**************සරසවිය බුද්ධිමතුන් ගේ තෝතැන්නක් ද ?*******
පසුගියදා
පේරාදෙණිය සරසවියේ සිසුන් පිරිසක් පහරදී රටක් වටිනා අහිංසක වෛද්‍ය
වරයෙක් රෝගීකල පුවතක් ගැන පලවිය .ඔහු කල
එකම වරද වන්නේ සරසවිය මැදින් වැටි ඇති මහාමාර්ග
දෙපාර්තමේන්තුවට අයත් පාරේ තම වාහනය
නතරකර දුරකථන ඇමතුමක් ගැනීමය . මේ
විශ්වවිද්‍යාල සිසුන්ගේ හැසිරීම් රටාවේ එක පැතිකඩකි .මේගැන මා 2016 දී ලියු ලිපියක් මේ සමග
නැවත පල කරමි .කියවන්න .සිතන්න .
පේරාදෙණියට
ගියෙමි .-1
1987 වර්ෂය ආරම්භයත්
සමග අපිට ලැබුන ලියුමට අනුව පේරාදෙණිය වෛද්‍ය පිඨයටවාර්තා කළෙමු .රටේ නන්දෙසින්
පැමිණසිටි නාදුනන මිතුරන්
අතරේ මුසුවී සිටි අපි නවකවදයට
මුහුණ දුන්නෙමු .එයට
වසර තුනකට පෙර තරඟ විභාගයකින් ගුරු පත්වීම්
ලබා මහනුවර කිංග්ස්වුඩ් විදුහලේ පුර්වසේවා ගුරුපුහුනුවට
අපසමග සහභාගිවූ උදිත අපේ
ජේෂ්ඨ කණඩායමේ සිටින
බව කාරියවසම් මට පෙන්විය .අපිව
හඳුනාගත් පසුව උදිත
අපිට හොඳින් උපකාරකළේය . සහකාර වෛද්‍ය පාඨමාලාවට
මා තේරී ඇතිබව දැනගත් මගේ නුවරඑලිය
ගාමිණි පාසැල් මෑණියන්ගේ උදාර දරුවන්වූ
වෛද්‍ය ශිෂ්‍යය නවාස් ජිෆ්රි තම
මල්ලි වූ නිලාම් ව ඒවා තිබුනේ “හචිසන් ගේ ක්ලිනිකල් මෙතර්ඩ්ස්” පොත ද
සමගය .වෛද්‍ය විද්‍යාලයේ
අවසන් වසරේ සිටි මා මිත්ත්‍ර කමල්
මාව ඔහුගේ අරුනාචලම් ශාලාවේ සිය
කාමරයට කැඳවාගෙන යනලදී . එහිම යට තට්ටුවේ සිටි මහින්ද ප්‍රේමරත්න ව කැඳවා ඔ හු ට
මාව පෙන්වන ලදී .එම ශාලාවේ
සිසුන් සහ ඔහුගේ ‘බැචා ලා මහින්ද හඳුවන ලද්දේ ‘ලෝකයා’කියාය .ඔහු එදා මා
දැක උපරිමයෙන් ම සතුටු විය .කෙසේ වෙතත්
අපේ පාසැලේ සිටි එම මිතුරන් ගෙන් ලද උපකාර
මගේ හිතට ගෙනදුන්නේ ලොකු ගර්වයකි .එතැන් සිට පටන්ගන්නා
අපේ උසස් අධ්‍යාපනයේ රස රස තැන් පොතකට
ලියන්න බැරිතරම් වුනත් එහි වැදගත්
තැන් පමණක් සටහන් කරමි .
දිනක් දවල් කෑම පැයේදී අරුනාචාලම්
ශාලාවේ මිදුලේ සල්ලාපයේ වෙදෙමින් මමත්, ලෝකයාත්, ඔහුගේ බැචාලා
වූ ,සුරයා සහ ජෝජා ද සමග සිටියෙමු . ජංගම
දුරකථන නොතිබුන ඒ යුගයේ ව්ශ්ව විද්‍යාල
ශාලා සියල්ල සම්බන්ධ කල අභ්‍යන්තර
දුරකථන පද්ධතියක් විය .සම්පුර්ණයෙන් නිදහස් ඒ
දුර කතන වලින් ඔවුන් පණිවුඩ හුවමාරු කරගන්නා ලදී .මා මේ කියන දවසේ ද මේ
දුරකථනය ඔස්සේ හදිසි පණිවිඩයක් ආවේය.ඉන් පැවසුවේ
‘ඔන්න රාමනාදන් ශාලාව හරියේ ඇක්සිඩන්ට් එකක් වෙලාලු .’ ආරංචිය
කනවැකුණු වහාම අපි සිටිය ශාලාවේ
කොල්ලන් අතට හසුවූ කොහුමිටවල් ,පොලු ,ඉදල්මිටවල් ,අතට ගෙන රාමනාදන් ශාලාව දෙසට දුවන්නට විය .ඒ සමගම ජයතිලක
ශාලාවේ කොල්ලන්ද මාරපොලු හෝ කඩාගෙන සටන් බිම් සොයා දුවන්නටවිය .මට ඒ පිළබඳ ගැටළු කිහිපයක් ඇතිවිය . ඒවා මම මගේ
මිතුරන් වුවද දැන් ජෙෂ්ඨය න්
ගෙන් මෙසේ විමසුවෙමි .[පේරාදෙණිය
විශ්වවිද්‍යාලයේ විශාල භුමි භාගය තුලින්
වැටි ඇති මහාමාර්ග කිහිපයක්ම ඇත .ගලහා
හන්දියේසිට ගලහා දෙසට යන පාර කිලෝමීටර් ගනනාවක්ම යන්නේ විශ්වවිද්ද්යාලයේ භුමිය හරහාය .ඒනිසා මේ අනතුර
අනිවාර්යවෙන්ම සිදුවී ඇත්තේ මහාමාර්ගයක ය .එබැවින් ;]
‘මචං දැන්
ඔය පොලු කඩාගෙන දුවන අය කොහොමද ඔය
ප්‍රස්නේ විසදන්න යන්නේ ? ඇයි පොලු ගෙනියන්නේ ? ඔවුන් ගහනවානම්
කාටද ගහන්නේ ?’ ඒ ප්‍රශ්නය යි
.ජෝජාට
නම් මළ පැන්නේය .මේ උඹ තාම ෆ්රෙශෙක්( අලුත් එකෙක් ). කියා
නොරුස්සනා ගතියෙන් ශාලාවට ගියේය .මහින්ද සහ
සුරයා මෙසේ පැවසිය .
“මචං ,අපි තාම කවදාවත්
වලිවලට ගිහිං නැහැ .පොඩ්ඩක් හිටපං. අපි ඔය යන එකෙක්
ගෙන්ම අහමු.”
ඔවුන්
කඩිමුඩියේ දුවනවුන් මොහොතහකට හෝ නතරකගැනීමට දැරූ උත්සාහය අසාර්ථක විය .බොහෝ
උත්සහයකින් පසු පොළු දැරුවකුගෙන්
ලෝකයා පොඩ්ඩක් කථා කරන්න පුලුවන්
දැයි ඇසුවිට ‘වෙලා නැහැ මචං’ කියාගෙනම ඔහුද
දුවගෙන ගියේය .අවසානයේ පොලු ධාරී මිතුරෙක් කෙසේ හෝ කතාවට අල්ලාගතිමු . අපි ඇසුවේ
දැන් පොලු අරන්යන නුඹලා එතැනට ගිහින්
කරන්නේ මොනවද කියා ය .ඔහු දුන්
පිළිතුර මෙසේය .
“රිය අනතුරින්
තුවාළ ලබා සිටිනවුන් ඇත්නම් අනිවාර්යයෙන්ම හමුවන පලවන වාහනයෙන්ම රෝහලට යවනවා .ඒ වාහනේ කාගේද
? වාහනේ කාගේද ?එහි ඇති වටිනා
කාපට් වල ලේ-ගෑවෙයි ද කියන
ප්‍රශ්න අපිට නැහැ .ලෙඩ්ඩු යවනවා .
*ලොකු තුවාල
නැති සාමාන්‍ය අනතුරක්නම් , එහි එක පාර්ශ්වයක පොලිසියට
සම්බන්ධ කෙනෙක්නම් ඔහු නිවැරදි කරුවෙක් වුවත්
ඔහුට ගහනවා .
* එක පාර්ශ්වයක විශ්වවිද්‍යාල හෝ පාසැල් ශිෂ්‍යයෙක්
ඉනවානම් අනිත් පාර්ශ්වය අනිවාර්යයෙන්ම
ගුටි කනවා .
*පාපැදියක
කාර් එකක් නම් හැප්පුනේ ,අනිවාර්යයෙන්ම කාර් හිමිකරු ගුටි කනවා .” ඔහු ලැයිස්තුවක් කිවේය .හොඳයි ඔයා යනකොට ඔය
සිද්ධියේ විස්තරයක් දන්නේ නැත්නම් ඔයා මොකද කරන්නේ ? මම විමසීමි .
“ මම
යනකොට අපේ එවුන් ගහ ගහ හිටිය එකාට
මමත් ගහනවා !” කියාගෙනම
ඔහුද පොල්ලත් අමෝරාගෙන අනතුර සොයා දිවගියේය .බුධිමතුන් හැම දෙයකදිම
බුද්ධිමත් වන්නේ නැත .එමෙන්ම නුගතා ද බුද්ධිමත්ව වැඩකරන
අවස්ථා ද ඇත .බුධිමතුන් ව වගාකරන
පැල තවාන් බඳු විශ්වවිද්ද්යාල
වලද කටු පඳුරු ද හැදී වැඩේ .
උපාලි සෙනෙවිරත්න****** ගාල්ලේ සිට *****2016 -09 -28 “””””””””
No comments:
Post a Comment