් ටිකකලකදී කුළසිංහ  සර් ස්ථානමරුවක් ලබා යන අතර  පළිහදෑරු මහත්මිය පළවන විද්දුහල්පතිනිය වන්නිය .අනතුරුව විදුහල්පති ධුරයට  මුදන්නායක  මහතා පත්වන අතර  ඔහුගෙන් පසු මාගේ වැඩිමහල් සොයුරු සෙනෙවිරත්න සර් පත්වන්නේය .ඉතා  නිවුණු චරිතයක් වූ එතුමා විවාහවී සිටියේ ලෝරා රණතුංග ගුරු මහත්මිය සමගය .එම කාළය ඉතා කෙටි එකක් වන්නේ වයස 55 දී එතුමා ගේ මොළයේ  නහරයක් පිපිරී දින හතරක් පහක් තුල ජිවිතයෙන් සමුගැනීමට සිදුවීමෙනි  .ජීවීතයක ඇති අස්ථිරබව පසක් කරමින්සිසුන් සියගණනක්  ගෝනකැලේ සහ අවට ප්රදේශය  දායාද කල  එතුමාට  නුහුරු නුපුරුදු  ගාල්ලේ දී අවසන් ගමන් යාමට  සිදුවිය . .වර්තමාන විදුහල්පති සමයමන්ත්රී මහතා විදුහල්පති ධුරය  පත්වන්නේය ...
(මගේ මුල් පාසලේ මා ලියු කතාව නිමා කරමි . මේ කථාවේ විවිධ සේවාවන් කල ගුරු උතුමන්සහ උත්තමාවියන් ගේ නම් සඳහන් නොකලෙමි .හේතුව  සියලුදෙනාගේ නම් මට මතක නැති බැවින් කෙනෙකුට ඇයි මගේ නම නැත්තේ ?’යන වේදනාව ඇතිවන් බැවිනි .වසර පනහක හැටක දේවල් කෙසේ මතක තියාගන්නද ?එබැවින් මට ඉගැන්වූ සහඅනෙක් සියලුම දැනටද සිටින  ගුරු මහත්ම මහත්මීන්ට  හිස නමා ආචාර කරන අතර සියලු අතපසුවීම් වලට සමව භාජනය කරමි .මේ ලිපි දැන් සිටින  ආදරණිය ගුරුමණ්ඩලය  රිසි කටයුතක් කරගැනීමට අවසරදෙමි.)

******උපාලි සෙනෙවිරත්න ***ගාල්ලේ සිට ****2018-09-30

No comments:

Post a Comment