Monday, July 1, 2019


*****ලස්සන නවසීලන්තය--16*********
අපි දැන් සිටින්නේ ඝන අන්ධකාරයේ ගිලුණු හුණුගලින් නිර්මිත ගුහාවක .මේ ගුහාවට WAITOMO( වයිටමෝ ) කියලා කියනවා .ම්ව්රින් ගේ භාෂා වෙන් වෛ =water =වතුර (බලන්න වචනවල සමානතාව) සහ TOMO(තොමෝ) =තව්ව හෝ හිල  යන්නයි.  අපි සිටින්නේ සංචාරකයන් සඳහා ඉදිවුණු ආරක්‍ෂිත පලන්චියක පහලට බසිමින්  හතර  වටේට  තිර රෙදි හෝ සාරි එල්ලුවාක් මෙන් පෙනෙන හුණු (හිරිගල්)  මෝස්‌තර අපිට බලන්නට මේ ගුහාවේ  මද ආලෝක ලබාදෙන LED  බුබුළු සඟවා තිබුනා .අපේ මව්රි ජාතික උපදේශිකාව  අපෙන්  නිහැඬියාව බලාපොරොත්තු උනේ මා පෙර ලිපි යේ විස්තර කල   කණාමැදිරියෙක් මෙන් ආලෝකය නිකුත් කරන Glowworm නම් පනුවන් ලක්ෂ ගණනකගේ ජිවිත වලට   බාධාවෙයි කියලයි . දැන් අපේ මාර්ගොපදේසිකාව  ගුහාවේ අතීත කතාන්දරය කියනවා .
"ඔබ සැම  මේ ගුහාවට ඇතුළු වුනේ කන්දක් මුදුනේ ඇති විවරයකින් .ඇත්තටම ඒවිවරය  හොයාගත්තේ පසුවයි.පළමුවෙන් සොයාගත් පිවිසුම ඇත්තේ කන්දේ  පහලම ස්ථානයකයි .අපි සංචාරයේ අවසානයේ  බැහැරවන්නේ ඒ දොරටුවෙන් .හොඳින් අහන්න .ඔබට ඇහෙනවාද ගඟක් ගලනවා වගේ ශබ්දයක් .ඔව් ඒ මේ අපේ ගුහාවේ පත්ලේ ගලායන නොගැඹුරැ  දිය පහරක්.  ඒ දියපහර ගුහාවට ඇතුළුවන ස්ථානයේ ඇති ගුහාකට තමයි පළමුවෙන්ම සොයාගත්තේ . සමහරු කතාකරනවා වගේ ශබ්දයක් ඔබට ඇහෙනවා ද?සමහර සංචාරකයෝ කිමිදුම් ඇඳුමෙන් සැරසී  ඒ දිය පහර දිගේ  අැවිදගෙන  එන අය .ඔවුන් ඔය ලබන්නේ මේ ගුහාව හොයාගත් අපේ මුල් වීරයන් ලැබූ  අත්දැකීම . මේ ගුහාවේ භූවිද්‍යාත්මක කරුණු සහ මේක සොයාගත් හැටි මම දැන්  කියන්නම් .සමහරෙකුට ඒ විස්තරය BORING (කරදරකාරී) විය හැකියි .ඒ අය  මේ පෙනෙන මානයේ විස්තර බලන්න .
 අපි සිටින මේ හුණුගල් බිත්ති වල සමහරතැන් වල  ඇති පැරණි 'පොසිල' බවට පත්වූ සිප්පිකටු ,මලුවන්ගේ ඇටසැකිලි ,සහ බෙල්ලන් ගේ කටු ඔබ දකින්න ඇති.ඉන් අදහස් වන්නේ කුමක් ද ?ඒවා මුහුදු පතුලේ තියෙන දේවල්  නේ ?මෙච්චර කඳු මුදුනකට මුහුද ආවාද? නැත .දැනට වසර මිලියන (දසලක්ෂ )30 කට පෙර අපි ඉන්න මේ ගුහා භුමිය තිබුනේ මුහුදු පතුලේ . ඒ  ගුහාවක් හැටියට නෙවෙයි .මුහුදු පතුලක් හැටියට .ඒ යුගයේ භූ ගර්භයේ ඇතිවූ අතිවිශාල භූමිකම්පා සහ ඉන් අත්වන පිඩනයන් නිසා  මුහුදු පතුල ඉහළට එසවුනා .එක විශාල හුණුගල් කන්දක් හැටියට තියෙන්න ඇති. 
එම හුණුගල් කන්ද තුල ඇති දුර්වල තැන්  සහ පිපිරුම් ඔස්සේ අවරුදු දසලක්ෂ ගණනක් පුරාවට වැසි ජලය ගමන්කිරීමෙන් මෙම ගුහාව නිර්මාණය වෙනවා. .මෙම ගුහාවේ සිවිලිමේ ඇති කුහර හෝ තව් (tomo ) තුලින්වැසි  වතුර (Wai ) ගැලීමෙන් Waitomo  ගුහාව නිම වෙනවා .ඔබ හිස ඔසවා බලන්න .අර සිවිලිමෙන් පහලට වැඩෙන හුණුගල් දළුදෙස .  (ඉහලසිට පහලට වැඩෙන ) ඒවා සවිවිමෙන්   මේ නිර්මාණ Stalactites ස්ලටැලග්ටයිට්   ලෙසත් සිවිලිමෙන් වැටෙන හුණු මිශ්‍ර ජලය එක තැනට වැටීමෙන්  පොලවෙසිට ඉහලට හැදෙන හුණු නිර්මාණ Stalagmites ස්ටැලග්මයිට්  ලෙසත් හැඳින්වෙනවා .වසර මිලියන 30 ක් පුරාවට ටිකින් ටික හැදුනු මේ කණු වැනි නිර්මාණ( pillars  or  colums)  දෙකක් පොළවෙන් ඇතිවූ තෙරපුම ක් නිසා හෝ කුමනහෝ සාදකයක් නිසා එකින් එක ඇඹරීමෙන් Helicti  හැදෙනවා .ඔබට මේ waitomo ගුහාවේ ඒ සියල්ල දැකගන්න පුළුවන් .
1887 දී මේ ප්‍රදේශයේ සිටි මව්රි නායකයෙක් වූ 'ටෑන් තිනෝරවූ' (Tane T inorau)  සමග ඉංග්‍රීසි ජාතික මිනින්දෝරුවකු වූ Laurance  Cussen  සමග ෆ්‍රෙඩ් මැක් (Freed  Mace )විසින් මේ කන්ද පාමුල ජල දහරාවක් ගලායන විවරය සොයාගෙන ඉටිපන්දම් එළී  ආධාරයෙන් ගුහාවට පිවිසෙනවා  . .ඔවුන්   ජලාශයේ සෑදී ඇති කොරල්  වැටියක් දිගේ ගුහාව ඇතුලට එනවා.එයතුළ  ඇති මනස්කාන්ත දර්ශනයත් ආලෝක නිකුත්කරන පණුවන්ගේ එළි  දැකීමෙන් ඔවුන් මුසපත් වෙනවා.Tane  විසින් තවදුරටත් අසල කන්ද දුෂ්කර ලෙස තරණය කරත් දී (අපි දැන් ගමන් ආරම්භ කරන )විවරය හමුවෙනවා .අනතුරුව Tane  සිය බිරිඳ වූ "හුටී "සමග  ඉතා සුළු මුදලක් අයකර මහජන ප්‍රදර්ශනය ට පටන් ගන්නවා .ඔය අතරේ තමයි අසල නගරයක් වූ (Otaro hanga)ඔටාරෝ හංගා දක්වා දුම්රිය මාර්ගය සැදෙන්නේ . එනිසා එන සංචාරකයන් ගණන් වැඩිවෙනවා .වසර දෙකකකාලය තුල සංචාරකයෝ 500ක් එනවා .ඒක ඒ කාලේ හැටියට ලොකු ගානක්."විස්තරය ඉතා රසවත් ව කියමින් සිටි ඇය කනගටුවෙන් දුර්මුක වෙනවා .ඒ ඉංග්‍රීසින්ගේ රජය ඔවුන්ගේ මේ සම්පත උදුරාගත් ආකාරය මතක් වී ..ඇත්තටම මට මතක්වුනා ඉංග්‍රීසින් අපේරටේ ජතාවගේ ඉඩම් 'මුඩුබිම් පනත'යටතේ කොල්ල කාපු ආකාරය .ඔබට "තිත්ත කෝපි " නවකතාව කියෙව්වොත් ඒ ගැන දල අදහසක් ලබාගත හැකියි . 
ඇය  නැවත  විස්තරය පටන්ගත්තා .."ඕක්ලන්ඩ් හි ප්‍රධාන මිනින්දෝරුවා ලෙස පත්වෙන්නේ නවසීලන්තයේ ක්‍රවුන් ලෑන්ඩ් (කිරිට ඔප්පු )කොමසාරිස් වූ Thomas Humphri   නැමැත්තායි .මොහු මේ ගුහාවේ ඇති වැදගත්කම තේරුම් ගන්නවා .වයිතමෝර් ගුහාව දැන් හිමිකරගෙන සිටින්නේ නවසීලන්තයේ ආදී වාසින් වන මව්රින් ගේ බව දැනගන්නවා .එවකට  එංගලන්තයට යටත් විජිතයක් වූ නවසීලන්තයට scenery  preservation Act  1903 පනතක් හදුන්වලා දී  මේ  අපේ මිනිසුන් දහසක් දුක් විඳ  සොයාගත් ගුහාව රජයට පවරා ගන්නවා .අපේ  ටැන්  සහ  හුටි ගෙන් පැවතෙන්නෝ පරම්පරා කීපයක් රජය සමග නඩු කියනවා .රජය කියන්නේ "ඔවුන් සොයාගත්තේ ගුහාවේ විවරය . පොලොවෙන් යට  තියෙන  ගුහාව අයිති රජයට කියල .නමුත් 1990 දී එරට උසාවිය පිලිගන්නවා ටෑන් (Tane ) අතුලු කණ්ඩායම ජීවිතය පරදුවට තියා කල මෙම ගවේෂණය .ඒ නිසා උසාවිය රජයට කියනවා මේ  ගුහාවේ කටේ  සිට අපායට යනකම් අයිතිය ටෑන්  සහ හුටි ගෙන් පැවතෙන්නන් හට කියල .ඒ 1994 වසර ..බලන්න එහෙම  තමයි 'රෝමලන්දේසි නීතිය ". ඇය  ඇස්දෙක ලොකුකරගෙන කිව්ව .අපි දැන් අවිත්  හිටියේ  ගුහාව පතුලේ ගලාගිය ජලාශය අද්දරට .ඇය  නැවත කටහඬ අවදි කරා .

"අපේ මුතුන් මිත්තන් ජලයේ බැසගෙන  සහ පහුරු උපයෝගී කරගෙන ඉටිපන්දම් දල්වාගෙන ආ පාරේ  මම ඔබලාව පාරුවකින් අරන්යනවා .ඔබව කැඳවාගෙන මේ  යන්නේ අඳුරු ගුහාවෙන් එලියට .ලෝකයේ විවිධ රටවලින් ආ ඔබ සැම  මා සමග  ගතකල කාලය තවටිකකින් නිමාවෙනවා .බොහෝවිට  අපි කව්රුත් නැවත හමු නොවේවි .මම හැමෝටම සුභ පතනවා. (ඇය මෙලෝ හසරක් නොපෙනෙන කළුවරේ අර  ජල පහරේ අපේ හිස් වලට ඉහලින් ඇද  තිබුණ කඹයක් අල්ලාගෙන අපිව පටවාගත් බෝට්ටුව ඉදිරිටට පැදෙව්ව  . අපිට ආලෝකය පෙනෙන්න පටන්ගත්තා .) "දැන් ඔන්න අපිට එලිය පෙනෙනවා .ටික වෙළාවක් යනකං  ඇස්වලට අමාරුයි තමයි."ඇය අපේ බෝට්ටුව ගුහා කටින් එලියට ගෙන  ළඟ ඉව්රේ තිබුනු කණුවක  ගැට ගැසුවා . අපි අැයට සුභ පැතුවා ."ඔව් ඔබ සැම  ප්‍රවේසමින් ගම බිම් බලා යන්න.මම මගේ ජීවිකාව වෙනුවෙන් ආයෙත්  අඳුරු ගුහාවට යන්න එපැයි .කොහොමත් මේක අපිට පරම්පරාවෙන් ආව යුතුකමක් ."බෝට්ටුව කණුවෙන් ලිහාගත් ඇය  නැවත ගුහාව තුලට යනසැටි අපි ඉතා සංවේදී ව බලා සිටිය .ගුහාවේ කට අසලටම බෝට්ටුව පැදවූ ඇය අපදෙස හැරිබලා  අවසන් වරට අතවනා නොපෙනිගියා !

උපාලි සෙනෙවිරත්න *****ගාල්ලේ සිට ******2019-06-27****   

No comments:

Post a Comment