*********ලස්සන
නවසීලන්තය --10*********
අපි දැන් ඉන්නේ දකුණු නවසීලන්තයේ අග නගරය වන ක්‍රයිස්චර්ච් වලයි. මේ නගරය හරහා ඇදී යන ගංගාවේ නම Avon නම් වෙනවා ..Canterbury ප්‍රාන්තය ට
අයත් නගරයකි ..දිනය 2018 නොවැම්බර් 06යි. ස්ථානය Colonial Inn
Motel .එයත් හොඳ
පහසුකම් ඇති මොටෙල් එකක්.අපි නගරය බලන්න ගියා .මේ නගරය ආසන්නව වරින් වර භූමිකම්පා
කිහිපයකට මුහුණදුන් නගරයක් .නවසීලන්තයේ විශාලත්වයෙන් තූන්වන් තැන ගන්නා මෙහි නිවාස
404,500 ක් පමණ
තියෙනවා .සාමාන්‍ය යෙන් එකට අමුණන ලද ලොරි
දෙකක් බඳු වාහන නගරය හරහා නිතර ගමන්
කරන්නේ මෙය කෘෂිකාර්මික නගරයක් නිසා .සමහර ලොරිවල ඌරන් ,සමහරක් හරකුන් ,බැටළුවන් වැනි සතුන් නිතර ප්‍රවාහනය වෙනවා
.අපි ගියා මෙයට අවරුදු 8කට 10කට පමණ ඉහත
භූමිකම්පාවකින් විනාශ වූ ක්‍රිස්තියානි දේවස්ථානයක් ද බලන්න .ඒ ආසන්නයෙන්ම
ඇලුමිනියම් තහඩුවලින් නිර්මාණය කරන ලද .අඩි 50ක් පමණ උස විශාල 'බැඩ්මින්ටන් ශේට්ල්කොක්' එකක අනුරුවක් එහී
ඉදිකර තිබුනා. තව ටිකක් ඈතින්
ස්ථානයක මෙලෙස විනාශවූ කිස්තියානි
දේවස්ථානය ක් වෙනුවෙන් තාවකාලිකව ඉදි කල ගොඩනැගිල්ලක් තිබුනා මේ විශාල ගොඩනැගිල්ල
ඉදිකර තිබුනේ "කාඩ් බෝඩ් " වැනි සැහැල්ලු දේවල් භාවිත කරලා .
අපි පුංචිකාලේ
කොළඹ තිබුනලු ට්‍රෑම් කාර් කියල ජාතියක්.රේල්පීලි මත දුවන මෙහි වහලට ඉහලින් ඇති අතක් වැනි කොටස ඊට ඉහලින් ඇති විදුලි
රැහැනක් ස්පර්ශ කරලා වාහනයට අවශ්‍ය බලය ලබාගන්නවා .අන්න ඒව අපෙ රටෙන් අයින් වී
ගියත් තාම ක්‍රයිස්චර්ච් වල දුවනවා .ඒ රටේ
විශ්වවිද්‍යාලය ක ඉගෙන ගන්නා පෙරළිකාර කෙල්ලෝ 4දෙනෙක් ඒ ට්‍රෑම් කාර්
එකේ පිටිපස්සෙන් හොරෙන් එල්ලිලා යන එක එහි රියදුරාට මත ඉසරදයක් වෙලා .ඔහු
වාහනය පාරේ මැද නතර කරගෙන්න "ගේට්
ඩවුන් -"කියකියා කෑමොර දෙනවා .එත් අර තක්කඩි කෙල්ලෝ ඔලුව බිමට නවාගෙන ට්‍රෑම්
කාරෙකේ එලිය පැත්තේ බාර් එකක කකුල තියාගෙන හැංගිලා වගේ ඉන්නවා .බැරි තැන ඒ
තලත්තෑනි රියදුරු මහතා සිය ආසනය යට තිබුණු රිප්පයක් වැනි ලීය උලුක්කරගෙන ගහන්ඩ පනිනකොට කෙල්ලෝ ටික හක -හක ගගා හිනහ වේවි .බිමට පැනලා දුවන්න ගත්තා .'සුද්දෝ කියලා නැහැ .කොලු කෙලි වයස්වල අය තක්කඩි වැඩ කරනවා ..මම මැණිකේට කිව්වා ...
අපි එදා දුටු
ඒ ශාන්ත පරිසරය මාස කීපයකට පසුව වෙනස්වූ අයුරු බලන්න .ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි
එක්තරා අන්තවාදී කිස්තියානි ත්‍රස්තවාදියෙක්
මුස්ලිම් බැතිමතුන් ආගම කියමින් සිටින අවස්ථාවේ දී ඔවුන්ගේ දේවාලයක් තුලදී වෙඩිතබා
ඝාතනය කලේ ද මේ නගරයේදී මය .අපේ රටේ පාස්කු ප්‍රහාරය ට පාදක වුයේ ද මේ සිද්ධිය බව
ට විශ්වාසයක් ඇත. ක්‍රයිස්චර්ච් නගරයෙන් ගමන්ගන්නා තව විශේෂ ගුවන් ගමනක් තියෙනවා .ඒ( ලෝකගෝලයක්
අනිත් පැත්ත හරවලා බැලුවාම පෙනෙන) ඇන්ටර්ටිකා
මහාද්වීපය යට ඔබට යාහැකි ගුවන්යානයක් පිටත්වන්නෙත් මේ නගරයේ සිටයි .ඒ නිසා මෙය Gateway city for Antarctic Exploration ලෙස සඳුන් වනවා .
මේ සුන්දර නගරය ට සමුදුන් අපි කිලෝ මීටර් 400ක් තරම් දුරින්වූ 'ඩන්ඒඩන්'නගරය බලා පිටත් වුනා .
"ඩන්ඊඩන්' නගරය නැගෙනහිර මුහුදට වරායක් ද ලබාදෙමින් කඳු
පද්දතියකින් වටවූ ලස්සන නිස්කලංක නගරයක් .නගරයට මොනදෙසින් ආවත් අති විශාල එළු, බැටළු, හරක් ගොවිපලවල් පසුකර ඒ මට සිදුවෙනවා .මෙහි පලකරන චායා රුපය ඒ
නගරයේ එක විදියක්. Otago විශ්වවිද්‍යාලය එහිදී අපි දැක්ක ලස්සන පරිසර පද්දතියක්
[.මම FB ට එක්කල චයාරුපවල ඇති පරිදි ලස්සන ඔරලෝසු
කනුව,සහ යම් අනුවක
පරමාණු ව්‍යුහයක් නිරුපනය කරන ආකෘතියක්
විද්‍යා පිඨ ශාලාවක බිත්තියක් එහි
තියෙනවා] .ඒ ලස්සන විශ්වවිද්‍යාල භුමිය
කැතකරන එක පූස්ටරයක් හූ සටන් පාඨයක්
අපිට දැකගන්න ලැබුනේ නැහැ .ඒ අතින් නවසිලන්ත නගර ඇසට හරි පියකරුයි . මගේ
චයා රූප වල සමහරවිට දකින්න ලැබෙන දුඹුරු
පාටට පෙනෙන කඳු දෙස බලන්න .ඒ කඳු වල එක තණකොළ ගසක් හෝ නැත්තේ
ඒවායේ පස් කඳුලක් වත් නැතිනිසා
.නවසීලන්තයට උදාවන තද සිතල කාලයේදී වායුගෝලයේ ඇති ජලවාෂ්ප ඒ කඳුමත හිමලෙස තැන්පත්
වෙනවා .අනතුරුව උදාවෙන වසන්තයේ හිරුරැස් කඳු මතට වැටෙද්දී අර හිම දියවී යත්දී විශාල පාංශුඛාදන යක් වෙනවා .ඒ නිහ ඉතා නිසරු තනි ගල්කඳු ගොඩක් ඔවුන්ට ශේෂ වෙනවා .අපි හෙට මීළඟ නවාතැන
වූ 'ක්වින්ස්ටවුන්'බලා යායුතුයි .
*******උපාලි
සෙනෙවිරත්න ගාල්ලේ සිට ******2019-06-04**

No comments:
Post a Comment