**********ලස්සන
නවසීලන්තය-13 ***************
"මුහුදෙන්
යට" යන අරුත දෙන 'සබ්මැරින්' නමින් හැඳින්වූ අවට
පරිසරය හොඳින් පෙනෙන විදුරුමය කුටිරයක් තුල විදුරු බිත්තියට ආසන්නයෙන් වූ
සර්පිලාකාර තරප්පු පෙළ දිගේ අඩි 50 ක් පමණ මුහුදු පතුල
දක්වා අපි බැස්සා .මුහුදු පතුලේ පිහිටි
ගලට ද අපි බැස්සා .ඇත්තටම අඩි 50 ක් ගැඹුරේ දී
මුහුදේ ආලෝක තත්වය අඩුයි .ඒ පරිසරයේද මාළුන් හිටියා .මට මත්ෂ්‍යයන් ගැන වැඩි
දැනුමක් නැහැ .අපි ඒ පඩිපෙළ දිගේ ඉහලට එත්දී ඒ ඒ ගැඹුරවල් වල
ඉන්න මුහුදු ජීවින් බලමින් ඒ
විදුරු සිලින්ඩර ය මතුපිටට ආවා .දැන් අපි
ඉන්නේ පාවෙන ජැටිය මතයි. එහි වූ සීමිත
අසුන්වල මැණිකෙයි මමයි අපේ මුහුදු යාත්‍රාව
එන තෙක් වාඩිවී සිටියා .ටික වෙලාවකින් අපේ
රතුපාට යාත්‍රාව ජැටියට ලඟා වුනා .මා ඒ
යාත්‍රාවෙන් බහින අයගේ මුහුණු දෙස බැලුවා .ඔවුන් හැවෝම සතුටින් .ඒ කියන්නේ අපේ සංචාරය හොඳ වේවි .මමත්
මැණිකෙත් යාත්‍රාවට ගොඩවී ඉදිරින්ම වූ
ආසනය් වාඩි වුනා .යාත්‍රාව තුල සියදෙනෙක් පමණ සිටිය .යට තට්ටුවේ
හොඳ ආසන තිබුනත් එහි උඩ තට්ටුවේ (වහලයේ)හිටගෙන වටපිට බලමින් යාමට
හැකියි .යට තට්ටුවේ ඔබ ට රිසි පරිදි
බිමට "නේස්ටි " හෝ
"නෙස්කැෆේ "හෝ තිබුනා .කැමති කෙනෙකුට බිමට අපේ රටේ නිෂ්පාදිත "සිලෝන් ටි "
පැකට් ද
තිබුනා .
අපේ නව්කාව අපි රැගෙන ඇති විශාල කඳු
අතරින් බටහිර දෙසට එනම් දිවයිනෙන් බැහැරට
යනවා .මම ළඟ හිටිය තරුණයෙක් ගෙන් ඇහැව්වා"
දැන් අපි පිවිසෙන්නේ දකුණු පැසිෆික් සාගරයට ද"? කියලා .
ඔහු කිව්වා ."නැහැ . අපි නවසීලන්තයේ
බටහිර වෙරළින් එලියට යන්නයි යන්නේ -ඒ ඉන්දියන් සාගරයට
වියයුතුයි ."කියලා .මගේ භූ
ගෝලය දැනුම අඩුයි .එක හරි ඈති කියා හිතනවා . අපේ යාත්‍රාව පදවන්නේ අවරුදු 40ක විතර කෙනෙක් ඔහුට ඒ
මේ අත දුවමින් නව්කාව පදවන්නාට උදව්කරන්නේ අවරුදු 14ක පමණ පිරිමි ළමයෙක්
.මුහුණුවර සමාන නිසා ඔවුන පිය පුතුන් විය යුතුයි .ඒ පුතා අතේ වූ දුර දක්නය කින් අර
විශාල කඳු පාමුල පිහිටි ගල් කුට්ටි ආදිය නිරික්සනය කරමින් සිට 'පෙන්ගුවින්' යයි කියා නාවිකයාට එක දිශාවක් පෙන්නුවා. අපි ඒ
ආසන්නයටම ලංවුනා .ඒ ගල්කුලක් මත ලොකු පුසෙක් හිටගත්තා මෙන් සිටින පෙන්ගුවින්
ජෝඩුවක් පපුව ඉසරහට දාගෙන හිටගෙන හිටියා .හරියට
උපාධි කෝට් එක දා ගත්තු මහත්තුරු
දෙන්නෙක් වගේ ! ඒ ආසන්නයේ ගල්කුලක් මත
සිටි කලුපාට විශාල ගුලි වගයක් පෙන්වූ ඔවුන් අපිව ඒ දෙසට ගෙනගියා .ඒ අව්ව තපිමින්
සිටින "සීල් මත්ෂ්‍ය යන්" හත් දෙනෙක් පමණ ..උන් තරමක්
හොඳින් වැඩුන ඌරු පැටව් තරම් වෙනවා .ඔවුන්ගේ හමේ හරකෙක්ගේ වගේ රෝම
වැඩි තිබුනා . හැබැයි පාද වැඩිතිබුනේ
වරල් වගේ .උන් පාද ලෙවකමින්
ඉන්නාවිට හරිම අහිංසක පෙනුමක් ඇත්තේ [.නමුත් මා වෙනත්වෙරළකදී සීල් මත්ස්‍යයකුට කිට්ටුවිමේදී ඌ ගෙරවීම නිසා මා ඉවතට
පැන්නා .මගේ බිරිඳ එවිට ඒ අසලවූ බෝඩ් ලෑල්ලක් පෙන්නුවා .එහි සඳහන් වුනේ
"සීල් මත්ස්‍යයා ගේ දත් ඉතා තියුනු ය
.ඌ ද වල් සතෙකි .කරුණාකර ආසන්නයට නොයන්න .ඔබට මාරාන්තික ව තුවාල සිදු
කිරීමට ඌ ට හැක ,"]
ඉතා උස කඳු මුදුන්වල සිට ඇදහැලෙන දියඇළි
පාමුලටම අපේ යාත්‍රාව ලන්කරනවා .එවිට දිය
දහරාව අතින් ඇල්ලීමට ද හැකියි .ඒ උස කඳු අතරින් රට තුලට විහිදුනු සාගරය දිගේ .රටෙන් එලියට පැමිණි අපි ඉන්දියන්
සාගරයේ ටිකවෙලාවක් සරි සරා නැවත "මිල්ෆොර්ඩ් සවුන්ඩ්"හි පාවෙන ජැටියට
ගොඩවී එහි නවතාතිබු අපේ බසයට ගොඩවුනා ,(
පින්තුර බලන්න ..)මීළඟ ලිපියෙන් අපිටඑහදී හමුවූ ලංකාවේ කලා කරුවා ....
උපාලි
සෙනෙවිරත්න *******ගාල්ලේ සිට ***2019-06-18******
No comments:
Post a Comment