*******කඳුළු පබළු ********
හදේ ඉපදෙන සීත කඳුලක් -නෙතින් පිස නොම දමා අහකට
සෙමින් අරගෙන ඇඟිලි තුඩකට - පන්හිදෙන් ඔප දමා හැඩකොට
රැගෙන කඩදාසියක් හැඩයට - එකම මේසේ තබා කුටියක
එව්වේ කොහොමද හදා රස කවි -පෙළක් මේ ලෙස අපේ දෑතට
ඔබව හැරගිය ඔබේ ලෝකේ -සිඳුන සිහසුනේ කැබලි අබියස
වැටුණු මුතුකැට එකතු කෙරුවා -සෑම දිනකම සවස පැසකට
සැලෙන අතැඟිලි වලින් අරගෙන -එකින් එක ගලපලා ඒ කැට
සැදු මාලය එවමි ඔබවෙත - උපන් දිනයට තෑගී කෙරුමට
******උපාලි සෙනෙවිරත්න ****ගාල්ලේ සිට ****2018-04-21 **
No comments:
Post a Comment