පුංචි
උන්ගේ ලොකු කථා
අපේ
සේවක මණ්ඩලයේ හිටපු සහෝදර සේවිකාවක් ගේ
අව්රුදු 3 -4 ක පුතෙක් හිටියා
හන්සර කියලා .එයාගේ තාත්තා මෝටර්
රථ කාර්මිකයෙක් .හොඳ මොළකාරයා .ඉතින්
මේ පොඩිඑකා ටත් හොඳ මොලයක් තිබුනා .මිනිහා
මාත් එක්ක සැරීම යාලුයි .මම දවල් කෑම එක
කන්නේ මගේ නිලනිවසේ ඉඳලා .ඩිස්පෙන්සරිය තිබ්බේ
ඊට අඩි 10 කට විතර එහායින් . .පොඩිඑකා කොහොමහරි
මට කන්නබැහැ / , බඩගිනි නැහැ / මිරිස් වැඩයි /හරි කියලා මිනිහා මගේ
නිළ නිවසට පනිනවා . මගේ ඔඩොක්කුවට
වෙලා මගෙත් එක්කම කෑම එක කනවා .මිනිහගේ අම්මා කොච්චර
සැර කලත් හැමදාම අපිදෙන්නාමයි එකට කෑම එක කන්නේ .මම කෑම එක
ගෙන්නා ගන්නේ කඩෙන් .දවසක් කෑම එකේ කොස් ඇට
මැල්ලුමක් තිබුනා .කෑම එක දිගහැරිය ගමන්
පොඩිඑකා කොස්ඇට ටික දෙකට බෙදුවා .ඉලක්කම් නොදැන හිටියට ගානට
වැඩේ කළා .දැන් අපි දෙන්නා ම කෑම
කනවා . මම හිතලාම මගේ කොස්ඇට නොකා කෑම කනවා .දැන් හන්සර මිනිහගේ ඇට ටික පරෙස්සන් කරගෙන මගේ
කොස්ඇට ටික ගානට වළඳනවා.මගේ
ගොඩ ඉවරවෙනකන් ඉඳලා
මම පොඩි එකා ගෙන් ඇහැව්වා “හන්සර ඔය ඉතුරු කොස්ඇට ටික කාගේද ?”
කියළා.එතකොට එයා කියනවා ‘මේ පැත්තේ තිබුනේ
මගේටික නේද අංකල් ?” කියළා.දැන් ඒ ටිකත්
ඉවරයි .දැන් පොඩිඑකා එයාගේ පුංචි ඇගිලි කුස්සිය දෙසට
යොමුකරලා මගෙන් අහනවා ‘අංකල්
තව කොස්ඇට හට්ටියේ ඉතුරුවෙලා නැත්ද ?’කියළා.
**********************************************************
මම එයාගේ උපන්දිනේට පුංචි
සෙල්ලම් බඩුවක් එහෙම දෙනවා.එය ගේ අම්මා එයාව බයකරලා තියෙනවා කවදා හරි රස්සාවක් කරන දවසක ඔය අනුන්ගෙන් කන ඒවාට යි සෙල්ලම් බඩුවලටයි ණය ගෙවන්නවෙයි කියලා .ඉතින්
දවසක් බෙහෙත් ගන්න ආව (වයස 85 ක විතර) උපසේන අංකල්
සමග මම කුලුපගු විදිහට
කථා කරනවා හන්සර පුදුමෙන් බලන් හිටියා .ලෙඩා ගියායින්
පස්සේ හන්සර ඇහැව්වා ඒ සීයා,
අංකල් ගේ පංතියේ යහළුවෙක්
ද ? කියලා .මම විහිලුවට කිව්වා ඔව්
කියලා .පොඩ්ඩාගේ මුහුණ වෙනස් වුනා .එයා දුක්මුසු ස්වරයෙන් කියනවා
‘එහෙනං
මට අංකල්ට අර ණය ගෙවන්න වෙන එකක්
නැහැ .මොකද මං රස්සාවක් කරන කොට අංකල් ඉන්න එකක් නැහැ .හදිස්සියේ ඒ සල්ලි
අන්කල්ගේ මිනීවල ගාව තිබ්බොත් අංකල්ට ඕනි වෙලාවට මෙහෙම
අත දාලා ඒක ගන්න පුලුවන්ද ?මමකිව්වා
අපොයි මොකද බැරි .පුළුවන්
පුතා කියලා .ඊට පස්සේ මිනිහා සතුටින් සෙල්ලම් කරන්න දිව්වා .
**********************************************************
දවසක් එයාගේ
එක අතක වැලමිට ගාව පිච්චුන අලුත්
තුවාල කැළලක් තිබුනා .බලු බැල්මට
ම එක පිච්චිලා තියෙන්නේ හඳුන් කුරකට බව පෙනෙනවා .කොල්ලා ඒක හැමෝටම හංගගෙන
ඉන්නේ .මං දැක්කා කියලා දැනගෙන
මිනිහම බොහොම සුළුවට අරන් කිව්වා ‘මේ
පොඩ්ඩක් හඳුන් කුරකට පිච්චුනා’ කියලා .මම
එකට බෙහෙත් දැම්මන ගමන්
ඇහැව්වා ,
‘හන්සර
ට හුඟක් රිදුනද ?’
‘ඔව් අංකල් ,මම උඩ -අ -අ විසිවුණා .ආශ ගාවට ’
‘ඔයා කොහේ ද
හංදුන්කූර ගැහැව්වේ ?’ මම ඇහැව්වා
.
“ඇඳ
විට්ටමේ .” මෙයා කිව්වා . එහි ඇති භයානක
කම කිව්වම ඔහු කිව්වා එක ඇලට විසිකළ බව .ඉතින් මම ඇහැව්වා ‘ඔයා කාමරේ
හිටියානම් ගෙදර වහළක් තිබුනානම් කොහොමද
අහස ගාවට විසිවුනේ ?’ කියලා .
“මම
විසිවුනේ වහළේ ටකරං ගලවාගෙනනේ” ඇස්දෙක ලොකු කරකර
මිනිහා කියපි .මම සද්ද නැතුව මගේ
පෝන් එක අරන් කෝල් එකක් ගන්න යනවා වගේ පෙන්නුවා
.අංකල් තාත්තා ටද කෝල් ගන්නේ මිනිහා කලබලෙන්
ඇහැව්වා .
‘ඔව් වහළේ තහඩු හදන්න කියනත් එපැයි හදිස්සියේ වැස්සොත්
එහෙම .නේද ?’ කියලා ගානකට වත් නොගෙන මම කිව්වා .මුහුණ ඇඹුල්
කරගෙන මොහොතක් කල්පනා කරපු මේ අපුරු
කථා නිර්මාණ කරුවා දුන්නේ මට හොල්මං
වෙන උත්තරයක් .
“ඇයි ඩොක්ටර්
අන්කල්ට තේරෙන්නේ නැත්ද ?මිනිහෙක් උඩ විසිවුනහම
වැටෙන්නෙත් එතනින්මනේ ? පහළට එනගමන්
මං තහඩු ටික
තිබුන විදිහටම ඇදගෙන වැටුනා
.ආයේ තාත්තට කිව්වට
වැඩක් නැහැ .දැන් මොකුත් හොයන්න බැහැ .”
**උපලි
සෙනෙවිරත්න *****ගාල්ලේ සිට ****(2016 -09
-13 )*******
No comments:
Post a Comment