Monday, July 1, 2019


*******ලස්සන නවසීලන්තය --7**********
2018-11-02 දින ඕක්ලන්ඩ්  සිට රන්ජිත් විතාන අයියා ගේ කාර් එකෙන් මමත් මැණිකෙත් ලොකු අක්කත් රංජිත්  අයියාත් උතුරු නවසීලන්තයේ  දකුණබලා පිටත් වුනා. නගරයෙන් ඉවත් වන විටම වාගේ දකින්න ලැබුනේ ඉමක් නොපෙනෙන  තණකොළ පිට්ටනි සහ ඒවාගේ නිදහසේ තණ  උලාකන දහස් ගනන් බැටළු පැටවුන්  සහ බැටළුවන් .. මේ අහිංසක ,පුළුන් බෝල වගේ ලස්සන බැටළු පැටවුන් හිස උස්සන්නේ නැතිව මෙතරම් වේගයෙන් තන කොළ කන්නේ   "මිනිසුනේ  පොඩ්ඩක් ඉවසපල්ලා !මම  මේ තණකොළ ටික  විගහට කාලා ඉක්මනට ලොකුවෙලා උඹලාගේ පිගානට එන්නම්"කියන්නාක් මෙනි .බැටළුවන් ට අමතරව ඒ් සුවිසාල තනපිටිවල  එළ හරකුන් ,ඒළුවන් ,ළුවෙක් වගේ නමුත් බෙල්ල තරමක් දිග සතුන්වර්ගයක්ද  හිටියා .උන්  හැඳින්වුයේ ලාමා වැනි නමකින් .ඹවුන් හැම වර්ගයකම කටු කම්බි වැටවලින් වටවු ඒ් සුවිසාල තනපිටිවල නිදහසේ හිටියේ සිය ගනන් රන්චුලෙසයි. පැත්ත පලාතක මිනිසෙක්  වත්  ඒන්ඩෙරෙක් වත් හිටියෙ නැහැ.

 

අපි ගියේ ඉතාම ලස්සන දිය ඇල්ලක්  අසලට .එය "හුකා "  දිය ඇල්ල යි .හුකා දිය ඇල්ල හැදී ඇති ගඟගලන්නේ 'තව්ෆෝ' නගරය අසලින් waikato වැනි නමකින්  ඒගංගාව හැදින්වෙනවා   .මීටර් 100ක් පමණ පළල එම ගඟ හුකා දිය ඇල්ල  අසලදී ඒකවරම මීටර් 15 දක්වා අඩු වෙනවා . මේ නිසා  එහිදී   ජලය ගලා බසින්නේ අදික වේගයකින්  සහ සහ පීඩනය කින් .  අන්තර් ජාලයේ  සඳහන්  කරන්නේ  මෙහි ගලන ජල  පරිමාව "තත්පරය ට  ජලය ලිටර් දෙලක්ෂ විසිදහසක්"  බවයි..පිරිසිදු ලස්සන නිල් පාටින්, ගොජ දමමින්,ඇඹරෙමින් ,දුම දමමින් මීටර් 50 ක් පමණ පහලට ගලා හැලෙනවා .එය ආසන්නයට ගොස් ඉතා ආරක්‍ෂිත ලෙස නැරඹීය හැකි වේදිකාවේ සිට උවද එය නැරඹීමේ දී මගේ  හිතට එන්නේ   සතුට සමග බියක් වගේ දෙයක්. වැරදිලාවත් මේ ජලකඳ ට වැටුනො ත් කුමක් විය හැකිද ? යන බියයි ...
අදින් වසර 26500කට(විසිහයදාස් පන්සීයකට )පමන   පෙර සිදුවු  විශාල භුමිකමිපාවකින් අැතිවු  පොලවෙ ගිලාබැස්මක් නිසා “හුකා”දියඅැල්ල  මෙලොවට බිහිවෙනවා.
අපි ඒදින නවාතැන් ගන්නෙ......Quality Suites Huka Falls නමි මොටෙල් ඒකේ දීය.

                                         හුකා දිය ඇල්ල  අවරුදු 26500 කට පෙර සිදු වූ භුමි කම්පාවක හෝ භූ විපර්යාශයක  ඵලයක් .ඉ තාම ලස්සන මේ දියඇල්ල  ප්‍රබල පිඩනයකින්  ගලා බසිනවා .Taupo නගරයට එන හැම අමුත්තෙකුටම මේක හරි අපුරු අත්දැකීමක් .

 

අනතුරුව අපි  ගියේ  තව්පෝ  නගරය ආසන්නයේ ම ඇති නවසිලන්ත ආදිවාසීන්(මෞරි  ජාතිකයන් )ගේ ගම්මානයක් බලන්න .එය නමින්  'රොටරුවා ' නම් වෙනවා .අපි එහි ඇතුල්වීමට ටිකට් පතක් ගතයුතු යි  .නරබන්නන් වූ අපි ව කණ්ඩායම්වලට බෙදලා එක එක  මෞරි පුද්ගලයෙක්   බාරගන්නවා  .එහි ඔවුන්ගේ පුරෝගාමි යා ගේ පිළිරුවක් ලීකණුවක   නෙලා තියෙනවා .ඔහු තරබාරු කොට  කෙනෙක් .දිව එලියට   ඇද ගෙන ඉනට අතක්  ගසාගෙන ඇස්  ලොකු කරගෙන  සිටින කෙනෙක්  . .නමුත් දැන් ඉන්න මෞරි න්  හොඳ ලස්සන සුදු ජාතිකයින් තරම්ම ලස්සන උස -මහත පිරිසක් .අපි ඔවුන් වෙන්වෙන්ව දැක ඇති නිසා මෞරි  න්  සහ නවසීලන්ත  සුදු ජාතිකයින් වෙන්කර ගත හැකි වුවත්  මුලින් ම ඔවුන් මුණගැහෙන ඔබට පෙනෙන්නේ දෙගොල්ලොම එක වගේ .මේ ගම්මානයේ විශේෂත්වය නම් මෙය ලෝදිය උතුරන, දකින දකින තැන්  වල  වතුර උතුරමින්  නටන අමුතු පරිසරයක් බවයි .ඒ උණුවතුර උල්පත්වල උෂ්ණත්වය එකින් එකට වෙනස් වෙනවා .සමහර තැන්වල අත පෙවියහැකි මට්ටමට උනුසුම් වන අතර .සමහර තාප විෙමාචන තැන්වලින් ගලන ජලය වේගවත් හුළං  පහරකින්  පිඹින්නාක් මෙන් වහා උණුවී වාෂ්ප  වී අහසට විදිනවා .සමහර තැන වල ඔවුන් කම්බි ගොටු වැනි උපකරණ වල දමා අර්තාපල් වැනි අලජාතිත් ,මස්වර්ග සහ බිත්තර තම්බාගන්නවා අපි දැක්කා  .මෙවැනි  තැන 20ක් විතර ඒ සීමාසහිත අක්කර 10ක විතර ඉඩමේ තියෙනවා .මේ දර්ශනීය දැක්ම අවසන් වන්නේ ඔවුන් ගේ නැටුම් ශාලාවෙන් .

වේදිකාවේ තිරය ඇරෙන විට ඉතා  ලස්සන පාංශු දේහධාරී  පිරිමි ගැහැණු 15ක පමණ කණ්ඩායමක් නැටුමට සුදානම් වෙලා ඉන්නේ .සෑම කෙනෙක් ගේ අතේම අපේ රටේ උඩෑක්කියට සමාන  බෙරයක්වගේ  හැබැයි ඊට වඩා ගොඩක් පොඩි දෙයක් තියෙනවා.එහි පැත්තක එල්ලෙන 'ටසල් 'එකක් වැනී  දෙයකි ..මැණික්කටුව ලගින් අත  ගැස්සීමෙන්  ඒ ටසල් එක තම්මට්ටමේ  වැද්දීමෙන් හඬක් නංවමින තමයි ඔවුන් නටන්නේ .නැටුම ආරම්බ වීමට පෙර මොව්රින්  යම්  වාක්‍ය ය ක් අපිලව්වා  කියවනවා.අනතුරුව නැටීම ආරම්භ කරන ඔවුන්ගේ  ගීපද ගායනය ත් ඒ රටාවත් අපේ ආදිවාසි වැද්දන් ගේ නැටුම් වලට යම් හුරුවක් ඈති කියාලා මට හිතෙනවා       වරින් වර එක එක නැට්ටුවෝ  වෙන වේනම ඇස්  ලොකුකර  දිව  එලියට ඇද පෙන්වනවා .නැටුම අතරේදීත් හයියෙන් හූ කයන එකත්  තියෙනවා .මේ විසිතුරු නැටුමෙන් පසු අපේ නරබන්නන් අතරින් කෙනෙක් වේදිකාවට නැග  ඒ කණ්ඩායමේ නායිකාවට 'කිස්' එකක් දී නහයට නහය  තබා තමයි ආචාරය කරන්නේ .මටත් ඉතින් වේදිකාවට නගින්න හිතුනා .කොහෙද ?ඉතිං  මැණිකේ ලඟ නේ ? 

මෙ දින අපේ නවාතැන වන්නේ;Quality Suites Huka Falls මොටෙල් ඒකයි.

 

ඉතිරිය ලබන ලිපියට..........

 

******උපාලි සෙනෙවිරත්න  ගාල්ලේ සිට*******2019-05-17********

 


No comments:

Post a Comment