ඇමෙරිකාවට ගියෙමි -2
(මේ ලිපි සමහර පුන්චි දරුවන් මෙන්ම ගුවන් ගමන් නොගත් අය ද කියවන බැවින් පොඩි වැඩි විස්තරය ක් එක්කර ඇති නිසා එය ට සමාව ඉල්ලමි .)
ඉන්දියාවේ දිල්ලි ගුවන්තොටුපලේ අපි එනතෙක් මගබලාගෙන සිටි එයාර් ඉන්ඩියා ගුවන්යානය ප්‍රමාණයෙන් ලොකු ගුවන්යානයක් .එහි මැදින් ආසන තුනේ පෙලකුත් තිබුනා .ගුවන් යානය ගුවන්ගතවීමට පෙර ආසනපටි දා ගැනීම සඳහා උපදෙස් ශබ්ද විකාශන යන්ත්‍රයෙන් ලැබෙන අතර ගුවන්යානය අහසට නැගෙන්නේ අංශක 40 ක පමණ ආනතියකින් යයි මා සිතනවා .මේ වෙලාවල් වලදී යානයේ ඉදිරිපැත්ත ඉස්සී ඇති නිසා ගුවන් සේවිකාවන් හෝ කව්රුත් යානය තුල ඇවිදින්නේ නැහැ . අවශ්‍ය උසට ගුවන්යානය නැගුන පසු තමයි යානය පොලවට සමාන්තර ව යන්නේ .අන්න එවිට ගුවන් සේවිකාවන් ගුවන් මගින් වෙත එනවා හොඳ ට්‍රේ එකක දුම දාන හුමාලයෙන් තැම්බූ කුඩා තුවායන් අරගෙන.ඒවා හරියට පෙනෙන්නේ අපි කඩවලදී කෑමට ගන්න චයිනිස් රෝල්ස් වගේ .ඒවා පිළිගන්වන්නේ මගීන්ට මුහුණ පිස ගන්න .ඇත්තටම ගුවන්තොටුපලේ දී මහන්සිවී සිටි අපට ලොකු සහනයක් එකෙන් ලැබෙනවා .(මිට පෙර දවසක් අපි දඹදිව වන්දනාවේ යද්දී එක ගැමි අම්මාකෙනෙක් මේ තුවා පොඩ්ඩ බිත්තර රෝල් එකක් යයි සිතා කටේ ඔබාගත්තා මම දැක්කා .) ඉන් අනතුරුව ඔවුන් ට්‍රොලිවල තියාගෙන ගෙනෙන කෑම බිම අපිට භුක්ති විදින්න පුළුවන් .හැබැයි අපි කන්නේ මස් කෑම ද එළවලු කෑම දැයි අපි ඔවුන්ට දැනුම් දිය යුතයි .
අපි දිල්ලියෙන් පිටත්වුනේ රාත්ත්‍රී 11.00 ට විතර.ඒ රාත්‍රිය තමයි මගේ ජිවිතේ ලැබූ දීර්ඝතම රාත්‍රිය .මොකද පැය 17 ක්ම රෑ.ඒ පියාසර කිරීමෙන් පසු චිකාගෝ වලදී බහින්නේ ත් ඇමෙරිකාවට එදාම පාන්දර 6 ට විතර .ඒ කියන්නේ ඔරලෝසුවෙන් පෙනෙන්නේ පැය 7 . 00 ක ගමනක් වුනාට අපි ඊට වඩා වේලාවක් ගුවනේ ඉන්නවා .[මොකද අපි පියාසර කරන්නේ ඉර ගමන් කරන පැත්තටම නේ .ඒක හරියට අපි ඉදිරියට දුවද්දී නතරවී සිටින කෙනෙක් පහු කිරීමට ගතවන කාලයට වඩා ඒ පැත්තටම දුවන මිනිසෙක් පසු කිරීමට ගතවන කාලය වැඩි වගේ .] ඒ නිසා මට කව්ලුවෙන් පොළොව බලන්න වුනේ තනිකරම රැයකයි .මුලදී මට ඒ රාත්‍රී ගමන ගැන තිබුනේ ලොකු කනස්සල්ලක් .නමුත් ගුවන්ගතවී ස්වල්ප වෙලාවකින් මම සතුටු වුනා මගේ සංචාරය රාත්ත්‍රී සිදුවීම ගැන . මුහුදු මට්ටමින් අඩි 30’000කඋසක දී අපි ඉන්නේ වලාකුළු තියෙන මට්ටමට වඩා ගොඩක් ඉහලින් .ඒ නිසා දවාලක් දී අපි දකින කුම්බියෝ වගේ ගෙවල් වලට වඩා ඒ නිවාස වල සහ අවට දැල්වෙන් විදුලි පහන් අහසට පැහැදිලිව පෙනෙනවා .ඒ චිත්‍රය හරිම ලස්සනයි . ගම්වල නගරවල සැලසුම් ,පාරවල් අපි හිතනවා ට වඩා හොඳින් හඳ එළියෙන් අහසට පෙනෙනවා .මං මුල් ලිපියෙන් කීව පරිදි අපි මුලින් පියාසර කරන්නේ බටහිර දිසාවට නොවෙයි උතුරට !.හේතුව තමයි ලෝකය වටේ ගොඩක් දුරකට යද්දී අපිට කෙටි දුරකින් යන්න පුළුවන් වෙන්නේ උතුරට බරව ගියහමනේ ?මොකද ඕනිම ගෝලාකාර වස්තුවක වැඩිම දුර එන්නේ එහි මැද (නිරක්ෂය )හරියේ නේ ? බෝලයක වුනත් කොන් වල වට ප්‍රමාණය අඩුයි නේ ?අන්න ඒකයි හේතුව .උතුරු අර්ධ ගෝලයේ වායු ගෝල උෂ්ණත්වය අඩු නිසා වායුගෝලයේ ඝනත්වය ත් වැඩියි .ඒ නිසා ගුවන් යානයේ යම් දෙදරීම් වරින්වර එනවා .ඒක හරියට අපේ ගමේ පාරක බස් එකේ යන්වා වගේ.පාරේ වළ ගොඩවල් වල රෝදේ වැටෙනකොට බස් එක ගැස්සෙනවා වගේ ගුවන්යානය සහ එහි තටුදෙක දරාගෙන සිටින වායුගෝලයේ ඝනත්වය වෙනස් වෙනකොට යානය දෙදරනවා .එකම වෙනස පාරේ මතුපිට වෙනස්කම් ඇසට පෙනෙන නිසා රියදුරු මහතාට ශිල්ප දක්වමින් ඒවා මගහැර බස් එක පදවන්න හැකිඋනත් ගුවන් නියමුවාට වායුගෝලයේ ඝණකම ඇහැට පෙනෙන්නේ නැහැ නේ ? නමුත් නවීන තාක්ෂණයට පිං සිදු වන්නට කල් ඇතිව ඒවා දැනගෙන ආසන පටි තද කරගන්නා ලෙස නිවේදනය කරනවා .සමහර අයහපත් කාලගුණ තත්ත්ව වලදී වාතය ඉතා අඩුතැන් (AIR POCKETS) හමු වුනොත් එහිදී ගුවන්යානය අඩිගානක් පහළට එකවර වැටෙනවා .නමුත් නිරුපද්දරිතව ගමන යනවා .වාසනාවට අපේ ගමනේදී එහෙම වුනේ නැහැ .
හරියටම මේ රට කුමක්දැයි නොදනිතත් අහසට පෙනෙන බොහෝමයක් නගර ලස්සනට සැලසුම් කරපුවා . ඒ නගරවල කිසිම නිවෙසක් සැලසුමට පිටින් හදලා නැහැ වගේ .සමහර නගර ඔටුන්නක හැඩය ගන්නා අතර බොහොමයක් නගර චතුරශ්‍ර හෝ ජ්යායාමිතික හැඩ ගත්තත් වුර්ථාකාර නගරයක් දැක්කේ නැහැ .මගේ නෝනා මට කිව්වා බලන්න කොච්චර ලස්සන නගර සැලසුම් සහගත ද? කියලා . මම ඒ දේ අනුමත කරත් මගේ හිත කිව්වේ ඒ අතින් ලංකාවේ අපි කොච්චර වාසනාවන්ත ද කියලා .මොකද ඒ නගරවල අපිට ඕනවිදිහට ගෙයක් හදාගන්නවා තබා නිවසේ එලියට බල්බ් එකක් වත් දාන්න බැරුව ඇතිනේ .?(එහෙම කලොත් අර අහසට පෙනෙන සැලසුම් වෙනස් වෙයිනේ?)
අපේ ගුවන්යානා ආසනය ඉදිරියේ වූ කුඩා රූපවාහිනියෙන් මමනම් බැලුවෙම අපේ ගමන් විස්තරය (මුහුදු මට්ටමේ සිට උස ,පරිසර උෂ්ණත්වය ,අපේ යානාව පිහිටි තැන LOCATION) ආදියයි .[නමුත් අධ්‍යාපනය හදාරන වයස් වල ලමයි කරන්නේ ගෙදරදීත් කරන කාටුන් බලන එක!] මෙලෙස අපි යුරෝපයද ග්‍රීන්ලන්තය ,ඇමෙරිකාවේ උතුරු කොටස ,කැනඩාව ,ආදිය නරඹමින් පංචමහා විල් වල මිචිගන් විලට ඉහලින් පැමිණ ඇමෙරිකාවේ චිකාගෝ වල ගුවන්තොටුපල වන “ඔ ‘හායි”(O’Hare) වලට ලංගාවුනේ පාන්දර 6 .00 ට පමණ . පර්යන්තයේ අදාළ ස්ථාන යෙදී අපේ ගමන් මලුතෝරා ගැනීමෙන් පසුව ගූවන්තොටු පළෙන් එළියට යන තැනට ආවා .හරියටම අදාළ පිවිසුම අසලට සිදත් පුතාත් ,ඔහුගේ මිතුරෙක්වූ ඕෂධී මහකුම්බුරගේත් ඇවිත් හිටියා .
චිකාගෝ ගූවන්තොටුපල කියන්නේ ලෝකයේ වැඩිම ගුවන්යානා පැමිනෙන තොටුපල වලින් එකක් . ගුවන්යානා අටලක්ෂ හැට හත් දහස්හයසිය තිස්පහක් ගියවසරට ආ බව අද අන්තර්ජාලයේ තියෙනවා .ඒ කියන්නේ ගුවන්යානා 25 ක් එන්න ගතවන කාලය මිනිත්තු 8 ක් විතර වෙන්නේ . ඒක අපේ කටුනායක තොටුපලවගේ තොටුපළවල් 5 කිං සමන්විතයි . හරියට දැති රෝදයක දෑතිවල පිටපත්තේ හැඩයට ඒ වා පිහිටලා තියෙනවා . පාළන කුළුණු 5 කිං තමයි ඒවා පාලනය වෙන්නේ .ගුවන්තොටුපලේ බාහිර පර්යන්තයට එන දොරටු 2 ක් තියෙනවා .එකක් විදේශිකයන්ට .අනික ස්වදේශිකයන්ට .අපිත් ග්‍රීන් කාර්ඩ් ලාභින් නිසා යන්න වුනේ එරට ස්වදේශික දොරටුවෙන් . එහිදී ‘ග්‍රින්කාර්ඩ් ලාභීන්’ව වෙනම අන්ඩගහලා අවශ්‍ය පෝරම පුරවන්න ඕනි .අපේ සිදත් පුතා ඒ සියල්ල ඉතා නිවැරදිව කරලා දුන්නා .ඉන් පසු ඒ හිමිදිරි උදෑසන හිමවැටෙන ලස්සසන පරිසරේට අපි ආවා .එවිට පරිසර උෂ්ණත්වය F අංශක 17 ලෙසට සටහන්වී තිබුනා . F අංශක 32 දී හිම මිදෙනකොට අපි ඉන්නේ කොපමන රින අගයකදැයි මට පුදුම හිතුන ....
(චිකාගෝ වලනගර සැලසුම් .මහාමාර්ග , කව්තුකාගාර ආදී විස්තර ඉදිරි ලිපි වලින් ) (උපාලි සෙනෙවිරත්න****ගාල්ලේ සිට ****2017 -03 -18

No comments:
Post a Comment