Monday, July 1, 2019


*******ලස්සන නවසීලන්තය --15*******
දකුණු නවසීලන්තයෙන් අහසට නැගුන ගුවන්යානය අපිව රැගෙන උතුරු නවසීලන්තය බලා පියාසර කරත්දී පෙනුන විශේෂම දේ හැටියට  මට පෙනුනේ  දකුණු ඇල්ප්ස්  කඳු වැටිය යි .ඇත්තටම ඒ දිවයිනේ භුමි භාගයෙන් සැහෙන කොටසක් ඒ කඳු වැටිය අත්පත් කරගෙන තිබුනා .හරියට දකුණු  නවසීලන්තය ආරක්ෂා කිරිමට සිටින යෝධයෙක් වගේ. .දකුණු   නවසීලන්තය අපේ ඇස්  මානෙන් ඉවත්වන්නට පෙරම අපි  උතුරු නවසීලන්තයට ඇතුලු වූනා . උතුරු නවසීලන්තයයේ වෙලින්ටන් අගනුවර ගුවන් තොටුපලට අපි එනවිට අපේ ඒ කෙටි ගුවන් ගමනට කාලය පැයක්  වැයවී තිබුනා ,ඒ වනවිටත් අපිව බලාපොරොත්තුව කුෂාන් මල්ලි පැමිණ සිටියා .අපි ඔහුගේ මෝටර් රියෙන් ඔවුන්ගේ වෙලින්ටන් හි නිවසට පැමිණ ඔවුන් සුදානම්කර තිබුන රසවත් ආහාරවේල භුක්තිවිඳ   එහි නතර කර තිබුනලොකු අක්කලාගේ මෝටර් රියෙන්  ඕක්ලන්ඩ් බලා පිටත් වුනා . උතුරු නවසීලන්තයයේ දකුණු කොනේ ඇති වෙලින්ටන් වල සිට  එහි උතුරු කොනේ  ඇති  ඕක්ලන්ඩ් වලට දුර පැය 8 ක් පමණ වෙනවා අක්කලගේ නිවසට අපි ආවා ..
පසු දින අපි විවේකිව  හිටියා. එදින රාත්‍රී මාත් මැණිකෙත් ඉහලමාලයේ  නිදා සිටින විට අක්කත් අයියාත් රාත්‍රී නිවෙසින් එලියට යන ආකාරයත් පැය  කට පමණ පසු නැවත එන සබ්දයත් ඇසුනා .මම පහලට තේ එකක් හදාගන්න එන්න යනකොට රන්ජිත් අයියා මාව වලක්වා තේ එකක්ගෙන අාවා.පසු දින මැණිකෙයි මමයි ලොකු අක්කලාගේ මල්පාත්ති හදමින් සිටින අතරේ "මැණිකේ අම්මා -තේ එකක් දෙන්නකෝ !"කියමින් ආවේ සිදත් පුතා .ඕස්ට්‍රේලියාවේ සිටින ඔහු ඊයේ රාත්‍රි අපිට හොරෙන් ගෙන්වා ගෙන පහල තට්ටුවේ  සඟවාගෙන සිට තිබෙන බව අපි දැනගත්තේ එවිටයි .මැණිකේ කොච්චර විශ්මයට පත්වුනා දැයි කිව්වොත්  මම හිතුවා එයාට සිහියත් නැතිවෙයි කියලා.සිදත් මැණිකේගේ අක්කාගේ පුතා වුනත් පුංචිකාලේ ඉඳලා හැදුනේ මැණිකේගේ තුරුල්ලේ .එයා අම්මට තාත්තා ට වගේම අපිටත් ආදරෙයි .එයා අපේම දරුවෙක් තමයි .පසුදින සිට අපේ මාර්ගොප දේශක කම ඔහු භාර ගත්තා ,
අක්කාගේ සැළැස්මට  අනුව අපි ට අවසන් වශයෙන් බලන්න තිබුනේ Waitomo  ගුහාවයි .මෙය සොබා දහමේ අතිශය විශ්මිත නිර්මානයක් . මමත් මැණිකෙත් සිදත් සමග ගොස් Waitomo  ගුහාවේ දොර අසල සිටි සංචාරක පිරිසට එකතු වුනා .එහි ඇතුල්වීමේ දොරටුව පමණක් ලීයෙන් නිමවා  තිබුනා .එතන හිටි ප්‍රියමනාප අවරුදු 40ක පමණ මව්රි ජාතික කාන්තාවක් අපේ  කණ්ඩායම භාර ගත්තා .ඇය  අපි මේ සංචාරයේ දී  හැසිරියයුතු ආකාරය ගැන කියලා දුන්නා .
 "මේ අපේ සම්පත තනිකරම හුණුගල් (හිරි ගල් )වලින් සොබාදහමින්ම  නිර්මාණයකල එකක් .මෙහි ඇති හිරි ගල් තීරු සමහර තැන්වල අඩි 50ක් ඉක්මවනවා .හිතන්න ඔබේ අතේ පුංචිම ඇඟිල්ලේ නියපොත්ත ඇති කොටස, එනම් ඝන සෙන්ටිමීටර් එකක ප්‍රමාණයක් හැදෙන්න ගතවන කාලය අවරුදු 100ක්. ඔබට මේ විශාල හුණුගල් අඩි  50ක 60ක හැදෙන්න ගතවන කාලය ඔබට හිතාගන්නවත් බැරිවේවි .විද්‍යා වේදීන් කියන පරිදි මේ ගුහාවේ වයස අවරුදු මිලියණ 30කට වඩා වැඩියි.එබැවින් මෙහි කිසිදු හුණු ගලක් අල්ලන්න එපා .ඒ ඔබේ අතට ගෙවෙන කොටස වැඩෙන්න  ලොකු කාලයක් ගතවෙනවා . ගුහාව තුල .හයියෙන් කතාකරන්න එපා ."ය දිගින් දිගටම විස්තර කරමින් අපි සමග ඒ හුණුගල් ගුහාවට පිවිසුනා .ඒක තිත්ත  කළුවර ගුහාවක්.සංචාරක යන්ට අවට පෙනෙන පරිදි මලානික එළියක් නිකුත්කරමින් LED  පහන් තැන තැන  සඟවා තිබුනා .ඇත්තටම එය විශ්මිත දසුනක් .ගුහවතුල සමහර තැන්වල අඩි 100ක් විතර පියසට උසයි. (අපේ සිගිරිය නරඹන්න යනකොට වගේ )  අත්  වැටවල් සහිත පලංචි  එයතුල ඉදිකර තිබුනා .එහිගමන්කරන මට මතක්  වුනේ අපේ නගරයේ ඇති සාරි කඩ .සිවිලිමේ සිට එල්ලා වැටෙන සිව්රු රාශියක් වගේ හුණුගල් තීරු සිවිලිමේ සිට පොලව දක්වාම වැඩි තිබිණා .ඒවා සමහරක් සුදු පාටයි සමහරක් කහපාටයි .මේ ගුහාවේ සිවිලිමේ කණාමැදිරි එළි  වැනි එළි  ලක්ෂ ගානක් තියෙනවා .ඒවා පෙන්වූ අපේ උපදේශිකාව ඒ  එළි  නිකුත් කරන්නේ Glowworm  නම් කුඩා පණුවෙක් යයි කිව්වා. එවිට මැණිකේ මට හෙමින් කිව්වා "මෙච්චර ලස්සන ආලෝකයක් තියෙන  ලෝකේ කිසි දවසක ආලෝකයක්  නොදැක  මේ අපායක නේද උන් ඉන්නේ ?"කියලා .එක ඇත්ත බව පසුව මටද තිබුනා .
මෙම ගුහාව හුණු ගලෙන් නිර්මාණය වුවක්.    කිලෝමිටරයක් පමනදිග මෙහි අපිට ගමන් කිරීම සඳහා ආරක්ෂිත වැට සහිත පලංචි සවිකර තියෙනවා.ඝන තිත්ත කරුවලේ මේ අපිට නැරඹීම සඳහා මද එළියක් නිකුත් කරන විදුලි බුබුළු සවිකර තියෙන වා. සුදුපාට හෝ  ලා කහ පාට සිව්රු දහස් ගණනක් සිවිලිමී සිට බිමට එල්ලෙන් ආකාරයට හුණුගලින් හැදුනු "හිරිදඹ "පහලට වැඩි තිබෙනවා .ඒවා සිමෙන්තියෙන් හදුවාක් මෙන් ඉතා ඝනයි .සමහර තැන වල උස අඩි 50ක් පමණ වෙනවා .භූගෝල විද්‍යාව  හෝ භූ ඝර්භ විද්‍යාව හදාරන්නෙකුට මේක හොඳ අද්දැකීමක් වීම අනිවාර්යයි ,  නවසීලන්තයයේ මව්රි වරු මෙය පනමෙන් රකින්නේ ,එයතුල හඬනගා කතාකිරීම හෝ පිතුර ගැනීම තහනම් .එම ගුහාවේ සිවිලිම පුරා දස දහස් ගණනක් කනාමැදිරි වැනි එළි තියෙනවා . ඒ එලි නිකුත් කරන්නේ කුඩා දිගැටි  පනුවන්  වර්ගයකින් .උගේ විද්‍යාත්මක නාමය "Arahnocampa  luminosa
".ඇත්තටම උපාලි මුන් පුදුමාකාර කරුමක්කාර සත්තු ටිකක් -මෙච්චර ආලෝක සම්පත්‍ය තියෙන ලෝකයේ ,ආලෝකය බිඳක් නොදැක  ඉපදී ,ජීවත්වී මියයනවා  !" මැණිකේ කිව්වා .ඒ වෙලාවේ මට එක එච්චර දැනුනේ නැහැ .නමුත් ඔවුන්ගේ ජිවිත කතාව අසත්දී එක සම්පූර්ණ සත්‍ය බව දැනුනා . අපේ මව්රි උපදේසිකාව  කියන පරිදි මේ Glowworm  ගේ ජීවිතකාලය මාස 9ක් පමණ වෙනවා .උගේ කටින් කෙළ  නුලක් වගේ වැක්කෙරෙනවා .අපිට ඒක  ඒ මහත්මිය ටෝච්  එක  ගහල පෙන්නුවා .ගුහාවතුල සිටින කුඩා මැස්සන් හෝ කුහුඹුවන් ඒ කෙල නුලේ ගෑවුනොත් එහි ඇති විෂ ගතියට මැරෙනවා .ඒ සතුන් ආහාරයට ගනිමින් වැඩෙන ඔවුන් ඔවුන්ගේ මාස 9ය අවසානයේ මැස්සෙක් හෝ මැස්සියක ලෙස රූපාන්තරණය වෙනවා .මස්සි බිත්තර රාශියක් ගුහාවේ ඇති හිරිගල්  මෝස්‌තර අතරෙත්  සිවිලිමේත් දානවා .අපි ඉහතකී පරිදි මොවුන් ලෝකයේ සිටින කාලකන්නිම පව් කාරයන් යයි කිව්වේ ඇයි .මේ පනුවා මැස්සෙක් ලෙස රූපාන්තරණය වීමේදී .මෙතෙක් ආහාර ගත්  කට (මුඛය )අහිමිව මේ සතා බිහිවෙන  බවයි  අපේ මව්රි කාන්තාව කිව්වේ .ඒ නිසාම මැස්සා දින 3 කින් ද මැස්සි දින 5-6 කින්ද හාමතේ මිය යනවාලු .ඉතින් මිතුරනේ ඔවුන් ගෙවන්නේ පව්කාර දිවියක්  නොවෙයිද ? (ලිපිය දීර්ඝ වන බැවින්   අපේ සංචාරයේ විස්තර අවසන් කිරීමට තව එක ලිපියක් සඳහා පමණක් අවසර පතමින් මේ ලිපිය නිමා කරනවා .)අපේ මේ හුණුගල් ගුහාව ඇත්තටම භූගෝල විද්ද්‍යා ව කරන ශිෂ්‍යයෙකුට ලෝකත් පොතක් වගේ ,ඒ රසවත් තොරතුරු මීළඟ අවසාන ලිපියෙන් ....

********උපාලි සෙනෙවිරත්න *****ගාල්ලේ සිට ***2019-06-26***




  

No comments:

Post a Comment