Monday, July 1, 2019


********ලස්සන  නවසීලන්තය--14**************

අපි මිල්ෆොර්ඩ් සවුන්ඩ් වල සිට නැවත  ටියානා  බලා ආවා .එන අතර තිබුන පැරණි උද්භිද උද්‍යානය ක සිරියාවත් අපි නැරඹුවා .ඒ ගස් කොපමණ පැරණි දැයි   කියනවා නම් ඒ ගස්වල  පාසි සහ මීවන වර්ග සැදී එල්ලෙමින් තිබුනා .අපේ රටේ සමහර කාළකන්නි  දේශපාලුව නට  ගස් පෙනෙන්න බැහැ .ඒවා කපලා විකුනනවා .ඒ අය හිතන්නේ නැහැ අපේ භූගත ජලය රැකගෙන ,අපිට හුස්ම ගන්න ඕනිකරන  ඔක්සිජන් වාතය අපිට ලබාදෙන්නේ ගස්වලින් බව !ඒ වනයතුලට පිවිසෙන අපිට දැනෙන්නේ අපි ප්‍රාග් අයිතිහාසික යුගයකට ගියාවාගේ .නැවත අපි අපේ හෝටලයට ආවා . අපිව ඒ ගමන රැගෙන ගිය සදර්න්ටුවර්ස් බසයේ හිමිකාර  යුවතියට ස්තුතිකර අපි සමුගත්තා . අපේ මොටෙල් එකේ රැඳි සිටි   රංජිත්  අයියාත් ලොකු අක්කාත් අපේ  ඉදිරි ගමන් ඒ වනවිට සැලසුම් කර තිබුනා . එදා අපි තියානා නගරයෙන් පිටත්වී වෙස්ට්පාර්ට් බලා ආවා .ඒදා  නතරවන  නගරය ජෙරල්ඩින් නම් ඉතා කුඩා නගරයක් .එහි පදිංචි ජනගහනය 3000ක් පමණ වෙනවා ..[ඒ  එන අතරේ "ටිකාපු " හිදී ඉතා ලස්සනවැවක් අසල  මිදී වත්තක් තිබුනා .ඒකටත්  ගොඩවුනා.  එහි දී ඔවුන්  නැවුම් මිදී වලින් රසවත් 'වයින්' නිපදවනවා .ඒ ලස්සන තැන බලන්න එන අයට  ඔවුන් වයින් බොන්න දුන්නේ නොමිලේ ]. .ඔය අතර දැකපු මනස්කාන්ත දර්ශනයක් වුයේ 'ටිකාපෝ'වැවයි .ඒ වැව දෙස බලාසිටින බල්ලෙක් ගේ පිළිරුවක් ඒ වනවිට නිමවෙමින් තිබුනා .ඒ බල්ලා ගේ නිදන් කතාවක් තියෙනවා දැයි මා දන්නේ නැහැ .එදා අපේ නිවහන වූ  කුඩා 'ජෙරල්දීන්' Geraldine ' නගරය  කඩ 100කින් පමණ සමන්විත එකක් . අපි කෑම   ගැනීම‍ට  ගිය චීන ජාතිකයකුගේ  කඩයකදී ඔහු කිව්වේ 1988 දී මුළු නගරයටම කෑම කඩයකට තිබුනේ ඔහුගේ කෑම කඩය පමණක් බවයි .දැන්නම් කෑම කඩ ගනනක් ඇතිබව ඔහු කිව්වා .හදිස්සියකට වත් අසනීපයක් වුනොත් ඔවුන්ට රෝහලකට යන්න වෙන්නේ හෙලිකොප්ටරයකින් තමයි .මේ නගරය ඒ තරමට හුදකලාවූ නගරයක් .පිරිසිදු නිස්කලංක  නගරයක් .ලංකාවේ අපිට හිතාගන්නවත්  බැහැ ඒ තරමි පරිසරය නිස්කලංකයි...Geraldine  'තිමරු' දිස්ත්‍රික්කයට අයත් නගරයක් .
ඒ නිසංසල ජෙරල්ඩින්  නගරයට සමුදුන් අපි ගියේ "කයිකුරා "නගරය වෙත .ඒ යන අතරමග දී "කයියපෝ (යි )" සහ 'ඇම් බරලි 'නගර පසුකලා .එදා   'කයිකොව්රා' (Kaikoura ) නගරයේ නවාතැන්  ගත්තා.අපි දින දෙකක්ම  එහි නැවතී සිටියා .අපි ගියා  Hanmer  Spring  හි උණුවතුර ළිං  වල නාන්න .මෙම නාන  ස්ථානයේ නාන පොකුණු දහයක් (10ක්)පමණ තියෙනවා .ඒ වයේ උෂ්ණත්ව එකින් එකට වෙනස් .අදාල පොකුණේ උෂ්ණත්වය සටහන් කල බෝඩ් සවිකර තියෙනවා .උදැසන 10 සිට රාත්‍රී 9.00 දක්වා විවුර්ත කර ඇති හන්මර් ස්ප්‍රින්ග් නාන තොටේ ගෙන්දගම් සුවඳ හමන පොකුණූ  දෙකක්  තියෙනවා . මම  එකක නාද්දී සිංහල මුහුණක් දැක්කා . මම ඔහුගෙන් ඇසුවා "ඔබතුමා ලංකාවේ ද ? මට ඔය මුහුණ පුරුදු එකක් " කියල .එතකොට ඔහු කිව්වා
"මම තබ්ෂිෂියන් කෙනෙක් කියලා . .(තබ්ලා වාදකයෙක් ).ඔයා මාව දකින්න ඇත්තේ රූපවාහිනියේ .මම සුනිල් එදිරිසිංහ අයියාගේ කණ්ඩායමේ- .සුනිල් අයියා  ත් අර ඉන්නේ " කියල මට ඉහලින් තිබුන පොකුණ පෙන්නුවා .  මම "සුනිල් අයියා' කියල කෑ  ගැසුවා.ඔහු පුදුමයෙන් වගේ වටපිට බලලා මාව දැකල ඔහුගේ ගෙන්දගම් සුවඳ පොකුණේ  මාසිටි කොනට ආවා .අපි කෙටි සුහද වචන කිහිපයක් කතා කළා .අනතුරුව ඔහු කිව්වා
"මල්ලි තව  දවස් කීපයකින්  (2018 November-23) මම උතුරු නවසීලන්තයේ ඕක්ලන්ඩ් වල සංගීත  ප්‍රසංගයක් තියනවා .මල්ලි එදාට කොහේද  ඉන්නේ ?"කියලා .මම කිව්වා අයියා  'මම එදාට ඉන්නෙනම් ඔක්ල්න්ඩ් තමයි ,හැබැයි එදාටම   තමයි ලංකාවට යන්න ෆ්ලයිට් එක තියෙන්නේ !" කියලා.අනතුරුව එකිනෙකාට සුබපතාගනිමින් ඒ මාහැඟි කළා කරුවාගෙන්    හැන්මර්  ස්ප්‍රින් වලින්ද සමුගෙන  අපි අපේ  නවාතැනට ගියා..  
අපි කයිකොව්රා සිටි දෙවන දිනයේ එහි මුහුදු වෙරළට ද ගියා .වෙරල ගල්තළාවක් සහිත එකක් .ගල් මතටවී ඉතා අහිංසක පෙනුමකින් තම ශක්තිමත් වරලින් සැදී  පාද ලෙවකමින් සිටියේ  මත්ස්‍යයන් ලස්සන දසුනක්. .උන්ගේ  සිරුර පුරා ඝනව  වැඩි තිබුණු මයිල් දුඹුරු පැහැයට හුරු යි .ඒවා බැසයන හිරු එළියෙන් රන්වන් පාටින් දිලිසුනා .මා  ඉහත සඳහන් කල  "සීල් යනු වන සතෙක් බවත් ,ඌ ගේ තියුණු දත්වලට ඔබට මාරාන්තික තුවාළ  සිදුකල හැකි බැවින් ළඟට  නොයන ලෙස කල අවවාදාත්මක දැන්වීම ක් එහි තිබුනා . සවස 7.00 පමණ වන්නට ඇති .  අපේ රටේ සවස 4.00 ට තියෙන තරමේ එළියක් අවට තිබුනා .නන්දනී අක්කාත් මැණිකෙත්  මමත් අසල වූ තණකොළ හොඳින් සැදුනු කන්දක නැග්ගා .එම කන්ද තරණය කරන බොහෝ දෙනෙක් අපි සමග සිටියා .ලොකු අක්කගේ යෝජනාව වුයේ අපේ  සිතියම ට අනුව කන්දේ  අනිත් පසට බැස  රංජිත් අයියාට දුරකථන ඇමතුමක් දී  එතනට ගෙන්වාගමු කියලයි.නමුත් ඒ සමගම අක්කා ඇහුවා "මල්ලි  දැන් වෙලාව කීයද ?"කියලා .මමකිව්වා රාත්‍රී 7.30යි කියලා .'අපෝ එහෙනම් බෑ - හැරෙමු .'කියලා .මොකද නවසීලන්තයේ මේ කාලයේ රෑ වෙනකම් එළිය තිබුනත් .අඳුර වැටෙන එකත් ඉතා වේගයෙන් වෙනවා .අපි ආපසු හැරුනා .ඇත්තටම අපි නැවත  කාර් එක ලඟට එනකොට ඒ පැය බාගෙට හොඳටම බිම් කරුවල වැටි තිබුනා .ඇත්තටම අක්කා කොච්චර බුද්ධිමත් ද?
2018-නොවැම්බර් 12 සිට  අපි සිටි  කයිකොව්රා නගරයට සමුදී  2018-11-14දා  නැවත ක්‍රයිස්චර්ච් නගරයට ආවා. අපි හෙට  එනම් නොවැම්බර් 15    දකුණු නවසිලන්ත සංචාරය නිමවා  නැවත උතුරු නවසීලන්තයට යායුතුයි .මා   දුටු අක්කගේ සහ රන්ජිත් අයියාගේ එක්  වැදගත් ලක්ෂණයක් මෙහි සටහන් කලයුතුයි ..අපි නවාතැන්ගත්  සෑම හොටෙල් එකක හෝ මොටෙල් එකකදී අපෙන් ගිලිහෙන  සෑම කඩදාසි කැබැල්ලක් ම ඉඳුල් ටිකක් ම ප්‍රවේසමින් බැහැර කරා .සැමවිටම කාමරය අතුගා පිරිසිදු කර තමයි ඔවුන්ට නැවත බාරදුන්නේ ,ඒ ආකාරය ටම අපි ක්‍රයිස්චච් වලින් කුලියට ගත සුදු කාර් එක හොදින් පිරිසිදු කර ඒ සමාගමට භාරදී  ක්‍රයිස්චර්ච් ගුවන්තොටු පළෙන්  මධ්‍යම ප්‍රමාණයේ  ගුවන් යානයකින් උතුරු නවසීලන්තය බලා පිටත්වුනා .ඉතා ලස්සන තනපිටිවල .ගොවිපළවල  සිටින සතුන් පුන්චිවෙමින් කුඩා තිත් බවට පත්වෙන අයුරු ඉහල යන ගුවන්යානයේ  කව්ළුවෙන්  පෙනුනා .ඉතින් ආයුබෝවන් දකුණු නවසීලන්තයට ........
(උතුරු නවසීලන්තයේ දී දුටු මෙලොව සිටින කරුමක්කාර සතා..glowworms මීළඟ අවසාන ලිපියෙන් .....)

*******උපාලි සෙනෙවිරත්න *****ගාල්ලේ සිට ****** 2019-06-22

No comments:

Post a Comment