*******තරු පෙන්නපු යෝග ව්‍යායාම******
මේක මම ඇහැව්වේ වසර 20
කට 30කට ඉස්සරදි . අපේ අමාත්‍යාංශ සමහර චක්‍ර ලේඛ
නිකුත් කරන්නේ මුළු රටේම ආයතන
එකවගේ ඇති කියලා හිතාගෙන.ඇත්තටම දැන් උනත් පෙනෙන්නේ නැත්ද
අපේ දේශපාලකයෝ පාසැල් ළමුන්ට “ටැබ්
පරිගණක” දෙන්න කථා කරනවා .නමුත් මේ
රටේ පාසැල් කීයක හරියට ඉසට වහලක් ,බොන්න වතුරටිකක් නැත්ද ? .ඒ කාලෙත්
මුළු ලංකාවේම පාසැල් එකවගේ කියලා හිතාගෙන තමයි
සමහර චක්‍රලේක නිකුත් කරන්නේ .එකපාරක් එක චක්‍රලේක යක් එනවා ‘මාණ්ඩලික
මට්ටමින් පාසැල්වල යෝග ව්‍යායාම
පුරුදු කරන බැවින් අනිවාර්යයෙන්ම
සෑම පාසලකින්ම ගුරුවරයෙක් පුහුණු පාඨමාලාවට යායුතු’ බව කියා .
ඉතිං
එයට සහභාගිවීමට ගෝනකැලේ කනිටු
විදුහලෙන් සෙනෙවිරත්න සර් (මගේ ලොකු අයියා
)ද ගියා .මේ කතාව රසකර කිව්ව මුදන්නායක
සර් වෙනත් ඉස්කොලෙකින් නියෝජනය
වුනා .ඒ පුහුනුව තිබුන
ඉස්කෝලේ හරියට මතක නැතත් එය බොහොම
ග්‍රාමීය පෙදෙසක් බව කිව්වා මතකයි . අපේ අයියලා බස් ඒකෙන් ගිහිං බැහැලා
යනකොට තව නැෂනල් ඇඳුමෙන්
සැරසුන වයස නිසා තරමක් දුබල පෙනුමක්
ඇති සර් කෙනෙකුත් ඒ බස් එකෙන්ම
බැහැලා අයියලා සමග කතාකරකර යනවා .
“අයියා ගේ වයසට මේ ට්‍රේනින් එක සැර වැඩි
නැත්තද අයියා ?” කියලා අපේ අයියා අහනවා .
“ඔන්න ඔ න්න මල්ලි රෝන්
යනවා .මං මේ නාකිය වුනාට හොඳට වැඩ
පුළුවන් .” කියා විහිලුවට අයියා දෙස රවා බළා සිට ඔහු කියනවා ,
“මල්ලි
මගේ ඉස්කොලෙටම තියෙන්නේ පංති පහයි - ඉන්න එකම ගුරුවරයාත් මම මයි .ඉතිං මුන් අනිවාර්යයෙන්
සහභාගී වෙන්න කියන නිසා මම ඉස්කෝලේ
වහලා ‘මම යෝග කරන්න යනබව’ දැන්වීමක් දාල
ආවා .මම තව මාස දෙකකින් විශ්‍රාම
යන්න ත් ඉන්නේ .මට මොන යෝග ද බං දැන් .” කියලා කිව්ව .මගදී ඒ ගමේ ගැමියෙක් ගෙන්
හොඳ කිතුල් රා තියෙන
තැනකුත් අසා දැනගෙන තුන්දෙනා ම ‘පොඩි අඩිය’කුත්ගැහැව්වා
.එනගමන් අර සර් කිව්වාලු ,”යමල්ලකෝ මං
උන්ට අද හොඳ යෝගයක් පෙන්නන්නම්”. කියලා .
යෝග පුහුණු ශාලාවේ එතකොටත් ගුරුවරු දහයක් විතර ඉන්නවා .මේ වයසක
සර් දැකලා දැන් තරුණ පුහුණු කරුටත් ‘හොල්මං’වෙලා වගේ .
“ඈ බං
අයියා ඇයි උඹ ආවේ ? එතුමාව දන්නා තව සර් කෙනෙක් ගමේ බාසාවෙන්ම ඇහැව්වේ
තරුණ පුහුණු කරුත් සමග ඔහු ළඟටම ඇවිත්.එහිදීත් ඒ සර් අර ඉස්කෝලේ යතාර්ථය හැමෝටම පැහැදිලිකරලා .
පුහුණුකරු කිව්වාලු “නෑ සර් මම ලියුමක්
දෙන්නම් -සර්ගේ සෞඛ්‍ය තත්ත්වය මත සර් නිදහස් කරන්නං”කියලා .එත් මේ සර් කමතිඋනේ නැහැ ඔහු සෞඛ්‍ය තත්වයෙන් පහල බහින්න
.අන්තිමේදී ඒ සර් හැමෝටම ඇහෙන්න කිව්වා
‘එහෙම කොහොමද අපිට බෑ
කියන්නේ .මේ අපි නාකිඋනාට අපිටත් හොඳ යෝග තාම පුළුවන් .ඔන්න හොඳට බලා ගනිල්ලා අපේ යෝග ’
කියා සරමත් දෙකට නමාගෙන බිත්තිය අයිනට ගිහිං හිටගත්තේ නැතැයි ඔළුවෙන්. දැන් එතුමාගේ
සරම පහලට වැටිලා මුණ වැහිලා .(හොඳ වෙලාවට
සර් යට ඇඳුමක් ඇඳලා හිටියා ).දැන් හැමෝටම
හිනහ යි . නගරේ ඉඳලා ආව තරුණ
පුහුණුකරු ට ලැජ්ජයි වගේ .
“හා -හා
අයියා ඔය ඇති. දැන් බහින්ඩකෝ .මං
අයියා සහභාගී උනා කියලා ලියුම දෙන්නම් .”
කියා කිවයින් පස්සේ යන්තම්
සර් නැවත කකුල් දෙකෙන් හිටගත්තා
******උපාලි සෙනෙවිරත්න**** ගාල්ලේ සිට**2018 -02-22 ***ඇ
No comments:
Post a Comment