**********ලස්සන
නවසීලන්තය --8**********
"හුකා "
දිය ඇල්ල සහ මව්රි
ආදිවාසීන්ගේ රොටරුවා ගම්මානයේ දී
ලද ගිනි කඳු වල ආවාට කටවල් බඳු උණුදිය පොකුණු වල මතකය ද ඔවුන්ගේ නැටුම් ගැයුම් වල
රසයද තුරුළු කරගෙන අපි රන්ජිත් අයියා
ගේ කාර් එකට ගොඩවුනා .එහිදී එදිරි ආසනයට ගොඩ වූ මට තිබුන රාජකාරිය නම්
නොදන්නා රටක නුහුරු නම් ඇති සිතියමක(map
) බලාගෙන ඉදිරියේදී හමුවන
නගරය කුමක්ද ? අපේ මාර්ග අංකය කුමක්ද
?ඉදිරියේදී
හමුවන හන්දිය කුමක්ද ?යන්න ගැන
රන්ජිත් අයියාට කියන ඕනි .පැයට කි .මි .110 ක පමණ වේගයෙන් අපේ
මෝටර් රථය යනවා. ත්ව්පෝ ,නේපියර්,වයිපුකුරා ,පහියතුවා ,වැනි (කුණුහරුප නම්
වගේ මට පෙනුන) නම් සමහරක් ඒවා කිවෙනකොට
මටම හිනහත් යනවා .මං පළමු ලිපියේ සඳහන්කළ පරිදි මේවා මව්රි ගොතික නම්
.අතිවිශාල තව්පෝ හි විල වටා ගමන් කරමින් ඒ ආසන්න යේ දී ඈතින් දිස්වුනු ඉතා උස කන්දක් මුදුනේ ආදිපත්‍ය පතුරාගෙන සිටි හිම
තට්ටු කෙමෙන් දියවෙමින් දියපාරවල් සැදී
ඒවා කෙමෙන් එකතුවෙමින් විශාල දිය ඇලි
සදමින් තව්පෝ ජලාශය ට එකතුවන අයුරු දුටුවා . හරි ලස්සනයි . අපි හවස්
වනවිට නවසීලන්තයේ අග නගරයවන
"වෙලින්ටන් 'වෙත ලඟා වුනා
.එදා වෙලින්ටන් වලට වැහිබර දවසක් . අපේ අලුත් නවාතැන Capital View Motor
Inn .වෙලින්ටන්
නගරයේ උස තැනක පිහිටි මේ මොටෙල් එකට මුළු නගරයමත්
වරායත් හොඳින් පෙනුනා .2018-11-3 සිට 2018-11-05 දක්වා රාත්‍රී දෙකක් අපි මෙහි රැඳෙනවා
.වෙලින්ටන් නගරයේ පදිංචිව සිටින ඉමදුවේ උපන් කුෂාන් මල්ලි අපේ මොටෙල් එක ට තම
මෝටර් රියෙන් පැමිණ ඔවුන්ගේ නිවෙසට කැඳවාගෙන ගොස් තේ පැන් සංග්‍රහයක් කරා .
කුෂාන්
මල්ලිලා(නෑකමට මල්ලිලා වුවත් වයසේ හැටියට නම් පුතාලා )ගේ ගෙදරදී ඔහු ගේ දයාබර
බිරිද ත් ඔහුගේ මල්ලිත් හමුවුනා. එයට අමතරව ඔවුන්ගේ පව්ලේ
මිතුරියක වූ
"සජිවී නංගි "ද හඳුනා ගත්තා .ඇය
ඉතා සුන්දර භද්‍ර යොවුන් වියේ තරුණියක් .අැය තම මෝටර් රථයෙන් අපව
රැගෙනගොස් අගනගරය පෙන්නුවා . ලොකු අක්කත්
රන්ජිත් අයියාත් අපිව පසුදින එක්ක ගියේ එරට පාර්ලිමේන්තුව පෙන්වන්න .විශාල 'ස්ප්‍රින්' හතරක් උඩ සවිකර ඇති
කුළුණු මත මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ
භූමිකම්පා වලට ඔරොත්තු දීමටයි ..මී වදයක හැඩය නිසා bee
hive නම්වූ පාර්ලිමෙන්තු ගොඩනැගිල්ලේ පින්තුරයක් මගේ මුහුණු පොතේ පලකරමි .
උදෑසන ආහාරය ලෙස රසවත් කිරිබත් වේලක් කුෂාන් මල්ලිගේ
නිවසින් ලැබුනා .ඉන්පසු අපි ගියේ වෙලින්ටන්
වල ඇති කේබල කාර් බලන්න.ඒක ඉස්සර භාවිතා කල සරල ක්‍රමයක් .මමත් මැණිකෙත් ඒ
කෙබල්කාර් එකකින් අපි කන්දක් තරණය කළා .මේක බොහොම සරල ක්‍රමයකට ක්‍රියාත්මක වෙන්නේ
. (ගොඩනැගිල්ලක ලිෆ්ට් එකක් ඉහල පහල යන ආකාරයට යම් භාරදෙකක් ප්‍රතිවිරුද්ධ දිශා වලට චලනය කරවමින්) කොච්චි
පෙට්ටි දෙකක් කේබලයක ගැටගසා කන්දේ ඉහලට සහ
පහලට ගමන් කරවීමෙන් කෝච්චිය ඉහල පහල යනවා
.අනතුරුව අපි ගියේ උතුරු
නවසීලන්තයේ දකුනුකොනේ ඇති වෙලින්ටන් වරායේ
සිට දකුණු නවසීලන්තය ට ගමන්ගන්නා ferry (ෆේරි) ය බලන්න
.මා මුලදී හිතුවේ මා ත්‍රිකුණාමලයේ සේවය කරත්දී කින්නියා කලපුවේදී භාවිතාකල
පාලම පාරුව වගේ එකක් ගැනයි .එහි සාමාන්‍ය යෙන් මිනිසුන් 50ක් සමග ලොකු ලොරියක් හෝ බස් එකක්
එගොඩ මෙගොඩ කළහැකි එකක්.නමුත් නවසීලන්තයේ
"ෆේරිය 'පාරුවක් නොවෙයි .විශාල
නැවක් .එහි වාහන 100කට වඩා පටවා මිනිසුන් සියගණනක් නැගිය හැකි එකක්.ඉන් පසු එම
ෆේරියඋතුරැ නවසීලන්තයේ සිට දහුණු නවසීලන්තයේ (උතුරු කොනේ )ආසන්නම ලක්ෂය වූ Blenheim වෙත ප්‍රවාහනය වෙනවා .
එදා රාත්‍රී
අහාරය ලබාගැනීමට අපි "මැඩමාම්"නම් ප්‍රසිද්ධ භෝජනා ගාරයට ගියා .එහි චෙෆ්
වරුන් කීපදෙනෙක් ගජරාමෙට වැඩ .එක්කෙනෙක් මට කටපුරා හිනාවුණා .නමත් ඔවුන් ආහාර
පිළියෙළ කරමින් සිටිනිසා කිසිකෙනෙක් කතා කරන්නේ නැහැ .සුදු රැලි තොප්පියක් දාගෙන
සිටි ඔහුව මට හඳුනාගන්න අමාරු වුනා .කුෂාන් මල්ලි මගෙන් ඇහැව්වා ;
"අයියට
අඳුරගන්න බැරි වුනා නේ ?.ඒ අපේ මල්ලි"
"එයා කැම්පස් ඒකේ ඉගෙනගන්නවා
නේද ?" මම ඇසුවා .
'ඔව් අයියා ..එයා දවල්ට
කැම්පස් යනවා .රෑ ට චෙෆ් වැඩේ කරනවා .එයා ඒක කරන්නේ හරි කැමැත්තෙන් .කුෂාන් මල්ලි කිව්වා .අපේ කාම
මේසය ලැහැස්තිවෙද්දී අර මල්ලි සිය රාජකාරිය නිමකර
කාමරයට ගොස් .ඉක්මනින් මුහුණ කට සෝදාගෙන රාත්‍රී කෑමට අඳින මනා ඇඳුමෙන්
සැරසි අපිසමග මේසයට විත් කෑම ගත්තා .
පසුදින ලොකු
අක්කා සහ රන්ජිත් අයියා කුෂාන් පවුල සමග සජිවා නංගි ත් ඒ රටේ සති පොළක් බලන්න ගියා .භාෂාවේ වෙනස විතරයි .අපේ රටේ ඉරිදා
පොළක්තමයි එහි තිබුනේ .එක වීවුර්ත ලොරියක
කොල්ලෝ තුන් දෙනෙක් ගෑස් ලිපක් භාවිතා කරමින් ලේන්සු රොටි හෙවත්
ගෝදම්බ රොටි ගහල ඒ රටට හරියන විදිහට බැදපු චිකන් පෙත්තක් ,චීස් ටිකක් ග්රෙට්කරලා දාලා සෝස් ටිකක් දාල කැමක්
හදලා දෙනවා .එතන සෙනග වැඩිනිසාත් ඔවුන් ඉන්දියන්කාරයන් සේ පෙනුන නිසාත් අපි ඉන් ඔබ්බට ගොස් චීනෙක් ගෙන් කෑම කාල එනවා .එතකොට අර ලොරියේ සිටිලොකු ඉලන්දාරියා
කෑම දිසී දෙකක් දැතට තියාගෙන ගෝලයන්ට
කියනවා ,
" මල්ලි මේක
අර පොල්කිච්චා ට දීපං ,මේක අර පොල්කිච්චිට දීපං "කියලා ඔහු
හොඳ සිංහළෙන් කියනවා .
මම සෙනග මැද
ඉඳන් ඇහැව්වා "ඒයි මල්ලි උඹ මට
පොල්කිච්චා කිව්වා නේ ද?"කියලා .
එවිට ඔහුකියන
ව "ආ අයියා ලංකාවේ වගේ නේ .ඔහොම ඉස්සරහට එන්ඩ .වැඩක් නැහැ නේ - අයියල චිනගෙන්
කෑවනේ?" කියලා . අපි
හිතුවේ ඔයාලා ඉන්දියන් කියලා .ලොකු අක්ක කිව්වා .එවිට ඔහු කියනවා ,"හහා අක්කේ මු ඉන්දියන්කාරයෙක් .සිංහලත්
තේරෙනවා .කියලා එක ළමයෙක් ව පෙන්නුවා .අනිත් කෙනාව පෙන්නා මෙයා හපුගල .මම කෑගල්ලේ
.ඔහු කිව්වා .ඒහි තව ලංකාවෙි ලමයෙක්
හිටියා.ඔහු කිව්ව අනිත්දේ තමයි
"මම
සුද්දන්ට පොල්කිච්චා කියලත් ,සුද්දියන්ට පොල්කිච්චි
කියලත් කියනවා" කියලා .මම දැනට අවරුදු 13 ක් වෙලින්ටන් වල මේ වැඩේ කරනවා .මේ
මල්ලිලා 3න දෙනාම විශ්ව විද්ද්යාලය වල ඉගෙන ගන්න ළමයි.සති අන්තවල ඔවුන් මගේ ගාව
වැඩකරලා වියදම හොයාගන්නවා .ඔවුන් යනවිට වෙන ලංකාවේ ළමයි තුන් දෙනෙක් මට සෙට් කරල දෙනවා .කියල .
'මල්ලි ඔයා අපේ රටේ
ඇමති කෙනෙක්ට වඩා සේවයක් කරනවා .අව්රුදු
13ක් කැම්පස් කොල්ලෝ 3න් දෙනකුට
රස්සාව දෙන එක ලොකු පිනක් ."
මම එතනින්
ඉවත්වෙද්දී ඔහුට කිව්වා .
*******උපාලි
සෙනෙවිරත්න ****ගාල්ලේ සිට
******2019-05-23 ****
No comments:
Post a Comment