c
මව්පිය දු දරු සම්බන්ධය ගැනවටිනා ලිපියක් අපේ එඩ්වින් පීරිස් ගුරුපියාණන් මුහුණු පොතට ඒවා තිබුණි .බටහිර කරණයට හසුව රැල්ලට ගසාගෙන යත්දී බේරෙන්න එල්ලෙන සිංහල පෙරදිග ගති සිරිත් නමැති ‘වැල් පහුරු’ අපිට එකින් එක අතහැරෙන්නේ අපිටවත් නොදැනි මයි .පීරිස් සර් ගේ ලියුමේ අවසානයට සඳහන්වන ආකාරයට ම අපෙත් අනාගත ලංකාවේ මහලුමඩම් වලට වැදගත් තැන ක් ලැබේවි . එදාට ඔබේ මුණුපුරන් තම පියවරුන් ව බලන්න සමහරවිට මව්පිය දිනයට ‘මහලු මඩම’ පැත්තේ ඒවි .එත් මහලු අම්මලා ට නම් ඊට වැඩිකාලයක් ගෙදර ඉන්න ලැබේවි . ඒ තම දරුවන්ගේ දරුවන් බලාගන්නා “නැනි” වැඩේ කරන්නය .එනිසා මා ඔබට කියමි ඉඩක් ලැබුනොත් පෙරදිනක රාවයේ පළවූ ‘විශ්‍රාම යාමට ඔබ සුදානම් ද ?’ ලිපිය කියවන්න . එහිදී වික්ටර් පවසන්නේ “දෙමව්පිනි ඔබේ ගේදොර දේපොළ දරුවන්ට පැවරීමේදී සැමවිටම තමුන් දෙපොළගේ සුරක්ෂිත බව සුරැකෙන පරිධි එය කරන්න .තමුන්ට කැමති දෙයක් කන්න බොන්න හෝ ගමනක් බිමනක් යන්න අවශ්‍ය ආදායමක් වයස්ගත දෙමව්පියන් අත තබාගන්න.” යන්න ඒ ලිපියේ සාරාංශය විය .එය එක්තරා සිදුවීමක් මට සිහිගැන්විය .ඒ මෙයට වසර 20 කට පෙර සිදුවුවකි .අපි ඒ කතාව අසමු .
කාලය 1998 වසර තරම් යයි සිතමි .ස්ථානය අම්බලන්තොට බැරගම රෝහලයි . වැඩිහිටියන් දෙදෙනෙක් තවත් තලත්තැනි පුද්ගලයෙක්ව වත්තම් කරගෙන මෙන් එගමේ ප්‍රධාන වාහනය වූ අත් ට්‍රැක්ටරයෙක පිටුපස කොටසේ තබාගෙන රෝහලට එනවා පෙනුනි.ලෙඩා සුදු සරමකින් සහ සුදු කමිසයෙකින් සැරසී සිටියේය. හිසේ සිට ම ඇඳුමෙන් ද වතුර බේරෙමින් තිබුණි .එක් වැඩිහිටියෙක්
‘සර් අපි එනකොට ඉස්කෝල කොල්ලොටිකක් මේ මනුස්සයාව කොටියෙක් කියලා “ඇලකානුව” කට තල්ලුකරලා තිබුනා . මොකද කොල්ලෝ දැකලා තියෙනවා ඊට ඉස්සෙල්ලා මිනිහා කනේරු ඇට වගයක් කනවා .’යයි පැවසිය .
තොරතුරු සෙවීමේදී ඔහු ගේ දැඩි කාලවර්ණ ශරීරයත් ,උග්‍රවසක් වූ කණේරු ඇට සපමින් සිටීමත් අසන කිසිදු ප්‍රශ්නයකටපිළිතුරු නොදීමත් කොල්ලන්ගේ සැකයට හේතුවී තිබුණි . ඒ යුගයේ වරින්වර “ඔන්න අසවල් ඉස්කෝලෙට කොටි බෝම්බ කාරයෙක් ඇවිල්ලා” යයි හාහුවක් යන අතර දෙමව්පියන් පන කඩාගෙන පාසල් කරා දිවීමත් ,ගොස් බැලුවිට කොටියෙක් තබා බලුබල්ලෙක් වත් එහි නොමැතිවීම නිතර සිදුවූ දෙයකි . ඒ බැවින් මොහු කොටියෙක් යයි සිතා ඔහුව ඇලට තල්ලුකර තිබුණි .මා ඔහුගෙන් අසන කිසිදු පැනයකට පිළිතුරු නොදී මුනිවත රැකි බැවින් මම ඔහුගෙන් දෙමලෙන් ප්‍රශ්න කලෙමි .එහිදී තරමක් නොරෝක්වූ ඔහු
“සර් මං දෙමළෙක් නෙවෙයි” තරමක් තදින් කිව්වේය .
ප්‍රශ්නයේ වැදගත් කොනක් පෑදුනි .ඔහු සිංහල බැවින් ඔහු සමග දැන් ගනුදෙනු කිරීම පහසු ය .පළමුව කලයුත්තේ ඔහුගේ ආමාශයේ ඇති කනේරු ඇට එලියට ගැනීමයි .මගේ නියමය පරිදි උපස්ථායිකා සෝමා මහත්මිය ‘ආප්පසොඩ’ (බයිකාබනේට් සෝඩා)ලොකු ජෝග්ගුවක් හදාගෙන පැමිණියා ය .පේමසිරි සේවක මහත්මා ගාසයෙන් දැමීමට ගෙනා ‘හෝස්බට’ය දුටු මට ඇතිවුයේ තරහක් නොව සිනහවකි .එය අඟල් ½ තරම් ඝණ එකක් බැවින් නාසයෙන් කිසිසේත් දැමිය නොහැක .රෝගියා සෝඩා බිම ප්‍රතික්ෂේප කළේය . එසේනම් හෝස් බටය නාසයෙන් බඩට ඇතුල්කිරීමට සිදුවන් බව කීවෙමි . හෝස් බටයේ සයිස් එක දැක බියවූ රෝගියා සෝඩා ජෝග්ගුව අතට ඉල්ලාගෙන බීගෙන -බීගෙන ගියේය .ස්වල්ප වෙලාවකින් ඔහු කොරිඩෝවට දුවගෙන ගොස් “ඇතුල් බඩ -කටින් පිටකරන්නට” විය .එහි පැහැදිළිවම සපන ලද කනේරු ඇට දකින්නට තිබුණි .ඔහුට සේලයින් එකක් නංවා ගිලන්රථ ය සුදානම් වනතුරු පිළිසදරේ යෙදුනෙමි .
“සර් මම ------- (ගාල්ල ප්‍රදේශයේ උප නගරයක ) පදිංචි ව්‍යාපාරික යෙක්.මට හොඳ කඩයක් තියෙනවා . දවසට රුපියල් දහස් ගණනක, ලක්ෂ ගානක බිනස් තියෙනවා . අපේ පුතා දවසක් මට කිව්වා,
‘තාත්තේ මට ලෝන් එකක් ගන්න ඕනි .ඒකට මට බැංකුවට පෙන්නන්න වත්කමක් ඕනි . පුලුවන්නම් තත්තා ගේ ව්‍යාපාරය මගේ නමට ලියලා දෙන්න’ කියලා . මට ඉන්නේ දුවයි පුතයි විතරයි .දුව හිතුවක්කාරෙට විවාහයක් කරගත්ත නිසා පවුලෙන් ඈත්වෙලා හිටියේ .ඉතින් මම දෙවරක් නොසිතා මගේ මුළු වත්කම පුතාට ලිව්වා .”
ඔහුගේ කතාවේ ආම්භය එයයි .ඔහුගේ තොරතුරට අනුව දුවගේ හිතුවක්කාර විවාහය නිසා බිරිඳ සහ පුතා දියණිය සමග වෛරයෙන් සිටියත් ඔහු දියණියට ආදරය කළේය .ගෙදරට නොකියා දියණියට මුදල් හදලින් උපකාර කලේද , ‘එත් මගේ දරුවෙක්’යන ඒකායන අදහසිනි .
ඔහුට සියදිවි නසාගැනීමේ අදහසක් ඇතිවන්නේ මෙසේය .මේ ව්‍යාපාරිකයා තම සියලු වත්කම පුතාට ලිවීමෙන් පසු ද ඔහුතම ව්‍යාපාරයෙන් යම් මුදලක් තම දියනියට සුපුරුදු ලෙස දෙනලදී .එයට උරණවූ පුතා
“තාත්තා දැන් මං කැමති නැහැ මගේ සල්ලි අක්කාට වියදම් කරනවා ට” යයි ප්‍රකාශ කිරීමය .මෙතක් ස්වාධින මෙන්ම සාර්ථක ව්‍යාපාරික ක් වූ ඔහු
‘දැන් මට ඕනි විදිහට වියදම් කරන්න ශත පහක් නැති මිනිහෙක් ?’යන්න දෑනුනවිට ඔහු තුල ඇතිකළ කඩාවැටීම කොයිතරම් දැයි සිතන්න .
‘මගේ මිනියවත් උඹලාට දකින්න නොලැබේවා!’යි සිතා හම්බන්තොට බැරගම වැනි පිටිසර පළාතකට පැමිණ කනේරු ඇට කිහිපයක රස බැලුවේ එබැවිනි .පෙර වාසනාවකට ඔහු ක්ෂණිකව මට යොමුවීමත් මට අමාශගත විෂ ඉවත්කිරීමට හැකිවීමත් සිදුවිය . ඔහු ගේ පාපොච්චාරණය අසලසිටි අප කාටත් මහත් කම්පනයක් ඇතිකළේය .මොහොතකින් අප ඉදිරියේ නතරවූ ගිලන්රථයට පැටවූ ඔහු රැගෙන රථය මාතර මහරෝහල බලා ඉගිල්ලුනි .
නැවත ගිලන් රිය අපේ රෝහලට ආවිට රියදුරු දිසානායක මහතා පැවසුවේ
‘සර් අපේ ඇම්බ්යුලන්ස් එක මාතර රෝහලට අතුල්වෙනකොටම අනිත් පැත්තෙන් හොඳ ‘හයිෆයි’ වාහනේ කුයි පුද්ගලික ඇම්බ්යුලන්ස් එකකුයි ආවා .ඒ ආවේ මුදලාලි ගේ පුතා .එයා කෙලින්ම ඩොක්ටර් හමුවුනා . ලෙඩා අරං කොළඹ පුද්ගලික රෝහලකට අරන්ගියා .පුතාගේ ඇස්වල කඳුළු පිරිළා තිබුනා .ඇත්තටම ඒ දුකට ද ,නැත්නම් තමුන්කරපු දේ ගැන ලැජ්ජාවට ද දන්නේ නැහැ .’ කියාය . අවසන් වශයෙන් විශ්‍රාමයාමට ආස්සන වයසේ වැඩිහියන්ට මෙසේ කියමි .දරුවන්ට දේපළ පවරන්න .හැබැයි ඔබටත් යමක් අතේ තියාගන්න .
උපාලි සෙනෙවිරත්න *****ගාල්ලේ සිට *****(2017 -06 -28 )******
| Virus-free. www.avast.com |
No comments:
Post a Comment