Filter Results
ඇමෙරිකාවට ගියෙමි . 1 ලිපිය
මගේ මේ අත්දැකීම් ලිපියකට ලියන්නට සිතුවද එය යම් පම්පොරියක් ලෙස පෙනෙනු ඇතැයි සිතා යම් පසුබෑමක් ඇතිවිය .නමුත් වෛද්‍ය රෝහණ රත්නායක ගේ “ගොඩයාගේ පිටරට ගමන” ලිපි කියවූ මට යම් උත්තේජනයක් ලැබුණි . මගේ ඥාතිපුතුන් මාගේ බිරිද ගේ පවූලේ සැමටම ඔවුන්ගේ නමින් වෙන වෙනම ග්‍රීන් කාඩ් ඉල්ලාතිබුනද එය ඇදිල තිබුනේ ඒ ගැන වැඩි අවශ්‍යතාවක් නොතිබුණු මගේ නමටය . ඒ ගමන යෙදී තිබුනේ ශීතල ජනවාරියකයි . නුවර එළියේ ඉපදුනු මට ඔය ශීතල මොකක් දැයි පොඩි කයිවාරුවක් ද ගැසූ මා කොයි එකටත් විශේෂ උණුසුම් ඇඳුම් මටත් මගේ බිරිඳ ටත් මිලදී ගතිමි .මේ ගමනට උපකාර කල සේවක මණ්ඩලයටත් මිතුරන්ටත් ස්තුති කොට 2012 -01 -02 දින මාත් බිරිඳත් කටුනායක ගුවන්තොටුපලට ගියේ හොඳ සංචාරයක් ගැන සිහින දකිමිනි .ගුවන්තොටුපලේ කවුන්ටරයේ සිටි නිළ දරුවා අපේ ටිකට් පරික්ෂා කළේය .දෙතුන් පොළකටම දුරකථනයෙන් කථා කොට මුහුණ ඇඹුල් කරගෙන , ‘අංකල් ලගේ ටිකට් හැදුවේ කව්ද ?’ යයි විමසිය .
‘අපේ චිකාගෝ වල ඉන්න පුතා තමයි හැදුවේ .ON LINE මයි හැදුවේ .’
නෝනා පිළිතුරු දුන්නා .
“අංකල් ලට ඉන්දියාවේ විසා තියෙනවාද ?” ඔහුගේ ඒ ප්‍රශ්නයට අපි “නැහැ” යයි පිළිතුරු දුන්නා . එහෙනම් අංකල් ලට කොහොමත් ඇමෙරිකාවට යන්න වෙන එකක් නැහැ .ඉන්දියාවෙන් හරවලා එවයි” ඔහු කිව්වාම අපි හොල්මං වුනා .
‘අංකල් ලගේ ගමන් මාර්ගය වෙන්නේ ,ලංකාවෙන් ඉන්දියාවේ චෙන්නායි ගුවන්තොටුපලට .එතනින් වෙන ප්ලේන් එකකින් දිල්ලියට .එතැන ඉඳන් තමයි ඇමෙරිකාවට යන්නවෙන්නේ . ඉතින් ඉන්දියාවේ විසා නැතුව ඉන්දියාවේ චෙන්නායි සිට වෙන පරියන්තයක තියෙන ප්ලේන් එකට මාරුවෙන්න ටිකට් එක ගන්න ගුවන්තොටුපලෙන් එලියට එන්න බැරිවෙයි .’එම කවුන්ටරයේ සිටි පුතා කිව්වා .අපි ගුවන්යානය ලබා ගෙන තිබුනේ එයාර් ඉන්දියා ගුවන් සමාගමෙන් නිසා ,ඔහු ඒ ගුවන් සමාගම සමග කතාකරගෙන අපිට උපකාර කරන්න එයාර් ඉන්ඩියාසමාගමෙන් ඉදිරිපත් වන බවත් චෙන්නායි වලදී අපි හමුවට එන ‘මොහොමඩ්’ නම් ඒ මහතාට අපි දෙදෙනාගේ පාස්පෝට් දෙන ලෙසත් උපදෙස් දුන්නා .හැබැයි එහිදී මතුවන අලුත් ප්රශ්නය වන්නේ චෙන්නායි සිට නිව් දිල්ලිවලට යන යානය දිල්ලියට ගොඩබහිනවා සමගම ඇමෙරිකාව බලා යන යානය පිටත් වීමයි .ඒ උපදෙස් පිලි පදිමින් අපි කටුනායකින් පිටත් වුනා .
ධාවනපතයේ වේගයෙන් ඉදිරියට ය න ගුවන් යානයේ කව්ලුවෙන් වටපිට බලමින් යන මට යානය ගුවනට එසවෙද්දී අපේ විශාල ගොඩ නැගිලි ක්‍රමයෙන් පොලවට ගිලාබහිනවා සේ හැකිලී කුඩාවෙමින් යන ආකාරය පෙනුනා . අපේ ලංකාවෙන් ඈත්වෙමින් ගූවනට පිවිසෙද්දී හිතට ලොකු දුකක් දැනුනා .මිනිත්තු 20 වැනි පුංචි කාලයකදී අපේ රට දර්ශන පථයෙන් ඉවත් වුණා .අපේ ගුවන් යානය චෙන්නායි ගුවන් තොටුපලට ළගාවුවා යින් පසු අපි ඒ කෙන් බහිනකොටම ඉලන්දාරින් දෙදෙනෙක් “ටෝරාන්ටෝ -චිකිරිගෝ ,ටෝරාන්ටෝ -චිකිරිගෝ” කියල කෑගසනවා ඇහුනා .මට තේරුනා මේ චිකිරිගෝ කියන්නේ චිකාගෝ වලට බව .මම දෙමල බසින් අපි චිකාගෝ යන අය බව කිව්වා .අපි සමගම ඇමෙරිකාවේ ටොරන්ටෝ වලට යන ගැහැණු ළමයකුටත් අපේ ප්‍රශ්නයම වෙලා . [එයා ටත් ගුවන්තොටුපළෙන් එලියට යන්න බැරි ප්රශ්නය ] . අපි දෙගොල්ලගෙම පාස්පෝර්ට් ඉලාගෙන ඒ ඉලංදාරි දෙන්න වහාම නොපෙනී ගියේ මාවත් මගේ නෝනා අමිතාවත් ,අර නාදුනන තරුණියත් කාමරයකට දාලා .මිනිත්තු 15 කිං විතර ඔවුන් දෙදෙනා අපේ ටිකට් හදාගෙන ඇවිත් අපිව දිල්ලි බලා යන ප්ලේන් එකට දැම්මා .එම ගුවන් යානයේ සියලුම මගින් ආසනවල වාඩිවිසිටියේ අපි එනතෙක් බලාගෙන. අපි ගුවන්යානයට නැග්ග වහාම ඔවුන්ගෙන් SORRY කියලා අපි සමාවගත්තා .අපි අසුන්ගත වනවාත් සමගම යානය ගුවන් ගතවුනා .පොලවේ සිට අඩි 28,000 ක් ඉහලින් අපි නව දිල්ලියට ගියා .එතනත් අරවිදිහටම “චිකිරිගෝ -චිකිරිගෝ” කියකියා කොල්ලෙක් මොරගහනවා .හරියට බොරැල්ල බස් ස්ටෑන්ඩ් එකේ “ඔටුවා පිට ඔටුවා’ කියකියා කෑගහන බස් ගෝලයෝ ටික වගේ .ඉතිං අපිදෙන්නා ඉදිරිපත් වූ නාම ඔවුන් අපිදෙන්නාත් සමග ඇමෙරිකා යන්න සුදානම් ගුවන්යානවෙත දුවන්න වුනා .(අපේ ගමන් බෑග් අපිට පෙරම ඒ යානයට ඒවා තිබුනා .)

පෙර පරිදිම මෙම යානයේ සියලුදෙනා අසුන් ගෙන සිටි අතර අනික් දොරවල් වසා තිබුණ අතර ඉදිරියෙන්ම වූ දොරෙන් තමයි අපට පිවිසෙන්න වුනේ .ඔවුන් සැමදෙනා ගෙන් පමාවට සමාව යදිමින් අපවෙනුවෙන් රැඳීසිටීමට ස්තුති කරමින් අපෙ නියමිත ආසන වල වාඩිවී බඳ පටි තදකරගන්නාවත් සමගම ගුවන්යානය ගමන ආරම්භ කළා . ඉන්දියාවේ සිට ගුවන්යානා ඇමෙරිකාවට යන්නේ ඔබ අපි සිතන පරිදී කෙලින්ම බටහිර දිසාවට නෙමෙයි . එය ගමන් කරන්නේ කෙලින්ම උතුරු දිසාවට ගොස් රුසියාව ගුවනින් ම ස්පර්ශ කරමින් අනතුරුව බටහිර දිශාවට හැරී යුරෝපය ස්පර්ශ කරමින් උතුරු අර්ධගෝලයේ ග්‍රීන් ලන්තය මතින් නැවත දකුණට හැරී ,කැනඩාව, උතුරු අමෙරිකාව,ස්පර්ශ කරමින් පංච මහා විල් වලට ඉහලින් එහි එක විලක් වූ මිචිගන් විලට දකුණින් ඇති චිකාගෝ වලට එනවා .පැය 17 ක් එකදිගට ගුවනේ ම සරි සරනවා .(ඔබ ලෝක සිතියමක ලංකාවේ සහ මිචිගන් විලේ විශාලත්වය සන්නය කර බලන්න .) ගුවන් ගමනේ විස් තර සහ ඇමෙරිකාවේ රසවත් කතා ටිකටික කියන්නම් ....
උපාලි සෙනෙවිරත්න **ගාල්ලේ සිට (2017 -03 -16)******

No comments:
Post a Comment