Tuesday, January 1, 2019


කොස්  අතු  සහ  නුග අතු
මා මිට පෙර  ලිපියක  කිව් පරිදි  විහිළුව ගැන සටහන් කරමි .අපි විහිළුවක්  කිරිමේ දී අපි සමච්චල් කරන්නේ අපි දන්නා  හෝ නොදන්නා චරිතයකට ය . නැතිනම් කුමක් හෝ  සිදුවීමකට ය .එම විහිළුව රසවත් වනුයේ  කතාවේ  රසවත් අවසානය ගැන කිසිම ඉගියක්  නොදී  ඉදිරිපත් කිරීමෙනි .අනික් කරුණ ඒ පිළිතුර  අනෙකා අනපෙක්ෂිත  එකක් වීමය .ඊයේ දුර කථනයෙන් මා  ඇමතු සහුර්දයෙක්  මා  මේ තරම් රසවත් ලෙස කථා ලියන්නේ කෙසේ දැයි විමසිය .  ඇත්තටම මගේ කථා  රසවත්නම් එම රසවත්  බවේ රහස  එයයි. .
කොස් අතු  කතාව  පළමුවෙන් කියමි .ඉස්සර ‘වළපනේ’ ඉතාම  දුෂ්කරතා  පිරුණු  ආසනයකි .1970 දී ශ්‍රීලංකා රජයේ වළපනේ හිටපු  ගරු මහජන මන්ත්‍රීතුමා වූ T.B.M. හේරත් මැතිතුමා ඔය වළපනේ සංවර්ධනය  කිරීමට  උපරිම  උත්සහයක් ගත් කෙනා විය .එතුමාට ප්‍රවාහන නියෝජ්‍ය ඇමති ධුරය  ලබුනපසු  වළපනේ  පාරවල් දමියහැකි  සැම ගමකටම  පාරවල් තනා දුන් අතර  එම පටු පාරවල්  වල යාහැකි  කුඩාබස් රථ සහිත ‘වළපනේ ලංගම ඩිපෝව’ද  ස්ථාපිත කරනලදී .මතුරට  ගැමියෙක් ලෙස මාදකින්නේ එවක ගමේ කාටත් අවශ්‍ය පුද්ගලයන් අතර   ගමේ  දොස්තර මහතා ,  ග්‍රාමසේවක රාලහාමි,තැපැල් බෙදන්නා  සේම ගමේ බස් එකේ රියදුරු  මහතා  සහ  කොන්දොස්තර ද විය .ඒ තමන්ට  නගරයෙන් ගෙන්නා  ගැනීමට අවශ්‍ය තුණ්ඩුවේ බෙහෙත් ටික ,පත්තර වැනි  සැහැල්ලු බඩුවක් ගෙන්වාගැනිම ද  බොහෝවිට  ස්වේච්චාවෙන් ම් ඔවුන් ඉටුකර දුන් බැවිනි .ඒ නිසාම  සමහර සිංහළ අවරුදු දාටත්  සේවයේ යෙදුන ඒ දෙපළ   ගමේ ගෙවල්වල සැකසෙන  කෑම මෙසයේත්, මගුල්ගෙදරත්,මළ ගෙදරත් ඔවුන් දෙදෙනාට  ආසන පැනවි තිබුණි .

වළපනේ  කිසිදාක පාරක් නොතිබිනු  ගම දනව් සොයමින්  මහා මාර්ගය දෙපස  අතු  පාරවල්  සැදුනේ හනිකට ලියලන අතුපතර ඇති   ගසක්  වැඩෙනවා මෙනි .මේ වේගවත් සංවර්දනය ගම්වලට  නව පණක් ගෙනාවේය .ඒ වනතෙක් තවලම් වලින් පොලට බඩු ගෙනා ගොවියන්ට  ලෝරි  සහ වැන්  රථ  ආදේශවිය .ගම්වලටම  බස්  රථ එන්නට පටන්ගති .මා මේ කියන ගමටද බස්රථය එන දිනය වූදා විය .ඒ වනවිටත්  බස්රිය ක්  ඇසින් නොදුටුවෝ  ගමේ සිටියෝ ය .ගමෙන් බස් එක  පිටත්වන තැන බසය හැරවීමට අවශ්‍ය ඉඩකඩ  ගම්මුන් විසින්ම සකස් කරන ලදී .එවැනි තැන්වල  අවශ්‍යයෙන්  තිබිය යුතු  තේ කඩයද  එහි විය . එය ඉදිරියේ  පැරණි කුරු  කොස්ගසකි .අතුපතර  නැමිතිබුන ඒ ගස  යට  බස් රියට  මනා  සෙවනක් ගෙන දුන්නේය .එදා ගම්මුන්ට  එකම මගුල් ගෙයක් විය .කොල්ලන්ගේ  ඔල්වරසම් මැද ගමට පැමිණි බසයට  හැමෝම නැග බැලුවෝය  . අතගා  බැලුවෝ ය  . බසයේ සේවක දේපොළට ත්  කල් ඇතුව පැමිණසිටි  ගරු මහජන  මන්ත්‍රී (නියෝජ්‍ය ඇමති )තුමාටත් කැවුම් කිරිබත් සංග්‍රහයකි . බස් රථයටද  මල්මාලයක් පැළඳ වන ලද අතර එහි ‘සැපත්ව  සිටි’ ගරු මන්ත්‍රී තුමා පළමුවෙන්  නැකතට  බසයට ගොඩවිය . ඉන්පසු ගැමියන් යන් ද හැකිතරම් බසයටගොඩවිය .  .දොරේද  එල්ලිසිටි යි .හේතුව  එදා හැමෝටම නොමිලේ යන්නට  දීමය .තව 10 දෙනක් පමණ බිමය .ඒ දවස් වල බස්වල  වහල උඩ  බඩු ගෝනි ගෙනයාහැකි “ හූඩ් රැක්” එකක් විය .බිමසිටි ඉලන්දාරින්  ඒ කට නගින්නදැයි විමසීය.
“මට ඒකෙ ප්‍රශ්නයක් නැහැ .මං බස් එක අරන් යන්නං.හැබැයි හොඳින්  අල්ලා ගනිල්ලා .” රියදුරු  මහතා  පැවසිය .වචනය පිටවූ සැනින්  එකිනෙකා  පෙරලාගෙන ඉනිමග  දිගේ  වහලට ගොඩවූ  ගැමියෝ ,
“ හරි ..යි ..යී.අපි අල්ලගත්තා   යන්,  .යා ..න්” කෑගැසුවෝය .
ගම්මුන්ගේ  හැටි  හොඳට  දන්නා රියදුරු මහතා  කොන්දොස්තර ව අමතා ,
‘මල්ලි කෝකටත්  උඹ  බැහැලාම බලපන්   මුන්  හොඳ ට අල්ලාගෙනද ? නැත්තං  බස් එක  අද්දන කොට   වහලෙන්  බිමට වැටෙයිද  කියලා ?’ යයි පැවසිය .
බිමට බැස  බස යේ වහලට නැගසිටි  ගැමියන් දෙස බැලු  කොන්දොස්තර  ම්හතා  “බුදු අයියේ  බස් එකනම්  හොල්ලන්න  වත් එපා”.යයි  කෑගැසිය .
‘ඇයි  මුන් හරියට අල්ලගෙන් නැත්ද ?’ කියාගෙන බසයෙන් බැස්ස  රියදුරු මහතා  දුටුවේ ,
 බසයේ  වහලය උඩ  හිටගෙන  බසය දෙසට  නමි තිබුන  “කොස් අතු” අල්ලාගෙන සිටින  පිරිසකි .!

****** සෙනෙවිරත්න  ගාල්ලේ සිට *****20160-07 – 30 .
                                නුග  අතු 
නුගගස ගැන  කියත්දී  අමතක නොවන නමකි “ගජමන්  නෝනා”.හේතුව  ඇය රචනා කල  කවි අතර “දන මන පිනවන සෑම” යන කවි පංතිය  විරළ තාලයකට ගැයෙන  ‘දෙනිපිටියේ  නුගරුක’ ගැන  කියැවෙන   කවි පන්තියකි .   මගේ කතාව  කියන්නට පෙර ගජමන්නෝනා ගැන යමක්  කිව යුතු ය .ක්‍රි ;ව ;1746 -මාර්තු -10 වන දින කොල්ලුපිටියේ කිතුනු පව්ලක ඉපදෙන් ඇය බව්තිෂ්ම කල නම  වන්නේ ‘දෝන ඉසබෙලා කොරනේලියා පෙරුමාල්’ වේ .ඇය කුඩා කලම  මාතර  පදිංචියට  පැමිණියා ය .මැයට යන්තම්  අවරුදු 7 -8 වන විටම ‘හිටිවන කවි’ (Impromptu verse ) කීමේ හැකියාවක් තිබුණි . මේ නිසාම  මැයට  සිංහළ  භාෂාව  ඉගෙන ගැනීමට  තද ආශා වක්  ඇති වුවත්  ‘ගැහැනු  ලමුන්ට  මොකට උගන්වනවාදැ’යි? වැඩිහිටියන් දෑරු ආකල්පය  එයට හරස් විය .නමුත් ඉගනීමේ තද පිපාසාවෙන්  පිරුණු ඇයව  මැඩපැවැත්වීමට  ඒ දෙමව්පිය  තහංචි  ප්‍රමාණවත් නොවින .කාටත් හොරෙන්  නිවසින්  පැන යන ඇය කොල්ලෙක් මෙන් අබිත්තකම් කරමින් “කොරතොට  හිමියන්”ගේ  පන්සලේ ශිල්ප  උගත්තාය .එහි  දී  මේ කොල්ලා සමග ඉගෙනගනිමින්, රණ්ඩු කරමින්,සිටින ‘සිටිනාමළුවේ පොඩි හාමුදුරුවන්’ටත් ඇලපාත ආදීන්ටත්  ඇය ගේ ස්ත්‍රි භාවය සඟවා ගැනීමට  සමත්වූවාය .  මේ   යහළුවන් අතර  ඉන්දදී  ඇය  ගේ වයස මුහුකුරා යත්ම   පියයුරු ආදිය  වැඩිම නිසා  ස්ත්‍රී ලක්ෂණ  මතු වෙන්ට පටන් ගත්තෙන් මේ රහස එළිවිය හැකි නිසා  එම පන්සලේ නායක ස්වාමින් වහන්සේ වූ ‘කරතොට  හාමුදුරුවන්ට’ත් , මිතුරන් වූ  සිටිනාමළුවේ පොඩි හාමුදුරුවන්ටත්  තව ශිෂ්‍යයෙක් වූ ඇලපාත (මුදලි ) ආදීන්ට හොර රහසේම  සමුදී නිවසට ආවාය .
පසුකලක  ගජමන් නෝනා ගේ නිවාසය   අසල නිවසක පැවැත්වූ  දනකට ‘සිටිනාමළුවේ’ හිමියෝ වැඩියෝය .මේ වනවිට ගජමන්නොනා රූමත් සුන්දර  තරුණිය කි .ඇය ලන්දේසි (ලංසි )  ක්‍රමයට ඇඳුම්  අඳින කෙනෙකි .සිටිනාමළුවේ  පොඩි හාමුදුරුවන්ට ඇය හඳුනාගත නොහැකි වවත් ‘ගජමන්නෝනා’ නම් කිවිදිය  ලෙස ඈය හඳුනාගත්තාය .දාන  කටයුතු අවසානයේ  හාමුදුරුවන්  මුණගැසුන  ඇය “මාව අඳුරන්න බැරිදැයි”? විමසා .මම තමයි අර  පන්සලේ  හිටි ‘ඇබිත්ත කොල්ලා’ යැයි පැවසිය .  
  මෙහිදී දැනහඳුනා ගන්නා   මිතුරන් දෙදෙනා  පසුව  ඇතිකරගන්නා කිට්ටු සම්බන්ධය ගැන  ගැමියන්  හාමුදුරුවන්ට දොස් කියයි .මෙයට තරහා  ගන්නා  ගජමන්නෝනා   ගම්මුන්ට  කවියෙන්ම දෙන පිළිතුර  බලන්න .

           “වටිනා කියන මේ  මගේ තුරුණු      තුනුවිළ
            සිටිණාමළුවේ  සමිඳුට  පුදකළෙමි     බොළ
            සිටිනා මෙගම දන සහ අවට ගම්         වල
            තුටිනා එපින් අනුමෝදම් වව්             සියල
මේ ගජමන්නෝනා පසුව  විවාහ දෙකක්ම  කරගන්නේ  ඇයගේ ස්වාමි පුරුෂයන්  හදිස්සියේ  මියගිය බැවිනි .පසුව  ඇලපාත මුදලි සමග  සමීප සම්බන්දයක් ගෙනගිය  ඇය මුදල් අතින් දැඩි අගහිඟ කම්වලට මුහුණදෙයි .පළමු විවාහ දෙකකින්ම  ලද ළමයි 3 දෙනා  සමග තමුන් ජීවත්වෙන්නේ  කොහොමදැයි අසා මාතර  හම්බන්තොට  දෙදිසාවේ දිසාපතිව  සිටි  sir ජෝන්  ඩොයිලිගෙන් විමසා  කවි ලියුමක්‌ යවන ඇය ට අනුකම්පා කරන sir ඩොයිලි ඇය ට ම  නින්දගමක්  පිරිනමයි .1814 -12 -15  ඇය මියගිය බව කියතත් ,සමහරු කියන්නේ ඇය වයස අවරුදු 56 දී  මිය ගිය බවයි .
මෙවන්  ඉතිහාසයක් ඇති ගජමන් නෝනා දෙනිපිටියේ  ඇති නුගරුක ගැන අපුරු කවි පන්තියක් කළාය.අපේ පාසැල් පොත්වල එය තිබුණි .එම  නුගගහ මාද  දැක ඇත්තෙමි දෙනිපිටියේ   පිහිටි ඔය /ගඟ  අසල පිහිටි මෙය  දැනට වසර 15 ට පෙර ද නිරුපද්දරිතව තිබුණි .මෙහි ඇති අයිතිහාසික  වටිනාකම නිසාම මෙතැන  සංස්කෘතික  මධ්‍යස්ථානයක්  සැදීමට පළාතේ දේශපාලකයෙක්  පියවර ගත්තේය .දශ ලක්ෂ  ගණනක් වැයකර  අර පව්රානික ගහ ‘යට’  සංස්කෘතික  මධ්‍යස්ථානය ඉදි කළේය .පසුව  දවසක ආ  මහ සුළඟකින්  ඒ ගසේ  දිරාගිය අත්තක් කඩා වැටුණි .මෙයට බියවූ දේශපාලකයා  සංස්කෘතික මධ්‍යස්ථානය  රැක ගැනීමටකියා එම ඉපැරණි ගසේ අතු සියල්ල  කප්පවන ලදී !.නුග අත්තේ කතාව  එයයි .(ඒ දවස්වල  රාවය පත්තරේ පමණක් මේ  ගැන සටනක්  කළා මතකය .)

අපි ‘කොස් අතු’ කතාවේ  අව්‍යාජ ගැමියා ගේ මෝඩ කම  ගැන සිනාසුනෙමු .මේ ගොන් දේශපාලකයා ගැන කියන්නේ /කියන්න  ඇත්තේ  කුමක්ද ?
****උපාලි සෙනෙවිරත්න     ගාල්ලේ සිට (2016 -07 -30 )******** 


No comments:

Post a Comment